Tuesday, February 28, 2017

දත්බෙහෙත් වල ෆ්ලෝරයිඩ් අඩංගු ඇයි?

‘‘ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප‘‘ වෙලද දැන්විම් ඇතිවෙන්න දැකලා ඇතිනේ.
මොනාද මේ ෆ්ලෝරයිඩ්? 
ඇයි  දන්තාලේපන වල ෆ්ලෝරයිඩ් අඩංගු?





ෆ්ලෝරයිඩ් (Fluoride) කියන්නේ ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ සරලම සෘණ අයනය නැතිනම් ඇනායනයයි.පානිය ජලයේ හා ආහාර වර්ග බොහෝමයක ෆ්ලෝරයිඩ් අන්තර්ගත වෙනවා. 

රූපවාහිනියේ උදේ ඉදන් රැ වෙනකං යන දන්තාලේප වෙලද දැන්විම් වල ‘‘ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප‘‘ කියන කතාව පට්ට ගහනවා. 

ෆ්ලෝරයිඩ් කොහොමද දන්ත සෞඛ්‍ය පවත්වාගැනිමට උපකාරි වෙන්නේ?



ඒ ගැන කතා කරන්න නම් අපිට මුලින්ම දත් ආරක්ෂා කරන සුපර්මෑන්   ගැන තතු දැනගන්න වෙනවා.
ඒ සුපර් මෑන් තමයි

මිස්ටර් ‘‘එනැමල්‘‘



එනමලය, දන්ත මස්තකය ආරවරණය කරමින් පිටතින්ම පිහිටන ආවරණයයි. එනැමලව, මිනිස් සිරුරේ තියන ශක්තිමත්ම කොටසක් කිව්වොත් කිසිම වරදක් නැ. එනැමලයේ අන්තර්ගත මූලික ඛනිජය ලෙස කැල්සියම් පොස්පේට් සහිත හයිඩ්‍රොක්සි ඇපටයිට් දැක්විය හැක.

පානිය ජලය, දන්තාලේප ලෙස  මුඛ කුහරයට ඇතුල්වන ෆ්ලෝරයිඩ් අයන  කැල්සියම් අයන හා පොස්පේට් අයන සමග දත් මතුපිට දි ප්‍රතික්‍රියාකර, ෆ්ලෝරෝඇපටයිට් වැනි දැඩි සංයෝග සාදනවා. මෙම සංයෝග දත වටා තැන්පත්ව අමතර ආරක්ෂාවක් ලබාදෙනවා.

සැදෙන සංයෝග මගින් කුඩා දන්ත කුහර පිරවිමේ හැකියාවක් පවතිනවා. නමුත් දත්වල ඇති අලි නාවන තඩි වලවල් වහන්න නම් ඉතින් බෑ.  

ෆ්ලෝරයිඩ් අයන වලට මුඛ කුහරයේ ඇති බැක්ටිරියා ක්‍රියාකාරිත්වයට බලපැම් කලහැකි බව පරික්ෂණාත්මකව ඔප්පුකර තිබෙනවා. ඒමගින් දන්ත ඛාදනය වලක්වා ගන්නට හැකියාවක් ලැබෙනවා.
    
පානිය ජලයෙන් අවශ්‍ය ෆ්ලෝරයිඩ් ප්‍රමාණය සපයනු ලැබුවත්, ජලයේ අඩංගු ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ප්‍රභවය අනුව වෙනස් වෙනවා. ඒ නිසා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපන භාවිතය සුදුසුයි.

දන්තාලේප වල අඩංගු ෆ්ලෝරයිඩ්  හේතුවෙන්  සැලකිය යුතු ප්‍රතිශතයකින් දත් කුහර ඇතිවිමේ හැකියාව අඩුකරගන්නට පුලුවන්. 

නමුත් තුන්වේලටම දන්තාලේප වලින් දත් මැද්ද  පමනින්ම දත්ආරක්ෂා වෙන්නේ නැ.  

සුදුවන් දත් දෙපලක් තියාගන්න හැමෝම ආසයිනේ. එහෙම කියලා වෙලද දැන්විම් වල යන හැම දත්දු සුදු කරන නිෂ්පාදනයම බාවිතා කරන්න එපා. මොකද ඒවායේ අන්තර්ගත විරංජනකාරක මගින් දත් සුදු කරනවා තමයි. නමුත් දත් සුදු කරන ගමන්ම රසායනික සංයෝග වල බලපැමෙන් එනැමලයත් ක්ෂය වෙනවා. ඒ නිසා පරිස්සමින්.

තදින් ඇතිල්ලුවාමත් එනැමලයට හානි වෙන්නට පුලුවන්.




ඕනාවට වඩා ඉතින් ඕනා දෙයක් ඕනැම නැ. ෆ්ලෝරයිඩ් උනත් කුඩා කාලේ ඉදන් ඕනාවට වඩා ශරිරගත වුනොත් විවිධ ගැටලු එනවා. අධික ප්‍රමාණයෙන් භාවිතා කලොත් දත් අවපැහැ වෙන්න ගන්නවා. 

එ් නිසි ප්‍රමාණයෙන් භාවිතා කිරිමෙන් නිසි ප්‍රතිපල ලබාගන්නට පුලුවන්. 

- Rosheen Fernando

No comments:

Post a Comment