Monday, May 8, 2017

ලියුම් යවන්න ලිපිනය එපා !!! සිතියම අදින්න!!!

ලියුමක් යවනකොට එය ලබන්නාගේ ලිපියනය ලිවිම අත්‍යවශ්‍යයි නේ. නැතිනම් කොහොමද එය හරියටම අවශ්‍ය කෙනාට ලැබෙන්නේ? 
නමුත් ලබන්නාගේ ලිපිනය නොලියා, ගෙදරට යන පාර ලියුම් කවරයේ සිත්තම් කරොත් මදිද?



මේ අරුම සිද්ධිය වාර්තා වෙන්නේ අයිස්ලන්තයෙන්.

අයර්ලන්තයේ ගම්බද ප්‍රදේශයක පිහිටි කුඩා ගොවිපලක් නැරඹීමට සංචාරකයින් පැමිණිලා තියෙනවා. ගොවිපලේ සතුටින් ගතකල ඔවුන් නැවත පැමිණිමේ අරමුණින් පිටව ගොස් තිබෙනවා.

තම සංචාරය අවසන් කරලා නැවත ගම්බිම් බලායන්නට සූදානම් වූ සංචාරකයින් පිරිසට ගොවිපලට ලිපියක් යවන්න අවශ්‍ය වෙලා තිබෙනවා. නමුත් ඔවුන් ලග ගොවිපලේ ලිපිනය තිබිලා නැ.

ඒ නිසා ඔවුන් අපූරු උපායක් යොදාගෙන....

ලිපිනය වෙනුවට යන පාර ලියුම් කවරයේ ඇදිම.



ඔවුන් විසින් ලියුම් බෙදන්නන්නට පැහැදිලි වන ලෙස හැකි අයුරින් ලිපි කවරය මත ගොවිපලට යන පාර ඇදලා තියනවා. 

සිතියම ඇදිමෙන් ඔබ්බට ගොස්, 'A horse farm with an Icelandic/Danish couple and three kids and a lot of sheep, 'The Danish woman works in a supermarket in Búðardalur.'වැනි ගොවිපලේ වෙසෙන්නන්ගේ තොරතුරුද කවරය මත සටහන් කලා.

ඔවුන් මෙම ලිපිය අයිස්ලන්ත අගනුවර වන රෙජ්වික් හිදි තැපැල් කරනවා. 

අයිස්ලන්ත තැපැල් සේවය මගින් මෙම ලිපිය ගොවිපල වෙත ගෙනගිය බව ඇසුවොත් ඔබ පුදුම වේවි. ඔව්, එය සත්‍යයක්. අයිස්ලන්ත තැපැල් සේවය රාමුවෙන් ඔබ්බට ගොස් සේවය සපයා තිබෙන බව නම් පැහැදිලිය.

අයිස්ලන්තය ගැන කරුණු කිහිපයක්.

  • අයිස්ලන්ත අගනුවර වන රෙජ්වික් (Reykjavík) නගරය, ලොව උතුරින්ම පිහිටි අගනුවරයි.
  • අයිස්ලන්තයේ පෞද්ගලික රෝහල් නැත.
  • අයිස්ලන්තයේදි ඔබට මදුරුවන් හමුවන්නේ නැත.
  • මෑතක් වන තුරු අයිස්ලන්තයේ  බල්ලන් සුරතලුන් ලෙස ඇතිකිරිම තහනම් ය.
  • 1989 වනතුරු බියර් තහනම් රටකි. 
  • බොහෝ දෙනෙකුට වාසගමක් නැත.


මේ ලිපිත් කියවන්න







2 comments:

  1. අම්මෝ ..මන් දැන් වැඩ කරන්නේ ගෙවල් වලට ගිහින් වැඩ කරන ටෙක්නිශියන් කෙනෙක් විදියට නේ ..අම්මෝ සමහර අයගෙන් පාර ඇහුවම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැ බං , ගෙදරට එන පාර කියන්ඩ තේරෙන්නේ නැ මේ මිනිස්සුන්ට

      Delete