Thursday, February 9, 2017

රැජිනට පෙම්බැද, රජුව ද පාලනය කල වෙදෙක් (රජ ගෙදර පළහිලව්)

රටක රජෙක්ව තමන්ගේ පාලනයට නතුකරගෙන රට තුල ප්‍රතිසංස්කරණවාදි වැඩපිලිවෙලක් රැගෙන ගිය වෛද්‍යවරයෙක් ගැනයි මේ ලිපියෙන් දිගහැරෙන්නේ.

7 වන ක්‍රිස්ටියන් රජු 



ක්‍රි.ව  1766 දී ඩෙන්මාකය හා නෝර්වේ රජු ලෙස සත් වැනි ක්‍රිස්ටියන් රජු පත්වෙනවා. ඒ වන විට ඔහුට වයස 17 සපිරෙන්නට තිබුනේ සතියයි. වයසින් හා අත්දැකිමෙන් අඩු පාලකයෙක් ලෙස  නිතැතින්ම වැඩිහිටියන්ගේ අදිසි හස්තය ඔහුගේ පාලනය මත තැබෙනවා.

ක්‍රිස්ටියන් යනු මානසික රෝගයකින් පෙලුනු පුද්ගලයෙක්. ඒ නිසා ඔහුව රාජ සභාවේ රදලයන් තුලින්  එතරම් පිලිගැනිමක් හිමිවන්නේ නැ. ඔහුගේ පාලනය කාලය තුල නාමමාත්‍රික රජකුගේ ස්වරුපයයි පෙන්වන්නේ. බොහෝ තිරණ තීන්දු අරන් තියෙන්නේ රදලයන් හා පුරෝහිතයන්.

මැටිල්ඩා කුමරිය



ක්‍රිස්ටියන් රජු විවාහ පත්වන්නේ බ්‍රිතාන්‍යයේ කැරොලින් මැටිල්ඩා කුමරිය සමගයි. මැටිල්ඩා කුමරිය යනු 3වන ජෝර්ජ් රජුගේ සොයුරියයි. ලංකාව ඉංග්‍රිසින්ට යටත් වන්නේත්, 1818 කැරැල්ල ඇතිවන්නේත් 3වන ජොර්ජ් රජු බ්‍රිතාන්‍ය පාලනය කරන සමය තුලදියි.

විවාහා පත්වුවද  ක්‍රිස්ටියන් රජුගේ සල්ලාලකම් අඩුවන්නේ නැ. මේ නිසා රජගෙදර ගැටුම් ඇති නොවුවාද නොවේ. 

වෛද්‍ය ජොහාන්


මේ අතරතුරදී රාජකීය වෛද්‍යවරයා ලෙස රැඩිකල් මතධාරි ජොහාන් ෆෙඩ්‍රිස් ස්ටෘවන්සේ පත්වෙනවා. ජොහාන් විසින් රජුට පිලියම්කිරිම අරබනවා. මේ අතරතුර රජු හා ජොහාන් අතර දැඩි මිත්‍ර සබදතාවක් ඇතිවෙනවා.

ජොහාන් විසින් විරසකව සිටි රජු හා රැජින එක්කිරිමට සමත්වන අතර මේ හේතුවෙන් ජොහාන් හා රැජින අතර සමිප මිත්‍රත්වයක් ඇතිවනවා. මෙම මිත්‍රත්වය කාලයත් සමග ආදරයක් බවට පෙරලෙනවා. ජොහාන් හා රැජින අතර අනියම් සම්බන්දය රජගෙදර තුල රාජකිය රහසක් බවට පත්වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස ජොහාන්ට දාව මැටිල්ඩා රැජින විසින් දූ කුමරියක් බිහිකරනවා.

ජොහාන් ගේ උපදෙස් මත ක්‍රිස්ටියන් රජු විසින් රට තුල විප්ලවීය වෙනස්කම් කිහිපයක් සිදුකරනවා.

  • වහල්සේවය හා වහල් වෙලදාම තහනම් කිරිම
  • අධ්‍යාපන ප්‍රතිසස්කරණ
  • වෛද්‍ය විද්‍යාල දියුණු කිරිම
  • රදලයන්ගේ බලය අඩුකිරිම
  • නිවාඩු කිහිපයක් අවලංගුකිරිම
  • කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරිම
  • වංචා හා දුෂණ වලට දැඩි දඩුවම් පැවරිම, ඒ අතරින් කිහිපයක්.
එමෙන්ම ජොහාන් ගේ උපදෙස් මත රාජසභාවේ සංශෝධන කිහිපයක්ද සිදුකරනවා. එතෙක් බලයේ සිටි රදලයන් කිප දෙනෙකුම රාජසභාවෙන් නෙරපා හරිනවා.

තමන් රාජසභාවෙන් නෙරපීම ගැන කෝපයට පත් රදලයින්, මහජනයාගේද සහය සහිතව රජගෙදර වටලා ජොහාන් අත්අඩංගුවට ගන්නවා. මව්බිසවගේ බලපෑම් මත ජොහාන්ට මරණ දඩුවම ලබාදිමට  ක්‍රිස්ටියන් රජුට සිදුවනවා. ඒ අනුව වෛද්‍ය ජොහාන් මරාදමනවා.

මේ සිදුවිමෙන් කෙටිකලකට පසු, මැටිල්ඩා - ක්‍රිස්ටියන් විවාහය දෙදරා යනවා. ඉන්පසුව ක්‍රිස්ටියන් රජු නාමමාත්‍රිකයෙකුම බවට පත්කරමින් ඔහුගේ සොයුරු ෆෙඩ්රික් විසින් රාජ්‍යය පාලනය සිදුකරනු ලබනවා.

- රොෂින් ප්‍රනාන්දු          

No comments:

Post a Comment