Thursday, June 15, 2017

රෝගින් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය අතහැරි මිනිසා

පෝලියෝ නැතිනම් බාලක පක්ෂගාතය රෝගය ගැන මිතුරන් අහලා ඇති. පෝලියෝ රෝගින් ගේ සුවය උදෙසා ලැබෙන්නට තිබූ බිලියන ගනනක මුදල් අතහැරලා රෝගින් වෙනුවෙන්ම කැපවුණු මනුලොව දෙවියෙක් ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.








මේ 1950 දශකයයි. දෙවැනි ලෝක යුද්ධයේ උණුසුම තවමත් මැකි ගොස් නැත. සීතල යුද්ධයේ අලුයට ගිණි දළුලමින් පවති. මේ අතර පෝලියෝ වසංගත තත්ත්වයක් පැතිරයමින් තිබිනි.

දහස් ගනකගේ ජිවිත බිලිගනිමින් දසදහස් ගනණක් ආබාධිතයන් කරමින් ඇමරිකාව පුරා පෝලියෝ වසංගතය පැතිරයමින් තිබිනි. ඇමරිකානු ජනාධිපතිවරයකු වූ  ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ව රෝදපුටුවකට සීමාකිරිමට  පෝලියෝ සමත්වුනා. 

ජෝනාස්

දිගු පරික්ෂණ මාලාවක ප්‍රතිපලවක් ලෙස ඇමරිකානු ජාතික ජෝනාස් සොල්ස්/ Jonas Salk මහතා විසින් ලොව පලමු  ආරක්ෂිතව හා ඵලදායි පෝලියෝ එන්නතක්/ vaccine නිපදවීමට සමත්වෙනවා.

ජෝනාස් විසින් රසායනාගාර තුල වෛරස සාම්පල වගාකර, රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් එම වෛරස අක්‍රිය කර තිබෙනවා. එවිට තවදුරටත් බෙදිමට හෝ ගහණය වැඩිකරගන්නට බෑ.  අක්‍රිය කරන ලද වෛරස පුද්ගලයකුට ඇතුල්කිරිමෙන් පසුව, අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්  ප්‍රතිදේහ නිපදවනු ලබනවා. එයින් ඔහු/ඇය රෝගයෙන් ආරක්ෂා වෙනවා.

මෙම ක්‍රියාවවට එකල බොහෝ වෛද්‍යවරුන් හා පරික්ෂකයන්ගේ විවේචන එල්ල වුනා. පෝලියෝ ගැන පරික්ෂණ කරපු විද්වතුන් පවා ජෝනාස් ගේ ක්‍රියා විවේචනය කලා.

ජෝනාස් මුලින් මුලින් වදුරන්ට එන්නත් කරලා එන්නත පරික්ෂා කරා. මෙයින් සාධනිය ප්‍රතිපල ලැබුනා. නමුත් මේක වදුරන්ව හොදකරන්න හදන බෙහෙතක් නෙවෙයිනේ. ඒ නිසා මිනිසෙක්ටම දිලා බලන්න ඕනා..

ඉතින් ජෝනාස්  විසින් ඔහු විසින්ම පරික්ෂණයට භාජනය වෙන්නට තිරණය කලා. ඒ අනුව ජෝනාස්, ඔහුගේ බිරිද, පුතුන් තිදෙනා එන්නත ගත්තා. පරික්ෂණය සාර්ථකයි.  

ජෝනාස් ගේ පොලියෝ එන්නත මිලියන ගනනින් ලොවපුරා බෙදාහැරුනා. පොලියෝ තුරන් කිරිමේ මුල්ම අඩිය මෙය නොවුනත්, හොද නැග්මක් අරන් දෙන්න ජෝන්ස්ට හැකිවුනා.


ජෝනාස් විසින් එන්නත් කරන අවස්ථාවක්


මෙහිදි විශේෂයෙන්ම සදහන් කලයුතු කරුණ නම්, තමන් සොයාගත් ඖෂධය සදහා පේටන්ට් හිමිකම ලබාගැනිමට ජෝනාස් අකමැත්ත පලකිරිමයි. එක්වරක් ඔහුගෙන් මේ පිලිබදව මාධ්‍ය වේදියකු ඇසුවිට ජෝන්ස් මෙසේ පිලිතුරු දුන්නා.
 “There is no patent. Could you patent the sun?”
තමා යටතේ ඖෂධයේ අයිතිය තබා නොගැනිම නිසා ජෝනාස්ට බිලියන ගණනක පාඩුවක් සිදුවන්නට ඇති. නමුත් ඔහු අයිතිය අත්හැරිම නිසාම ඉතා ඉක්මනින් ඖෂධ නිපදවිමට හා බෙදාහැරිමට හැකිවුනා.


මුදලට වඩා මනුස්සකම!!!

සැබින්

1960 දශකයේ මුල්භාගයේදි  ඇල්බට් සැබින්ගේ මුඛ පෝලියෝ එන්නතද වෙළදපොලට පැමිණිය. සැබින්ට හා ජෝනාස්ට පින්සිද්ද වෙන්න අද ලෝකයෙන්ම පෝලියෝ තුරන් වන තත්ත්වයටම පැමිණිලා.







4 comments:

  1. ඔවුන් දෙවියන් !! අපිත් මේකේ ප්‍රතිලාභ ලැබුවා.

    ReplyDelete
  2. ඔවුන් දෙවියන් නෙවෙයි. නියම 'මිනිසුන්'

    දෙවියන්ට පුළුවන් වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි. මොකද එන්නත් නිපදවන්නද?

    ස්තුතියි මේ ගැන දැනුවත් කලාට

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාර මහත් රුකුලකි.
      ස්තුතියි

      Delete