Tuesday, June 27, 2017

ලොව පලමු බැටරිය, බැග්ඩෑඩ් බැටරියද?

විද්‍යුත් බැටරි නැතිනම් විද්‍යූත් කෝෂ අද නැතුවම බැරි දෙයක්. වෝල්ටාගේ සරල කෝෂයෙන් බැටරි තැනිල්ල පටන් ගත්තා කියලායි බොහෝ දෙනා දන්නේ. නමුත් එයට බලපෑමක් කරන පුරාවිද්‍යාත්මක භාණ්ඩයක්
ඉරාකයෙන් සොයාගත්තා.






එය,
Baghdad Battery / බැග්ඩෑඩ් බැටරිය



ඉරාකය කියූ සැනින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ සදාම් හුසේන් පාලනය හා නොනවතින යුද්ධයයි. නමුත් මෙසපොතේමියානු ගංගාධර ශිෂ්ඨාචාරයෙන් පෝශණය ලත් ඉරාකය සගවා සිටින පුරාවිද්‍යාත්මක වටිනාකම කියා නිමකල නොහැකියි.

ක්‍රි.ව 1938 සමයේදි එවකට ඉරාක කෞතුකාගාරයේ සේවය කල ජර්මානු පුරාවිද්‍යාඥ විල්හෙලම්  කොනිග් (wilhelm Konig) මහතා විසින් බැග්ඩැඩ් නගරයට ආසන්න කූජිට් රාබු නම් ප්‍රදේශයෙන්  සොයාගත් පැරැණි බදුන්  කිහිපයක් ගැන පරික්ෂණ කරනවා. පරික්ෂණ පවත්වන අතරවාරයේදි මේවා නිකම්ම නිකං බදුන් නොවන බව විල්හෙලම් මහතාට පසක් වූවා.



මැටියෙන් තැනූ මෙම බදුන් තුල, තඹ වලින් සැදූ සිලින්ඩරයක් හා තනි යකඩ කූරක් සමන්විත වුනා. බදුන ඇස්පැල්ට්/ගල්තාර වලින් මුද්‍රා තබා තිබුනා. බාහිරට නිරාවරණය වීම නිසා මලකෑමට ලක්ව තිබුනා.

දැනට එලැබ ඇති නිගමන වලට අනුව මෙම බදුන් ක්‍රි.පූ 200 තරම් ඈත අතීතයේ නිර්මිත යැයි සැලකෙනවා. නමුත් කාල නිර්ණය ගැන ගැටලු නැතිවා නොවේ.



මෙය ඉතා පැරැණි බැටරියක් බවට මත පලකෙරෙනවා. බදුන් තුලට වයින්/ මිදි යුෂ/දෙහි යුෂ/ විනාකිරි වැනි ද්‍රාවණ දමා ආම්ලික මාධ්‍යයක් ඇතිකර ගෙන විද්‍යූත් විඡ්ඡේදන ක්‍රියාවලීන් මගින් විදුලිය උත්පාදනය කරගෙන ඇති බවට  මතයක් පවතිනවා.
කෝනිග් ගේ මතය අනුව මෙසේ උත්පාදනය කරගත් විදුලිය භාවිතයේ, විදයුත් ලෝහාලේපනය සිදුකර ඇතිබවට මතයක් පවතිනවා. නමුත් මෙය තහවුරු කිරිමට  සාක්ෂියක් හමුව නැ.

එමෙන්ම මෙය වෛද්‍ය ප්‍රතිකාර සදහා බාවිතා කල බවටත් මතයක් පවතිනවා. පැරැණි ග්‍රීක ලියවිලි වල, වේදනා නාශයක් ලෙස විද්යූත් ධාරා නිපදවන මාලුවන් රෝගී ශරිරයේ ස්පර්ශ කර තිබෙනවා. බැග්ඩෑඩ් බැටරියේ බාවිතයද එවැන්නක් විය හැකියි.

බැග්ඩෑඩ් බැටරිය ගැන කරුණු සෙවිමේදි මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ, මෙය නිපදවූ සමයේ හෝ පසුකාලිනව මෙය පිලිබදව ලිඛිත සාක්ෂි නොමැති වීමයි.



යුෂ වර්ග/ වයින් යොදාගෙන විදුලිය නිපදවිය හැකිද යන්න ගැන පරික්ෂණ පවත්වා තිබෙනවා. ලෝ ප්‍රකට පරික්ෂණ වැඩසටහනක් වන Mythbusters වැඩසටහන විසින් වරක් බැග්ඩෑඩ් බැටරි අාකෘතියක් නිපදවා, ඒයට යම් විදුලි ධාරාවක් නිපදවිමේ හැකියාවක් අැති බව පෙන්වූවා . නමුත් එක් පරික්ෂණයකින් දෙකකින් පමණක් සියල්ල විසදෙන්නේ නැ. 

මේ අතරතුර සදහන් කල යුතු කණගාටුදායක සිදුවිමක්ද තිබෙනවා.
2003 ඉරාක ගැටුම් අතරතුර, ඉරාක කෞතුකාගාරයේ සිදුවු කොල්ලකෑම් හේතුවෙන් මෙම බදුන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොල්ලකෑමට ලක්වුනා.

අදටත් මේගැන ගවේෂණ සිදුකරනවා. 
බලා සිටිමු.
වෝලටා පරදීද කියලා!!!!

සබැදි ලිපි








4 comments: