ලෝක ඉතිහාසයේ වැදගත්ම දැනුම් කේන්ද්‍රයක් ලෙස සැලකෙන ඥානයේ නිවහන නැතහොත් බැග්ඩැඩ් පුස්තකාල මීට සියවස් ගනනාවකට පෙර මොංගල් ආක්‍රමණයක් නිසා විනාශයට පත්වුනා.
මෙය ඉතා දරුණු ප්‍රහාරයක් වගේම
ලොව ගමන් මග වෙනස්කල සිදුවිමක් වුනා.
බැග්ඩැඩ් නුවර ඉතා සමෘදිමත් නගරයක්. වසර දහස් ගනනක් පැරණි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයෙන් සංවර්ධනය වෙලා, ටයිග්‍රිස් වැනි ගංගාවලින් පෝශණය වෙලා තැනුනු දියුණු නගරයක්. මුස්ලිම්වරන්ගේ ධනය බලය වගේම දැනුමත් කේන්ද්‍ර වෙලා තිබුනේ බැග්ඩැඩ් වල. බැග්ඩැඩ් වල ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල වගේම ප්‍රඥාවේ නිවහන ලෙස සැලකෙන ලෝ ප්‍රකට බැග්ඩැඩ් පුස්තකාලය පිහිටා තිබුනා. මුස්ලිම් ලෝකයේ දැනුම රැස්වෙලා තිබුනේ එතන.
නමුත් මේ සමෘදියට කන කොක හඩන්නේ, මොංගල් ආක්‍රමණිකයින් බැග්ඩැඩ් කරා ඒමත් සමගයි.
මොංගල් හා මෝගල් කියන අධිරාජ්‍යය දෙක ගැන සමහර මිතුරන් පටලවා ගන්නවා. සමහරුන් හිතන්නේ මොංගල් හා මෝගල් කියන්නේ එකම අධිරාජ්‍යයක් ගැන කියලා. අපි මීට පෙරත් මොංගල් අධිරාජ්‍යෙය් වික්‍රම ගැන කතා කරලා තියනවා. පහලින්ම එම ලිපිවල ලින්ක් දක්වලා තියනවා.
මොංගල් අධිරජ ව්‍යාප්තිය |
මෝගල් අධිරාජ්‍යය බිහිවන්නේ ඉන්දියාවේ. ඔය අක්බාර්, සාජහාන් වැනි රජවරුන් ඉන්නේ මෝගල් අධිරාජ්‍යය තුලයි. නමුත් අපි මේ කතා කරන මොංගල් අධිරාජ්‍යය බිහිවන්නේ, ස්ටෙප්ස් භූමි ආශ්‍රිතවයි. අසු පදවන්න මේ මොංගෝලියානුවන් උපන් හපන්කාරයෝ. කුබ්ලයිඛාන් ජෙන්ගිස්ඛාන් වගේ අධිරාජ්‍යයන් අපිට හමුවන්නේ මේ මොංගල් අධිරාජ්‍යය තුලයි. මාකෝපෝලෝට එහෙමත් ඔය මොංගල් අධිරාජ්‍යය එක්ක සබදතා තිබුනා. මාකෝ පෝලෝ ලංකාවටත් ආවා නොවැ. ඒ ගැන වෙනම කතා කරමු.
මොංගල් අධිරාජ්‍යය කියන්නේ ප්‍රභල අධිරාජ්‍යයක්. අල්ලාගත් භූමි ප්‍රමාණය අතින් දෙවැනි වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පමනයි. මොංගල් වරුන් තම ආක්‍රමණ මෙහෙයවන්නේ ඉතා මිලේච්ඡ ආකාරයකටයි. අහුවෙන අහුවෙන අය මරණ තාලේ ආක්‍රමණයි ඔවුන් කරන්නේ..
හුලෙගු ඛාන් |
1258 වසරේදි අබ්බාසිද් ඉස්ලාමිය රාජධානියේ අගනුවර වුන බැග්ඩැඩ් නගරයට හුලෙගු ඛාන් ගේ මොංගල් හමුදාව පහර දෙනවා. මේ ආක්‍රමණයේදි හුලෙගු ඛාන් ගේ සහයට කුරුස යුද්ධ වලට සම්බන්ද ක්‍රිස්තියානි හමුදාත් එක්වනවා.
ආක්‍රමණයට පෙර බැග්ඩැඩ් පාලනය කල කලිෆාවරුන්ට යටත් විමේ යෝජනාවක් මොංගල්වරුන් විසින් ඉදිරිපත් කලා. නමුත් කලිෆාවරුන්ගේ උපදේශකයින් අතර පැවැති ගැටුම් හා තමා පිලිපදව ඇති අධිතක්සේරුව නිසා, ඔවුන් යුද්දයකට ගියා. මෙය කලිෆාවරුන්ගේ වැරදි තිරණයක් බව හොදින්ම පැහැදිලියි.
සටනේදි මොංගල් හමුදා බැග්ඩැඩ් නගරය සුනු විසුනු කරනවා. බැග්ඩැඩ් වැසින් සමුල ඝාතනය කරමින් උත්සව පවා පවත්වා තිබෙනවා. මෙසපොතේමියාවට අයත් පාරම්පරික ගොවිබිම් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා.
මෙයින් තමයි නබි පරපුරේ කලිෆාවරුන්ගේ බලයේ අවසානය සටහන් වෙන්නේ. ඉස්ලාමිය අධිරාජ්‍යය දෙදරා යනවා.
මේ සමගම බැග්ඩැඩ් වල තිබුනු විශ්වවිද්‍යාල විනාශ වෙනවා. ඒ සමගින් ප්‍රඥාවේ නිවහන වූ බැග්ඩැඩ් පුස්තකාලය විනාශ කර පොත්පත් ටයිග්‍රිස් ගගට දානවා. මේ පොත් වල තින්ත වලින් ගංගාව කලුපැහැ වුනාලු.
හිතාගන්නකෝ කොච්චර පොත් ගොඩක්ද කියලා.
බැග්ඩැඩ් වල රැස්වෙලා තිබුනු මුස්ලිම් ලෝකයේ දැනුම විනාශ වි යෑම , මුස්ලිම් අන්තවාදය ඇතිවිමට එක් හේතුවක් කියලා ඉතිහාසඥයින් සදහන් කරනවා. මුස්ලිම්වරුන්ට විතරක් නොවෙයි මුලු ලෝකයට අතිශය වැදගත් දැනුම් කන්දරාවකුයි ටයිග්‍රිස් ගගේ ගහන් යන්නේ.
විද්‍යාව හා දැනුම නැති තැන මිත්‍යාව රජයනවා. මිත්‍යාව පස්සේ යනකොට හරිවැරැද්දක් තේරෙන්නේ නැ. දැක්කාද දැනුම අහිමි විම කොතරම් දුරට බලපානවාද කියලා?
- රොෂින් ප්‍රනාන්දු
පෙර ලිපි
No comments:
Post a Comment