Monday, February 6, 2017

ගොල්ෆිෂ් හිසේ පිලිකා සැත්කමක්

ගෝල්ඩ්ෆිෂ්  මාලුවෙකුගේ හිසේ තිබ්බ පිලිකා ගෙඩියක් ඉවත් කල විස්මිත සැත්කමක් ගැනයි මේ කියන්න යන්නේ.







ඔස්ට්‍රේලියාවේ සිටින ජෝර්ජ්(George) නැමැති ගෝල්ඩ්ෆිෂ් වර්ගයේ මාලුවාගේ හිසේ පිලිකා ගෙඩියක් ඇතිව තිබෙනවා.

මෙම ගෙඩිය නිසා ජෝර්ජ් ගේ ජිවිතය දැඩි අවධානමකට ලක්ව තිබුනා. 
වෛද්‍ය මතය වූයේ මේ සම්බන්දව සැත්කමක් සිදුකිරිම හෝ ජෝර්ජ් හට වේදනාරහිත මරණයක් ලබාදිමයි. 


නමුත් මත්ස්‍යයකු සම්බන්දව සැත්කමක් සිදුකිරිම ඉතා අසිරු බව ඔබට වුවද වැටහෙනු ඇත.

නමුත් ජෝර්ජ්  මරණයට පත්කිරිමට අකමැති ඇගේ හිමිකරු සැත්කම සිදුකිරිමට තීරණය  කලේය.



ඒ අනුව මෙම අසිරු සැත්කම පශුවෛද්‍ය ට්‍රිස්ටන් රීච් මහතා විසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්මිත් සත්ත්ව රෝහලේදි සිදුවිය.

වෛද්‍යවරුන් විසින් සැත්කම සදහා මාලුවා දියෙන් ඉවත්කරගත් අතර ස්වසනය සදහා  ඔක්සිජනීකෘත ජලය කරමල්තුලින් යවා ඇත.   



සැත්කම සදහා මිනිත්තු 45ක් පමණ ගතව ඇති අතර සාර්ථකව ගෙඩිය ඉවත්කිරිමට සමත්විය. 




සැත්කමෙන් සුවය ලැබු ජෝර්ජ් තව වසර ගනනාවක් ජිවත් වනු ඇතැයි වෛද්‍ය රිච් මහතා පවසයි

- රොෂින් ප්‍රනාන්දු


    

No comments:

Post a Comment