Wednesday, February 22, 2017

ජෝසර් ගේ පඩිපෙලෙන් පටන්ගත් පිරමිඩ කලාව

මීට පෙර අපි ඊජිප්තු පිරමිඩ ආරම්භය වූ හැටි ගැන කතා කලානේ.
අපි අද පිරමිඩ ලෝක පුදුමයක් වූ හැටි කතා කරමු.






ඉම්හුටොප්ගේ උපදෙස් මත ඊජිප්තුවේ ජෝසර් (Djoser) පාරාවෝ විසින් පඩිපෙලක් වන් ස්ටෙප් පිරිමිඩය හදලා පිරමිඩ වලට උප්පත්තිය දුන්න හැටි අපි පෙරදි කතා කලානේ.

පෙර ලිපිය කියවූ නැති මිතුරන්ට පුලුවන් මෙතැනින් එය කියවන්න.
පිරමිඩ ගොඩනැගුනු හැටි

ජෝසර් රජුගේ ස්ටෙප් පිරමිඩයෙන් පසුව, රාජකියයන්ගේ භූමිදාන සදහා පිරමිඩ සුලබ වුනා.  නමුත් මේ පිරමිඩ සියල්ල පඩිපෙල් ආකාරයෙන් තමයි තැනුනේ.



bend pyramid

පලමු වරට ආනත තල සහිත සත්‍ය පිරමිඩයක් දකින්න ලැබෙන්නේ  ක්‍රි.පූ 2613-2589  රජකම් කල සිව්වන රාජවංශයේ ස්නෙෆරු (Sneferu) පාරාවෝ රජුගේ සමයේදියි. ස්නෙෆරු රජතුමා ආනත තල පිරමිඩයක් තනන්නට අවස්ථා දෙකකදි උත්සහා කලා. ඔහු සෑදු පලමු පිරමිඩය පඩිපෙල් ආකාර පිරමිඩයක් වුනා. දෙවැනි පිරමිඩය ආනත පිරමිඩයක් වුනත් ඉදිකිරිමේ දෝශයන් නිසා නැමුනු ස්වභාවයක් ගත්තා. අද එය බෙන්ඩ් පිරමිඩය ලෙස ප්‍රකටයි.

රතු පිරමිඩය










මුල් අවස්ථා දෙකේදිම අසාර්ථක වුනත් ස්නෙෆරු වැඩේ නැවැත්තුවේ නැ. ඔහු තුන්වැනි වර සෑදු පිරමිඩය සාර්ථක වුනා. එය තමයි පලමු සත්‍ය ආනත තල පිරමිඩය. රතුපැහැ හුණුගල් භාවිතයෙන් තනනු ලැබු බැවින් එය රතු පිරමිඩය ලෙසද හදුන්වනුලබනවා. මෙය ඊජිප්තුවේ 3 වන විශාලතම පිරමිඩයයි. 

පිරමිඩ ගැන කතාකරද්දි ගීසා හි මහා පිරමිඩ ගැන කතා නොකරම බෑ. පැරණි ලෝක පුදුම 7 අතුරින් ලොව ඉතිරි වෙලා තිබ්බ එකම පුදුමය වුනේ ගිසා හි මහා පිරමිඩ පමණයි.



ගීසා හි පිරමිඩ අතුරින් විශාලතම පිරමිඩය වන කාෆු පිරමිඩය හැදුවේ ස්නෙෆරු රජුගේ පුත්‍රයා වුන කූෆු රජු විසින්. කූෆු වසර 23යි රජකම් කරන්නේ. නමුත් නිර්මාණය නම් පොඩි නැ. කූෆු පිරමිඩයේ එක් පැත්තක දිග ආසන්න ලෙස මිටර් 230ක් පමණ වනවා. උසින් මීටර් 147 පමණ වනවා. මෙය තමයි ලොව විශාලතම පිරමිඩය වන්නේ. කූෆු රජු විසින් මෙයට අමතරව තම රැජින ඇතුලු පිරිවරට කුඩා පිරමිඩ කිහිපයක් තනාදෙනවා.  

කාෆු පිරමිඩය

කාෆු මහා පීරමිඩය තැනිමට හුණුගල් කුට්ටි මිලියන 2.3 පමණ වැයව තිබෙනවා. එක් හුණුගල්කුට්ටියක් බරින් ටොන් 2.5 පමණ වන බව සැලකෙනවා. සේවකයින් 20,000ක් පමණ ඉදිකිරිම් සදහා සම්බන්දව තිබෙනවා. පුරාවිද්‍යාඥයින්ට අනුව, පිරමිඩ ඉදිකර ඇත්තේ පඩිලද වෘතියමය කම්කරුවන් විසින්. නයිල් ගග පිටාර ගලන සමයන් හිදි ගොවියන්ද පඩියට පිරමිඩ ඉදිකිරිම සදහා සහභාගි වි තිබෙනවා.   



