Monday, February 13, 2017

රියදුරන් නැති දුම්රියක සවාරියක්

රියදුරන් රහිතව ධාවනය වන දුම්රියක සවාරියක තොරතුරු යාලුවන් එක්ක බෙදාගන්න හිතුනා.





ලොව රටවල් කිහිපයකම රියදුරන් රහිත දුම්රිය ධාවනය වෙනවා.මේ කියන්න යන්නේ ඉතාලියේ තියන රියදුරන් රහිත දුම්රියක් ගැනයි.

මිලානෝ මෙට්‍රෝ පද්ධතියේ M5 මාර්ගයේ මෙට්‍රෝ විදුලි දුම්රිය ධාවනය වන්නේ රියදුරන්රහිතවයි. මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම භූගතව ගමන් කරයි.

වේදිකා ගේට්ටු


දැනට බිග්නාමි සිට සැන්සැරෝ ස්ටුඩියෝ දක්වා ගමන් කරන දිගින් කී.මී 12.8 පමණ වන මෙම මාර්ගයේ දුම්රිය නැවැතුම් 19කි. දුම්රිය මාර්ගයේ ආමානය අඩි 4යි අගල් 8 1/2 කි. එනම් සම්මත ආමානය භාවිතා කරයි.

ඉතාලි සමාගමක් වන අල්සැන්ඩ්‍රෝබ්‍රේඩා සමාගම විසින් නිපදව ලද පෙට්ටි 4කින් යුතු මීටර් 50 පමණ දිග පලලින් මීටර් 2.65 පමණ වන මෙට්‍රෝ කට්ටල මෙම මාර්ගයේ ධාවනය වේ.

දුම්රිය වේදිකාවට ලගාවීම

 

ඇතුලත



මෙට්‍රෝ ධාවනය වන්නේ ස්වයංක්‍රීයව බැවින්, වැඩි ආරක්ෂාවක් උදෙසා දුම්රිය වේදිකාව වීදුරු වලින් ආවරණය කර ඇත. මෙට්‍රෝ දුම්රිය නැවතුම්පොල වේදිකාවට පැමිණ නැවැත්වූ පසුව පමණක් අදාල වේදිකාවල ඇති දොරවල් විවෘත වේ.

උමග තුල

උමග තුල


ධාවනය වන මෙට්‍රෝ සදහා විදුලිය සැපයෙන්නේ දුම්රිය මාර්ගයට සමාන්තරව යොදා ඇති අමතර පීල්ලක් මගිනි. මෙයින් 750 V සරල ධාරාවක් ලබාදේ. මෙම ක්‍රමය third rail ක්‍රමය ලෙසත් හැදින්වේ.

උමං මග තුල මෙට්‍රෝ ධාවනය වන ආකාරය




- රොෂින් ප්‍රනාන්දු
 සංචාරයක් ඇසුරිනි

No comments:

Post a Comment