Tuesday, February 14, 2017

ආදරවන්තයන්ගේ දිනයේ ආරම්භය

අද වැලන්ටයින් දිනය නොවැ.
ඇයි ආදරවන්තයන්ගේ දිනය වැලන්ටයින් දිනය ලෙස හදුන්වන්නේ? 






ලොව පුරා සිටින සිය දහස් ගණනක් වූ ආදරවන්තයින්, තම ආදරවන්තයන් හා ආදරවන්තියන් සමග තම ප්‍රේම සටහන් තබන දිනය නොවැ වැලන්ටයින් දිනය කියලා හදුන්වන්නේ.


ආදරවන්තයන්ගේ දිනය වැලන්ටයින් දිනය කියලා හදුන්වන්නේ ඇයි?
කවුද මේ වැලන්ටයින්? 
වැලන්ටයින් කවුද කියලා හොයාගන්න අපිට ඈත අතිතයේ රෝම අධිරාජ්‍යය පැවති සමයට යන්න වෙනවා.

​II ක්ලෝඩියස් අධිරජ


ඈත අතිතයේ රෝමයේ ඉදලා තියනවා දෙවැනි ක්ලෝඩියස් නම් අධිරාජ්‍යයෙක්. ඔහු යුධලෝලි රජෙක්. නිතරම යුද්ධ කරලා තියෙනවා. යුද්ධ කරන්නට මිනිසුන් අවශයයි නේ. නමුත් ඔහු විසින් යුධ සේවයට එක්කරගත් සොල්දාදුවන් නිතරම නිවෙස් හා තම ආදරවන්තියන් ගැන සාංකාවෙන් පසුවෙලා තියෙනවා. මේ ගැන නොසතුටට පත් ක්ලෝඩියස් අමුතුම නිතියක් පනවලා තියනවා.

තරුණයන් හා තරුණියන් විවාහා වීම තහනම්

මේ නිතිය දැමිමේ අරමුන වෙලා තියෙන්නේ තමන්ට අවැසි යුධ බටයින් සපයා ගැනිමයි. නමුත් මේ අසාධාරණ නිතියට විරුද්දව කටයුතු කරපු කතෝලික පූජකයෙන් ඉදලා තියනවා.
ඔහු තමයි
වැලන්ටයින්  පියතුමා



වැලන්ටයින් පියතුමා විසින් අධිරාජ්‍යයාගේ නිතිය නොසලකා රහසින් තරුණ යුවලවල් විවාහකරවා තියෙනවා. මේ පිලිබදව කන වැකුණු අධිරාජ්‍යයා වැලන්ටයින් පූජකතුමන් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබෙනවා.

වැලන්ටයින් පියතුමා සිරගත කර ඇති කුටිය අසලට පැමිණෙන තරුණ ආදරවන්තයින් හා විවාහකයින් එතුමාගේ උපකාර අගයමින් සිර කුටිය තුලට රෝසමල් හා විවිධ ලිපි දමා තිබෙනවා. කටකතාවක් තියනවා, වැලන්ටයින් පියතුමා සිරගෙදර ජේලර් ගේ දුව සමගත් ආදර සම්බන්දයක් තිබු බව. පලමු වැලන්ටයින් කාඩ් පත, වැලන්ටයින් පියතුමා විසින් ලියා ඇත්තේද එම ආදරවන්තියටයි. එහි your valentine ලෙස සදහන් වනවා.  
කල  වරදට දඩුවම් ලෙස වැලන්ටයින් පියතුමා, පෙබරවාරි 14 දින ඝාතනය කල බවත් සදහන් වෙනවා.

ඔන්න ඔහොමයි වැලන්ටයින් පූජකතුමා සම්බන්ද වෙන්නේ.  වැලන්ටයින් පියතුමාව පසුව සාන්තුවරයෙක් බවට ඔසවා තබනවා.
රෝම කතා වලට අනුව පෙබරවාරි 14 වන දින තමයි, කුරුලු ප්‍රජනන සමයත් ආරම්භ වෙන්නේ.
-Happy Valentine's Day-


     



 

No comments:

Post a Comment