Saturday, February 18, 2017

ඇමරිකාවේ දරුවන් තැපැල් කිරිම - Baby mail

පාර්සල් තැපැල මගින් බඩු බාණ්ඩ තැපැල් කිරිම සාමාන්‍ය දෙයක් නේ.
නමුත් පාර්සල් තැපැල මගින් දරුවන් තැපැල් කරන්න පුලුවන්ද?
එහෙම වෙච්ච අතිතයක් ගැනයි මේ කතාව‍





1913 ජනවාරියේ සිට ඇමරිකානු තැපැල් සේවය (USPS) විසින් පාර්සල් තැපැල හදුන්වා දෙනවා. ඒ කාලේ හැටියට පාර්සල් තැපැල හදුන්වාදිම ඉතියෝපියාවට පාන් පෙන්නුවා වගේ. ඇමරිකාවේ ඇත ප්‍රදේශ වල පදිංචි වෙලා ඉදපු ඥාතින් අතර භාණ්ඩ හුවමාරුව වේගවත් වුනා.

මේ අල්ලපනල්ලේ, පාර්සල තැපැල මගින් දරුවන් තැපැල් කරන්නත් පටන් අරගෙන තියනවා. 



දුර ඈත ඉන්න සියා, ආච්චි වෙත දරුවන් තැපැල් මගින් යවලා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තියනවා. 

Baby mail තැපැල් ගාස්තුව සත ගණනක් වූ  අතර, තැපැල් මුද්‍රාව දරුවාගේ මුහුනේ හෝ ඇදුමේ සටහන් කර තිබෙනවා.  මෙය සාහසික ක්‍රියාවක් ලෙස පෙනුනත්, Baby mail ක්‍රියාත්මක වන සමය තුල දරුවන් නැතිවිම, අනතුරට ලක්විමක් සිදුවු බවට සාධක නැ. තැපැල්කරුවන් විසින් දරුවන් ඉතා හොදින් ප්‍රවාහණය කොට තිබෙනවා. අවශ්‍ය නම්, තැපැල් භාණ්ඩ සදහා රක්ෂණාවරණයක්ද ලබාගත හැකියි.



පවුලේ සාමාජිකයින් සමග එක්ව දුම්රිය ගමනක යෙදෙන අවස්ථාවල කුඩා දරුවන්ට දුම්රිය ප්‍රවේශපත් ලබාගැනිමට මුදල් නැති විට ද Baby mail භාවිතා කර තිබෙනවා. කුඩා දරුවන් ‘‘ තැපැල්‘‘ යන මුද්‍රාව යටතේ ප්‍රවාහණය කල විට, ප්‍රවේශ පත් සදහා අමතර මුදලක් වැය වන්නේ නැ.

Baby mail සේවාව මගින් දරුවකු වැඩිම දුරක් තැපැල් කල අවස්ථාව ලෙස සැලකෙන්නේ සය හැවිරිදි දැරියක් ෆ්ලොරිඩාවේ සිට වර්ජිනියාව දක්වා යැවිමයි. සැතපුම්  720ක් පමණ වන මෙම ගමන සදහා තැපැල් ගාස්තුව සටහන් ව ඇත්තේ සත 15ක් පමණි.



තම දරුවා තැපැල්කරුවකු අතට භාරදිමට තරම්, ඇමරිකානු තැපැල පිලිබදව විස්වාසයක් මහජනතාව තුල පැවති තිබෙනවා.

1915 වසරේදි ඇමරිකානු තැපැල් සේවය Baby mail නවතා දමනු ලැබුවා. 

- රොෂින් ප්‍රනාන්දු

සබැදි ලිපි


No comments:

Post a Comment