Thursday, February 2, 2017

නාන ඇදුමටත් පොලිසියක්

ඔයාට හිතුනොත් මුහුදු වෙලරට ගිහින් නාන්න අද වන විට කිසිම ගැටලුවක් නැ. 
නමුත් මහා ප්‍රජාතන්ත්‍රවාදි කියපු ඇමරිකාවේ එහෙම බෑ. 
කැමති ඇදුමක් ඇදන් නාන්න බැරි කාලයක් තිබුනා.
ඒ ගැනයි මේ කියන්න යන්නේ්‍ 





20 වැනි සියවස මුල් භාගයේ නව විලාසිත රාශියක් ලෝකයට ආවා. මේ අතුරින් නාන ඇදුම් කැපි පෙනුනා.එතෙක් තිබ්බ සංස්කෘතික  සිමාවන් අතික්‍රමණය කරමින් අලුත් ඇදුම් නිපදවුනා.



එතෙක් තිබූ අත් දිගු, කොලර සහිත‍, ඇග වැහෙන නාන ඇදුම් වෙනුවට ගෙල, අත් කකුල් නිරාවරණය වූ ඇදුම් කරලියට ආවා.  

20 වැනි සියවස මුල් භාගයේදි ඇමරිකාවේ වෙරල ආශ්‍රිතව නාන ඇදුම් පරික්ෂාවට විශේෂ නිලධාරින් පිරිසක් පත්කරනවා. නව විලාසිතාවන් පැලද සිටි කාන්තාවන් නිරික්ෂණය කර අත්අඩංගුවට ගැනිම මොවුන් විසින් සිදුකරලා තියනවා.



අද වන විට සංචාරක පුරවරයක් වන හවායි නගරයේ එවකට තත්ත්වය අහසයි පොලවයි වගේ. එවකට හවායි නිති අනුව වයස 14 වැඩි කාන්තාවකට බෑ දණහිසෙන් දක්වා දිගු නොවන නාන ඇදුම් අදින්න.කොට නාන ඇදුම් එහෙම මේ නිලධාරින්ට පෙන්නම බෑලු. කෙලින්ම අත්අඩංගුවට ගන්නවා.



මේ නිසා පොලිසිය හා සිවිල් ජනයා අතර නිතරම ගැටුම් ඇතිවුනා. මේක හරියට නාන ඇදුම් වෙනුවෙන් කෙරුනු සිවිල් යුද්ධයක් වගේ්‍.



නමුත් කාලයත් සමග ඇතිවූ වෙනස්කම් සමග මේ තත්ත්වය සමනය වුනා. අද වන විට මෙය පෙරටත් වඩා සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.


No comments:

Post a Comment