Thursday, February 23, 2017

​සද අල්ලන සටන - Google Lunar XPRIZE

ලොව විවිධ තරග තියෙනවා. නමුත් මේ කියන්න යන්නේ එසේ මෙසේ තරගයක් නෙවෙයි.
හද අල්ලන්න යන තරගයක් ගැන.





ගූගල් සමාගමේ අනුග්‍රහය යටතේ  XPRIZE විසින් සංවිධානය කරන Google Lunar XPRIZE තරගය ගැනයි මේ කියන්න යන්නේ.

Google Lunar XPRIZE තරගය කියන්නේ් අභ්‍යාවකාශ තරගයක්. යාලුවන්ට මතකනේ සීතල යුද්ද කාලේ ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර තිබ්බ අභ්‍යාවකාශ යුද්ධය. Google Lunar XPRIZE කියන්නෙත් ඒ වගේ යුද්ධයක් තමයි. නමුත් වෙනස මේකට සහබාගි වෙන්නේ රටවල් නොවීමයි.

Google Lunar XPRIZE අභියෝගයෙන්  ජය ලබන්නට නම්,
තමන් විසින්ම ආයෝජනය කල මුදලින් සද මතට යානාවක්  පලමුව ගොඩබස්සවා, තමන්ම සැදු රොබෝවක් මිටර් 500ක් සද මත ගමන් කරවා, සදේ HD විඩියෝ පෘථිවියට එවිය යුතුයි.
තරගයේ ජයග්‍රහක කණ්ඩායමට ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් ලැබෙනවා. 

දැනට තරගයට කණ්ඩායම් 5ක් ඉදිරිපත්ව තිබෙනවා. තරගයට ඉදිරිපත්ව ඇති කණ්ඩායම් මෙම වසර අවසානයට පෙර අභියෝගය සම්පුර්ණ කල යුතුයි.


  • SpaceIL
ඊශ්‍රායලය මූලික කරගත් කණ්ඩායමකි.  සද මතට ගොඩබාන කුඩාම හා සැහැල්ලුම යානාව සෑදිම ඔවුන්ගේ අරමුණ යැයි පවසා ඇත.

  • Moon Express
ඇමරිකානු කණ්ඩායමකි. තරගය ජයග්‍රහණය කිරිම මෙන්ම සදේ කැණිම් සිදුකර වානිජමය වටිනාකමකින් යුතු ද්‍රව්‍ය සොයාගැනිම අරමුණයි.

  • Indus
ඉන්දියානු කණ්ඩායමකි. සද මතට රෝවරයක් යැවිම බලාපොරොත්තුවයි.
  • Hakuto
ජපානය කණ්ඩායමකි. සුසුකි වැනි සමාගම් සමග එක්ව කටයුතු කරයි. දැනට Indus කණ්ඩායම සමග එක්ව කටයුතු කරයි. ඉන්දියාවේ   සිට රොකට්ටුව ගුවන්ගත කිරිමට සැලසුම්කර ඇත.   


   



  • Synergy Moon
රටවල් කිහිපයක එකතුවෙන් සැදුනු අන්තර්ජාතික කණ්ඩායමකි. යානාව ගුවන්ගත කිරිම සදහා NEPTUNE 8 වර්ගයේ රොකට්ටුවක් භාවිතා කිරිමට සැලසුම් කර ඇත.




     
තරගයේ ජය පැරදුම කවුරුන් දිනාගත්තාත්,
නව අභ්‍යවකාශ යුගයක් ඇරබෙනු නිසැකය.

- රොෂීන් ප්‍රනාන්දු    

    

No comments:

Post a Comment