Friday, February 24, 2017

උදැසන අවදි වෙන්න අමාරු ඇයි ??

උදේට නැගිටින්න එලාම් එක වදිද්දි, ඒක ඔෆ් කර කර නිදාගන්න පුරුද්ද ඔයාලටත් තියෙන්න පුලුවන්.
අවදි වුනත් ඇගට හරි  නැ වගේ නේද?

ඇයි උදැසන අවදි වෙන්න අමාරු?
අපි කතා කරමු.  

 


මම නම් පොඩි කාලේ ඉදන්ම උදේ අවදි වෙන්න කැමති නැ. නැගිට්ටත් ටික වෙලාවක් වීරොපට්ටම් ගහලා ඉන්නේ. මේ වගේ අත්දැකිම් ඔයාලාටත් ඇති.

පොඩි කාලේනම් එහෙම ඉදතැහැකි. නමුත් දැන් එහෙම පුලුවන් යැ. සමහරු නම් නැගිටින්නේ අම්මාගේ තාත්තාගේ සද්දේට. සමහරු එලාම් එක පොලවේ ගහගෙන.

ඇයි මේ?

අපි නිදාගනිද්දි, එක පාරටම තද නින්දට වැටෙන්නේ නැ. මද නින්දේ ඉදන් ඉතා ගැබුරු නින්දට පියවර 4 කින් ගමන් කරනවා. මේ  පියවර 4 චක්‍රය අපි නිදා සිටින විට 4,5 පාරක් කැරකෙනවා. 

හදිස්සියේවත් 3 හෝ 4 වන පියවරේදි එලාම් එක නිසා හෝ වෙන බාහිර බලපැමක් නිසා නැගිටින්න උනොත් නම් පුතේ/දුවේ වැඩේ සැහෙන්න අමාරුයි. ඇග සුදානම් නැ නැගිටින්න. නමුත් නැගිටින්නත් ඕනා.  ඇග සුදානම් නැති නිසා ප්‍රාණවත් බවක් නැ. මොකද ඇග ඉල්ලන්නේ, මොලය ඉල්ලන්නේ නින්ද නිසා.

දැනට කරපු පරික්ෂණ අනුව බොහෝ පිරිසක් තද නින්දේ සිටින්නේ උදේ 4-6 අතර කාලය තුලයි. වැඩේ කියන්නේ අපිට නැගිටින්න වෙන්නෙත් මේ කාලය තුලදිමනේ.  😒 😒 😒  

නින්දත් ඕනා, නැගිටින්නත් ඕනා
දැන් මොකද කරන්නේ? 

ශරිරයට නින්ද අනිවාර්යයි. නිසි ප්‍රමාණයෙන් නිදි නොලැබිම දිර්ඝ කාලිනව බලපානවා කියලා කලිනුත් අපි කතා කලානේ. අඩුම ගානේ පැය 7ක් වත් නින්දක් ලබන්න ඕනා. 

කලින් නැගිටින්න ඕනානම් කලින් නිදාගන්න. නින්දත් පුරුදු පුුහුණු කරන්න ඕනා දෙයක්.

බොහෝ දෙනෙක් කරන නරක දෙයක් තමයි නිදාගනිද්දි දුරකතන භාවිතා කිරිම. මෙහි දිර්ඝකාලින ආනිසංස මීට කලින් අපි කතා කලා නේ. ඒ නිසා ඔය නරක පුරුද්ද නතර නොකල අය දැන්වත් නවත්තන්න.

නින්දට පෙර ඔබත් දුරකනය භාවිතා කරනවාද?

අවදි වෙන්න මේ දේවලුත් උදව් වේවි. කරලා බලන්න.

  • එලාම් එක අතට අහුවෙන්නේ නැති ඈතකින් තියන්න. එතකොට ඕක off කර කර නිදාගන්න බෑ.
  • අවදි වූ පසු ගැඹුරු හුස්ම වාර කිහිපයක් ගන්න.
  • ජනේලය ඇරලා හිරු එලිය බලන්න.
  • පුලුවන්නම් සුලු ව්‍යායාමක් කරන්න.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

     


No comments:

Post a Comment