Thursday, February 2, 2017

ලොවෙත් නැති තුන්වන ලෝකය

‘‘ලංකාව තුන්වැනි ලෝකයේ රටක්.‘‘ මේ කතාවඔයාලා අහලා ඇති.
ගොඩක් වෙලාවට තුන්වැනි ලෝකය හා සංවර්ධනය එකට දාලා තමා කතා කරන්නේ.
අපි තුන්වැනි ලෝකේ නම් කවුද පලමු හා දෙවන ලෝකයේ ඉන්නේ?







මේ ලෝක තුනේ කතාව කරලියට එන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙලා, සීතල යුද්ධයේ සීතල ලොවට දැනෙමින් යන අවධියේදියි.

මේ අවධිය වන විට  ලෝකය තුල ප්‍රධාන බලකදවුරු දෙකක් බිහිවෙලා තිබුනා.

  • ඇමරිකාව ප්‍රමුඛ බල කදවුරු
  • සෝවියට් රුසියාව ප්‍රමුඛ බල කදවුර
මේ අනුව ඇමරිකාව ප්‍රමුඛ බල කදවුර පලමු ලෝකය ලෙසත්, රැසියාව ප්‍රමුඛ බල කදවුර දෙවැනි ලෝකය ලෙසත්, මේ බල කදවුරු තුනටම අයත් නොවන රටවල් තුන්වැනි ලෝකය ලෙසත් හදුන්වනු ලැබුවා.

ඒ අනුව මේ බලකදවුරු දෙකටම අයත් නොවන ලෙස නොබැදි පිලිවෙතක් අනුගමනය කල ලංකාව වැටුනේ තුන්වැනි ලෝකයටයි. මෙලෙස මූලිකව පහසුවෙන් ලෝක බෙදාගත්තත් මේ තුල ගැඹුරු සාමාජිය, ආර්ථික හා දේශපාලනික බෙදීමක් තිබුනා.

තුන්වැනි ලෝකයේ රටවල් බොහෝමයක් යටත් විජිත ලෙස පැවැති රටවල්. මේ රටවල් දුප්පත්, දියුනුවෙමින් පවතින රටවල් වුනා.

චීන හිටපු පාලක මා ඕසේතුං විසින් ගොඩනැගූ Three Worlds Theory අනුව, පලමු ලෝකය සුපිරි බලවතුන් ලෙසත්, දෙවැනි ලෝකය බලවතුන් ලෙසත්, තුන්වැනි ලෝකය සූරාකෑමට ලක්වූ පිරිසක් ලෙසත් හදුන්වනු ලැබුවා.


No comments:

Post a Comment