Saturday, February 4, 2017

සුදු බිත්තර ද? දුඹුරු බිත්තර ද?

වෙලද පොලේ බිත්තර ගන්න ගියාම සුදු හා දුඹුරු පැහැයන්ගෙන් තියෙනවා ඔයාලා දැකලා ඇති.
මේ වර්ග දෙක දෙකක්ද?
මොකක්ද  හොද?




ආහාර වල ගුණාත්මකභාවය ගැන අමුතුම ස්වර්ණමය නිති  ජනසමාජය තුල තියනවා. දුඹුරු සිනි, දුඹුරු පැහැ පරළු හොදයි  කියලා, ඒවා වලට වැඩි ඉල්ලුමක් තියනවා. සාපෙක්ෂව මිලෙනුත් වැඩියි කියලා දන්නවා ඇතිනේ.

බිත්තරත් එහෙමද? 
සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර හොදද? ගුණද?      

ඇත්තටම කියනවානම්, දුඹුරු බිත්තර හා සුදු බිත්තර අතර වෙනස තමයි සාපෙක්ෂව දුඹුරු බිත්තර ටිකක් මිලෙන් අධික වීම.

සුදු බිත්තර උනත් දුඹුරු බිත්තර උනත් මේ දෙකේම තියන පෝෂණ සංඝටක,ගුණය සමානයි.  පෝෂණය හෝ ගුණය අතර සත්‍ය වෙනසක් ඇත්තේ නැ.

සුදු බිත්තර දාන්නේ සුදු පැහැ පිහාටු තියන කිකිලියන් වන අතර, දුඹුරු බිත්තර දාන්නේ රතු හෝ දුඹුරු පිහාටු සහිත කිකිලියන්. සුදු කිකිලියන්ගේ ආහාරවලට හා නඩත්තුවට යන වියදම අඩු නිසායි සුදු බිත්තර සාපේක්ෂව මිලෙන් අඩු වන්නේ. දුඹුරු කිකිලියන් හොදට කනවාලු. කැමට හෙන වියදම් ලූ නේ.

අනික වෙලදුන් විසින් දුඹුරු බිත්තර හොදයි කියලා ජනමතයේ පවතින මිත්‍යාව වාසියක් කරගෙන දුඹුරු බිත්තර මිල ඉහල දාලා නැතුවත් නෙවෙයි.

කෝනෙල් විශ්විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල කිහිපයකින්ම සුදු හා දුඹුරු බිත්තර වෙනස හොයන්න සැහෙන්න පරික්ෂණ කරලා තියනවා. නමුත් සැලකිය යුතු වෙනස් හොයාගන්න සමත්වෙලා නැ.

කෝනල් විශ්ව විද්‍යාලය ගැන අපි පෙරදි කතා කලා අපේ යාලුවන්ට මතක ඇති. එයාලානේ මුලින්ම සුනඛයින් නලදරු උපත් මගින් බිහිකලේ. 

ඊලග සැරේ බිත්තර ගනිද්දි මේ ගැනත් හිතන්න.

- රොෂින් ප්‍රනාන්දු 

  

No comments:

Post a Comment