Friday, February 10, 2017

මිනීඅළු වලින් දියමන්ති

‘‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.‘‘
ඔබ දන්නවාද මියගිය අයගේ භෂ්මාවශේෂ මගින් දියමන්ති නිපදවන බව?







ආදහනයෙන් ඉතිරි වූ  භෂ්මාවශේෂ හෝ හිසකෙස් මගින් රසායනාගාර තුල නිපදවිය හැකි මෙම දියමන්ති විශේෂය, Memorial diamond / Cremation Diamonds ලෙස හදුන්වනවා.

තමන්ගේ වෙන්වූ ඥාතින් ගේ සිහිවටනයක් ලෙස ඔවුන්ගේ අළු වලින් දියමන්ති සාදාගැනිම දැන් දැන් බටහිර ලෝකය මෙන්ම අග්නිදිග ආසියාව තුලත් රැල්ලක් මෙන් පැතිර යනවා.



ලොව ශක්තිමත්ම ඛනිජයක් වන දියමන්ති සෑදිලා තියෙන්නේ කාබන් වලින් කියලා යාලුවෝ දන්නවානේ. අපේ මිනිස් ශරිරයෙත් අඩංගු ප්‍රධාන අධිමාත්‍ර මූලද්‍ර්‍යයක් තමයි කාබන් කියන්නේ. අපි ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටින වගේම අපේ ඇගේ තියන එන්සයිම, ප්‍රෝටින, DNA,RNA වගේ ගොඩක් දේවල් වල කාබන් අන්තර්ගත වෙනවා.










අළුවල කාබන් අන්තර්ගතයිනේ. මෙම අළු අරගෙන අධික පීඩනයට හා උෂ්නත්වයට භාජනය කරලා පරික්ෂණාගාර තුල කෘත්‍රිම දියමන්ති නිපදවනවා. මේ වැඩේට සති කිහිපයක් ගත වෙනවා. ඉන්පසුව මෙම දියමන්ති කපා ඔප දාලා ලස්සන කරගන්නවා.



මේ වැඩේට සැහෙන්න මුදලක් වැයවෙනවා. මෙසේ සාදාගන්නා ලද දියමන්ති අධික මිලකින් යුක්තයි. අළු වලින් සාදාගත් කෘතිම දියමන්ති යොදාගෙන නිර්මිත ස්වර්ණාභරනද දකින්නට පුලුවන්.



- රොෂීන් ප්‍රනාන්දු




No comments:

Post a Comment