Tuesday, February 21, 2017

ඇයි ලෝකයේ වම හා දකුණ ලෙස දෙයාකාරයට රිය පදවන්නේ?

ලංකාවේ නම් රිය ධාවනය වම් පැත්තෙන්, 
නමුත් යුරෝපා රටවල දකුණු පැත්තෙන්.
ඇයි මෙහෙම ආකාර දෙකක්.





ඔයාලාටත් මේක හිතිලා ඇති. 
වම හෝ දකුණ කියලා බෙදිමක් නැතිව එක් පැත්තක් විතරක් තිබ්බානම් ඉවරයි නේද?
මේ බෙදිම ගැනයි මේ කියන්න යන්නේ.

පුරාවිද්‍යාඥයින්ට අනුව පුරාණ රෝමයේ රිය ධාවනය කරලා තියෙන්නේ වම් පසින් කියලා කියනවා. මෙයට නියම හේතුව සොයාගෙන නැතත් ආරක්ෂාව සදහා එසේ කලා කියලා මතයක් තියනවා.



පුරාණ යුද්ධ වලට බොහෝ විට රිය ධාවනය කරලා තියෙන්නේ වම් පැත්තෙන් තමයි. බෝහෝ යුධ බටයන්ගේ හුරු අත වෙලාතියෙන්නේ දකුණු අත. ඒ නිසා දකුණු අතින් හෙල්ලයක් කඩුවක් වැනි ආයුධ හසුරවන්න පහසු විම සදහා වමෙන් රිය පැදවීම සිදුකරලා තියනවා.

1700  වනකං ලොව මාර්ග වල එතරම් රථවාහන තිබිලා නැ. ඒ නිසා වම හෝ දකුණ වෙනසකින් තොරව ඒ ඒ ප්‍රදේශ වල සම්මත කරගත් ආකාරයකට රිය ධාවනය කරලා තියනවා.

නමුත් 1800 වන විට, සැලකිය යුතු තරම් වාහන මාර්ගයට එක්විමත් සමග යම් රිය ධාවනයේ දිශාව සම්බන්ද නිතිමය රාමුවක් අවශ්‍ය වුනා. 

මේ නිසා බ්‍රිතාන්‍ය තුල වම් පසින් ධාවනය නීතියක් බවට පත්වුනා.  රථයේ දකුණුපස රිය ආසනය පවතින වාහන වම් පසින් ධාවනය කිරිම ආරක්ෂිත බව ඔබටද වැටහෙනු ඇත. 

බ්‍රිතාන්‍යයේ  වම් පසින් ධාවනය කල යුතුයි යන්න සම්මතය  බ්‍රිතාන්‍ය යටත් විජිත කරා පැතිර ගියා. ඒකයි බ්‍රිතාන්‍ය කොලනියක් වූ ලංකාවෙත් වම් පසින් රිය ධාවනය කරන්නේ. වම්පසින් රිය ධාවනය කරන රටවල් බොහෝමයක් බ්‍රිතාන්‍ය කොලනි බවත් සදහන් කල යුතුයි.

ඇමරිකාව බ්‍රිතාන්‍යයේ සම්මතයන්ට එරෙහිව යමින්, වම් පස රියදුරු අසුන් පැනවිමට කටයුතු කලා. ඒ අනුව ඔවුන්ගේ රටවල රිය ධාවනය සිදුවන්නේ දකුණු පසින්. මෙම දකුණු පසින් රිය ධාවනය කිරිමේ සම්මතයට ලෝකෙයේ බොහෝ රටවල් පිලිගත්තා.




අද වන විට ලොව රටවලින් 80%ක් පමණ රටවල් වල රිය ධාවනය වන්නේ දකුණු පසින්.

බ්‍රිතාන්‍ය හා ඇමරිකානු වෙනස පැහැදිලි කරන තවත් දෙයක් තමයි ගුවන් යානා එන්ජින් කැරකෙන පැත්ත.

බ්‍රිතාන්‍ය නිෂ්පාදන වන රෝල්ස් රොයිස් ගුවන්යානා එන්ජින් කැරකෙන්නේ දක්ෂිනාවර්තව. නමුත් ඇමරිකානු නිෂ්පාදන වන ජෙනරල් මෝටර්ස් එන්ජින් කැරකෙන්නේ වාමාවර්තවයි.

- රොෂින් ප්‍රනාන්දු     

No comments:

Post a Comment