Saturday, November 5, 2016

ඇයි මදුරුවන්ට HIV සම්ප්‍රේශණය කරන්න බැරි?

මදුරුවන්  ඩෙංගු, මැලේරියා වැනි දරුණු රෝග වාහකයන්. 
ඒ රෝග පතුරවන විදිහටම,  
HIV ආසාදිත පුද්ගලයකුගේ ලේ බිපු මදුරුවකුට, තවත් නිරෝගි මිනිසෙකුට HIV සම්ප්‍රේශණය පුලුවන්ද?
ඒ ගැනයි අද කතාව. 





HIV (human immunodeficiency virus) ගැන නොදන්න කෙනෙක් නැනේ. 

HIV ආසාධිත පුද්ගලයකුගේ ලේ උරා බීපූ මදුරුවෙක්ට, නිරෝගි පුද්ගලයකුගේ ලේ උරා බොන අවස්ථාවේදි අදාල ිනිරෝගි පුද්ගලයාට HIV සම්ප්‍රේශණය කරන්න පුලුවන්ද?

පිලිතුර - බෑ

ඇයි ඒ?



මදුරුවන් විසින් ලේ උරාබිමට බාවිතා කරන බාවිතා කරන තුඩෙ, තනි තුඩක් වගේ පෙනුනාට, එය කොටස් 6 කට බෙදිලා තියෙන්නේ. එයින් කොටස් 4ක් මගින් මිනිසකුගේ හෝ සත්ත්වයකුගේ සම සිදුරු කිරිමයි සිදු කරන්නේ. ඉතිරි කොටස් දෙක, නාල දෙකක්. මෙම නාල දෙකෙන් එකකින්, මදුරුවාගේ ඛේටය, මිනිස් ශරිර ගත කිරිම සිදුකරවා. අනෙක් නාලයෙක් කරන්නේ, මිනිස් හෝ සත්ත්ව ලේ උරා ගැනිමයි. ලේ උරාගැනිම හා ඛේටය ඇතුල්කිරිම කරන්නේ නාල දෙකකින් නිසා, ආසාධිත රැධිරය මිනිස් ශරිර ගත කරන්න ඉඩක් ලැබෙනේනේ නැ. 


මදුරුවකු HIV සහිත රුධිරය උරා බිව්වාත්, මදුරුවාගේ ආහාර මාර්ගය තුලදි HIV හට ගුණනය විමට අවස්ථාව ලැබෙන්නේ නැ. මදුරුවාගේ අාහාර ජිර්ණ පද්ධතියේ ඇති එන්සයිම මගින් HIV විනාශ කර දමනවා. මේ නිසා මදුරුවාගේ ඛේට ග්‍රන්ථි දක්වා ගමන් කිරිමට HIV වලට හැකියාවක් ලැබෙන්නේ නැ.
රෝගය  පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සම්ප්‍රේශණය වීමට නම්, වෛරසය ප්‍රමාණත් තරමින් දායකයාගේ රැධිරයට ඇතුල් විය යුතුයි. නමුදු මදුරුවකු විසින් ්‍HIV සහිත රුධිරය රැගෙන එන්නේ නම් (නමුත් ඉහත හේතු මගින් එය සිදුවිය නොහැකි බව පෙන්වා ඇත) රෝගය සම්ප්‍රේෂණය සදහා ප්‍රමාණවත් මට්ටමට පත්විම සදහා, මදුරු දෂ්ඨණ මිලියන 10ක් වත් සිදුවිය යුතුයි. 

ඉහත දැක්වු කරුණු හේතුවෙන් HIV රෝගය, මදුරුවන් මගින් සම්ප්‍රේශණ්ය‍ විමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුබව පැහැදිලි වේ. 

දැන් ඔයාලාට ප්‍රශ්ණයක් එයි ඇයි එහෙනම් මදුරුවන්ට ඩෙංගු,මැලේරියා පතුරුවන්න පුලුවන් වෙන්නේ කියලා? 

ඩෙංගු, කහ උණ වගේ වෛරස මගින් මදුරුවාව ආසාධනය කරන්න පුලුවන්. ඒ නිසා මදුරුවාගේ ශරිරය තුලදි  වෛරස ගුණනය විමට ලක්වෙනවා. නැතිනම් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් HIV එහෙම වෙන්නේ නැ.

- රොෂීන් ප්‍රනාන්දු

2 comments:

  1. හොඳ ලිපියක්. මට තිබ්බ ලොකුම ගැටළුවක් ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ කියන එක. ඒ කියන්නෙ කොහේ හරි තියෙන ඉඳිකටු තුඩක තියෙන ලේ බිංදුවකිනුත් HIV බෝ කරන්න බැරිද?

    ReplyDelete
  2. // මදුරුවාගේ අාහාර ජිර්ණ පද්ධතියේ ඇති එන්සයිම මගින් HIV විනාශ කර දමනවා. //

    මේ එන්සයිමය HIV පාලනය කිරීමට යොදාගන්න බැරිද?

    //රෝගය සම්ප්‍රේෂණය සදහා ප්‍රමාණවත් මට්ටමට පත්විම සදහා, මදුරු දෂ්ඨණ මිලියන 10ක් වත් සිදුවිය යුතුයි. //

    HIV හැදෙන එක ඊට වඩා හොඳයි....

    ReplyDelete