Friday, February 3, 2017

මියගියත් අමරණිය සෛල ඉතිරිකර ගිය ‘‘හෙන්රියාටා‘‘

නොදැනුවත්වම වෛද්‍ය විද්‍යාෙව් උන්නතිය උදෙසා අමරණිය සෛල පිඩක් ඉතිරි කරලා ලොව හැරගිය
හෙන්රියාටා ලැක්ස් මැතිණිය ගැනයි මේ ලිපියෙන් දිගහැරෙන්නේ.





1951 වසරේ ජනවාරි මාසයේදි හෙන්රියාටා ලැක්ස් (Henrietta Lacks) නම් කලු ජාතික කාන්තාව  ජෝන්ස් හොප්කින්ස් රෝහලට ඇතුලත් වන්නේ උදරයේ දැනෙන අපහසුතාවක් හේතුවෙනි.  පසුව මෙය ගැබ්ගෙල පිලිකාවක් බව විනිශ්චය කරගන්නවා. රෝගයට ප්‍රතිකාර කරන අතරතුර, හෙන්රියාටා ගේ අනුදැනුමකින් තොරව ඇගෙන් පිලිකා සෛල සාම්පලක් ලබාගන්නවා. රෝහල් ගතව මාස කිහිපයකට පසුව පිලිකා තත්ත්වය උත්සන්න වීමෙන් හෙන්රියාටා මිය යනවා.

මානව සෛල සම්බන්ද පරික්ෂණ කාලන්තරයක් තිස්සේ කෙරෙමින් පැවැතියා. විශේෂයෙන්ම රෝග වලට හා ප්‍රතිකාර වලට සෛල ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබදව පරික්ෂණ පැවැත්විමට සර්වසම සෛල විශාල ප්‍රමාණයක් අවශ්‍යවනවා. රසායනාගාර තුල සර්වසම සෛල විශාල ගණනක් ගුණනය කරගත්තාත් ඒවා ටික කාලයක් තුල මියගියා. මොකද සෛල වලට නිෂ්චිත කාලයක් තියනවා. අනික සෛල එකදිගට ගුණනය කරගන්නත් බෑ. යම් සිමාවකින් පසු මිය යනවා. ඒ නිසා සෙල් ලයින් එකක් ඩිවලප් කරගන්න අමාරු තත්ත්වයක් ඒ කාලය වන විට තිබුනා 

මේ වගේ වටපිටාවක දි තමයි,  සෛල පිලිබදව පරික්ෂණ කරපු  ‘‘ජෝර්ජ් ගේ‘‘ මහතාට හෙන්රියාටාගෙන් ඉවත්කරගත් සෛල පිඩ ලැබෙන්නේ. පිලිකා සෛල පිඩක් වූ නිසා මෙම සෛල එක දිගට නොනැවති ගුණනය වෙමින් තිබුනා. පරික්ෂණ වලට ඇති තරම් සෛල ගුණනය වෙනවා මෙයින්.

ජෝර්ජ් ගේ

ඇතිවන නව සෛල ආධාරයෙන් ජෝර්ජ පරික්ෂණ කරන්න ගත්තා. ඒ වගේම සෙල් ලයින් එක්ක ඩිවලප් කරන්නත් ඔහුට හැකියාව ලැබුනා. අද වන විට ලොව තියන පැරණිතම හා  බහුලව යොදාගන්න හියුමන් සෙල් ලයින් එක හදන්නේ හෙන්රියාටා ගේ සෛල වලින්.  හෙන්රියාටාගේ නමේ කොටස් දෙක ඇසුරු ගෙන   HeLa කියලා එම සෙල් ලයින් එක නම් කරනවා.



පසුව හෙන්රියාටා ගේ සෛල ලොව පුරා රසායනාගාර අතර හුවමාරු වෙනවා. දවසකට බිලියන ගනනින් නව සෛල එයින් ලබාගන්නවා.

හේලා සෛල මගින් කරපු පරික්ෂණ අනුව ‘‘ජෝනාස් සොල්ක්‘‘ මහතා විසින් පෝලියෝ එන්නතක් නිපදවනවා.  ඒ වගේම පිලිකා ආශ්‍රිත කරුණු රැසක් ආනාවරණය කරගන්න හේලා උපාකාරි වුනා.

සාර්ථකව ක්ලොනිකරණය කල පලමු මානව සෛල වන්නේද හේලා සෛලයි. ඒඩ්ස්, ඉබෝලා වැනි රෝග සදහා ප්‍රතිකාර සෙවිමටත් හේලා යොදාගන්නවා.



වෛද්‍ය විද්‍යාවේ උන්නතියට හේලා සෛල වලින් ලබාදුන් දායකත්වය උපරිමයි.
තමන් මෙතරම් වැදගත් දෙයක් දායාද කල බව හෙන්රියාටා දන්නේ නැ.
ඇය මිය ගියේ මේ කිසිවක් නොදැනයි.
නමුත් ඇගේ සෛල බිලියන ගනනක් ලොව පුරා විසිරි තිබෙනවා.
ඇත්තෙන්ම ඇය අමරණිය කාන්තාවක්.

ස්තුතියි හෙන්රියාටා 

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
  

2 comments: