Thursday, February 16, 2017

ඉන්දියාව තනි රොකට්ටුවෙන් චන්ද්‍රිකා 100 උඩ යවයි.

අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පිටුවක් පෙරලමින් ඉන්දියාව
චන්ද්‍රිකා 104 ක් තනි රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ ගතකිරිමට සමත් විය.






දකුණු ඉන්දියාවේ ‘‘ශ්‍රිහරිකෝටා‘‘ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කල රොකට්ටුවේ කිලෝ 10 ප්‍රමාණයේ චන්ද්‍රිකා 104ක් අන්තර්ගතව තිබිණි.


















මෙම චන්ද්‍රිකා ඇමරිකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කසකස්ථානය, ඊශ්‍රායලය හා නෙදර්ලන්තය වැනි රටවල්වලට අයත් චන්ද්‍රිකා වේ.

සියලුම චන්ද්‍රිකා සාර්ථකව කක්ෂගත කිරිමට සමත්ව ඇති අතර, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාද විශේෂ ට්විටර් පණිවිඩයක් ඔස්සේ සුභාශිංෂණ පුදකර ඇත.

වානිජමය චන්ද්‍රිකා අඩු වියදමකින් ගුවන්ගත කල හැකි රටක් ලෙස ඉන්දියාව නම්දරා සිටියි. පසුගිය වසර කිහිපය තුල රටවල් ගණනාවක අයත් චන්ද්‍රිකා, ඉන්දියාව විසින් ගුවන්ගත කර ඇති අතර ඉන් ඩොලර් කෝටි ගණනක ආදායමක් උපයාගැනිමට සමත්විය.

මීට පෙර රුසියාව විසින් 2014 දී එක් රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකා 37ක් අභ්‍යවකාශගත කර පිහිටුවා තිබූ වර්තාව බිද දැමිමටද ඉන්දියාව මේ සමගින් සමත්විය.

No comments:

Post a Comment