ගිසා මහා පිරමිඩ වල මැද පිරමිඩය තනන්නේ කූෆු ගේ පුත්‍රයා වූ කෆ්රා රජු විසින්. මෙය දෙවැනි විශාලතම පිරමිඩයයි. මෙම පිරමිඩයේ ඉදිරිපස දක්නට ලැබෙන Great Sphinx නම් ආරක්ෂක පිලිමය නිසා පිරමිඩය තවත් ආලෝකමත් වෙනවා. 



Great Sphinx ආරක්ෂක පිලිමයෙහි මිනිස් හිසක් හා සිංහ ඇගක් සහිත සත්ත්වයකු නිරුපනය කෙරෙනවා. පැරණි මිසරයේ හමුවන විශාලතම පිලිමයක් වන මෙය උසින් අඩි 66 කින් යුක්තයි.      

පිරමිඩ පෙලේ අවසන් පිරමිඩය තනන්නේ, කෆ්රා රජුගේ පුත් මන්කවුරේ විසිනුයි. පිරමිඩ 3 අතුරින් කුඩාම පිරමිඩය වන්නේද මෙයයි.

පිරමිඩ තැනිම ලේසි නැ. අතිවිශාල ධනයක් හා බලයක් අවශ්‍ය වෙනවා.පිරමිඩ වල විශාලත්වය හා අලංකාරය රජුට ඇති වත්කම් හා බලය කියාපන හොද මිම්මක් ලෙස භාවිතා වුනා. 

පස්වැනි හා හයවැනි රාජවංශ පමණ වන විට රජවරුන් ගේ ධනය හා බලයේ වූ යම් පිරිහිම් හේතුකොටගෙන පිරමිඩ කලාවෙන් ඇත්වෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා.  

පෙපි පිරමිඩය

අවසන් මහා පිරමිඩය හමුවන්නේ සයවැනි රාජවංශයේ  දෙවැනි රජු වූ ක්‍රී.පූ 2278-2184 අතර රජකම් කල II පෙපි රජතුමාය. ඔහුගේ රාජ්‍ය පාලන සමය සුමට වූයේ නැ. රාජ්‍ය භාණ්ඩාගාරය පිරිහිම, ප්‍රාදේශිය ගැටුම් දක්නට ලැබුනා. සකාරා හී තැනුනු  පෙපි රජුගේ පිරමිඩය සැදිමට වසර 30 පමන ගතව තිබෙනවා. නමුත් එය පෙර පිරමිඩ තරම් විශාල පිරමිඩයක් වූයේ නැත.

පෙපි රජුගේ මරණයෙන් පසු ඊජිප්තුව තුල ඇතිවූ ව්‍යාකූලතා නිසා පිරමිඩ තැනිම තවදුරටත් ඉදිරියට ගමන්කලේ නැ. නමුත් 12 වැනි රාජවංශය තුලදි රජුන් පිරමිඩ තැනිමට උත්සහකලත් ඒවා ඉතාකුඩා පිරමිඩ වූවා.

පිරමිඩ හුදෙක්ම මලසිරුරු තැන්පත් කරන ස්ථානයකින් ඔබ්බට ගොස් වන්දනාමානයට පාත්‍රවන ධනය බලය පෙන්වන ස්ථානයක් බවට පත්වුනා.

පසුකාලිනව පිරමිඩ තුල වූ ධනය ලබාගැනිමේ අරමුණින් නිරන්තරව මංකොල්ලකරුවන්ගේ තෝතැන්නක් බවට පිරමිඩ පත්වුනා.  එමෙන්ම නිසි සංස්කරණ නොමැති නිසා පිරමිඩ බොහෝමයක් විනාශ වුනා.


ඊජිප්තුවට අමතරව, චීනය, උතුරු ඇමරිකාව, මැදපෙරදිග, සුඩානය ආශිතව ද පිරමිඩ තැනි තිබෙනවා. 

ලොව වැඩිම පිරමිඩ ප්‍රමාණයක් හමුවන්නේ සූඩානයෙනි.


වසර දහස් ගනනක් ගතව ඇතත් වසරකට මිලියන ගනනක් පිරිසකට තම ශ්‍රී විභූතිය පෙන්වමින් පිරමිඩ තවත් කාලයක් පවතිනු ඇත.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශීෂ්‍ය


  

No comments:

Post a Comment