Thursday, February 16, 2017

ප්ලාස්ටික් නැති ප්ලාස්ටික් සැත්කම්

ප්ලාස්ටික් සැත්කම් ගැන ඔයාලා අහලා ඇති.

ඇයි මේ නමින් හදුන්වන්නේ?
ප්ලාස්ටික් වත් භාවිතා කරනවාද?






FB එකේ මගෙන් මිතුරෙක් ඉන්බොක්ස් කරලා ඇහුවා මෙහෙම දෙයක්
ප්ලාස්ටික් සැත්කම්  එම නමින් හදුන්වන්නේ සැත්කම් වලදි ප්ලස්ටික්  භාවිතා කරනවාද?

නම ඇහෙද්දි එහෙම හිතුනත් පිලිතුර  - ‘‘නැ‘‘ 
ප්ලාස්ටික් භාවිතයක් නිසා නෙවෙයි මේ නම වැටෙන්නේ.

ප්ලාස්ටික් සැත්කම් කියලා හදුන්වන්නේ මිනිස් සිරුරේ අවයව පටක ප්‍රතිනිර්මාණය, ප්‍රතිසංස්කරණය වගේ දේවල් සම්බන්ද සත්කම් වලටයි. 

වෛද්‍ය විද්‍යාවේ  සායනික පාරිභාෂික වදන්  වලට උප්පත්තිය දුන්නේ ග්‍රීක භාෂාව විසින්.

ග්‍රීක භාෂාවේ Plastikos යන්න හැඩගැස්විම හා සකස්කිරිම  වගේ අර්ථ ගන්නවා. මේ වදන තමයි, පසුකාලිනව Plastic ​බවට පෙරලෙන්නේ.  මොකද ප්ලාස්ටික් සැත්කමේදිත් කරන්නේ ​සිරුරේ පටක අවයව නැවත හැඩගැස්සවිමක් නේ. 

ඔන්න ඔහොමයි වුනේ.
ප්ලාස්ටික් කිව්වාට අපි දන්න ප්ලාස්ටික් නෙවෙයි.


 

No comments:

Post a Comment