Tuesday, September 5, 2017

Gluten-Free (ග්ලූටින් රහිතයි) ආහාර ගැන දැනුවත්ද?

වෙළදපොලෙන් ආහාර ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න යද්දි එහි ඇසුරුමේ Gluten-Free / ග්ලූටින් රහිතයි යන්න සදහන්ව ඇති බව ඔබ දැක ඇති. ‘‘ග්ලූටින් රහිත‘‘ යන්න සදහන් නිෂ්පාදන ගැනිමේ නැඹුරුවකුත් විටෙක පෙන්වනවා.
මොනාද මේ ග්ලූටින්?
මෙයින් වන බලපෑම කුමක්ද?
එන්න අපි කතා කරමු



ග්ලූටින් හා ග්ලූටින් රහිත ආහාර ගැන දුර්මත බොහෝමයක් සමාජයේ තියනවා.  එමෙන්ම පෙර සදහන් කල පරිදි ග්ලූටින් රහිත නිෂ්පාදන මිලදිගැනිම සම්බන්දව යම් ප්‍රවනතාවක්ද සමාජයේ පවතිනවා. නොදන්න මිතුරන්ට දැනගන්න, දුර්මත දුරුකරන්න මේ ලිපිය ලියන්න හිතුවා.

ග්ලූටින් යනු ජලයේ අද්‍රාව්‍ය ප්‍රෝටිනය සංයෝගයක්. බොහෝ දෙනෙකු පරිභෝජනය කරන තිරිගු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග වල ග්ලූටින් හමුවෙනවා.  




ග්ලූටින් සහිත ආහාර පරිභෝජනයෙන් ඇතැමෙක් හට අපහසුතා කිහිපයක් ඇතිවිය හැකියි. ග්ලූටින් අසාත්මිකතාව, ආහාරමාර්ගයේ ආබාධ (Celiac Disease), ග්ලූටින් සංවේදිතාව ග්ලූටින් හා සබැදි ප්‍රධාන කාරණා වේ. 


ඇතැමෙක් පුද්ගලයන් ග්ලූටින් පරිභෝජනය කලහොත්, ආහාර මාර්ගයේ අභ්‍යන්තර බිත්තියට බලපෑම් ඇතිවේ. පෝෂණ අවශෝෂණයට බාදා ඇතිවේ. මීට සමගාමිව  උදරයේ වේදනාව, අජීර්ණය, ඉදිමිම හා ශරිර බර අඩුවිම පෙන්වයි. Celiac Disease ලෙස හැදින්වන මෙය  රුධිර පරික්ෂණයක් මගින් තහවුරුකරගත හැකියි. මෙවැනි පුද්ගලයන් තරයේම ග්ලූටින් සහිත ආහාරයන්ගෙන් වැලකිය යුතුවේ. 

රටවල් කිහිපයක ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 
නමුදු ලෝක ජනගහනයෙන් මෙම රෝගය සහිත පුද්ගලයන් ප්‍රතිශතයක් ලෙස සුළු අගයක් ගනි.


හැංගිච්ච ග්ලූටින් විරෝධීන් ටිකකුත් ඉන්නවා. මෙයාලා දන්නේ නැ, ඔවුන්ගේ සිරුරු ග්ලූටින් ප්‍රතිරෝධි කියලා. ඉහත සදහන් කල තත්ත්වයේදි මෙන් මේ පිරිසගේ ආහාර මාර්ගයට හානියක් වෙන්නේ නැ. වැඩේ කියන්නේ පෙරදි මෙන් රුධිර පරික්ෂාවකින් හොයාගන්නත් බැ. නමුත් පෙර සදහන් කල රෝග ලක්ෂණ යම්තාක් දුරකට මතුවිය හැකියි. මෙය ග්ලූටින් සංවේදිතාව ලෙස හදුන්වනවා.

ඔබට ඉහත රෝගයන් වැළදුණු කෙනෙක්නම්, ග්ලුටින් රහිත ආහාර භාවිතය නුසුදුසුයි. නමුදු එසේ නොවන්නන්ට එහෙම කැපි පෙනෙන ගැටලුවක් ඇතිවන්නේ නැ/පරිභෝජනයෙන් ගැටලු ඇතිවන්නේ නැ. 




සමාජයේ දුර්මතයක් තියනවා, ග්ලූටින් සහිත ආහාර පරිභෝජනයෙන් ස්ථූලභාවය ඇතිවෙනවා කියලා. නමුත් මේ මතය තහවුරු කරන්න විද්‍යාත්මක සාදක මෙතෙක් හමුව නැ. ඉතින් ඔයා ග්ලූටින් සහිත ආහාර වලින් වැලකි සිටියා කියලා කෙට්ටු වෙන්නේ නම් නැ. එහෙම හිතලා ග්ලූටින් රහිත නිෂ්පාදන හොය හොය කාලා වැඩක් නැත.

ඊලග සැරේ කඩේ යද්දි මේ ගැනත් මතක තියාගන්න.
රැල්ලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න එපා!

No comments:

Post a Comment