Friday, June 30, 2017

රුසියානු ඔත්තුකාරියකට පෙම්බැදි අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින්, ලෝ ප්‍රකට විද්වතෙක්. ලොව අලුත්ම මානයකට ගෙනගිය පුද්ගලයෙක්. නමුත් කොච්චර බුද්ධිමතෙක් උනත්, දැනුම තිබුනත් ආදරය ලග බොළද වෙන අවස්ථා තියෙනවා. අයින්ස්ටයින් සම්බන්දවත් ඒ වගේම රහසක් තියෙනවා.






අයින්ස්ටයින් දෙවරක් විවාහා වූවා. විවාහයන් දෙකට අමතරව රුසියානු ඔත්තුකාරියකටද පෙම්බැදි බව අයින්ස්ටයින් විසින් තම මිතුරකු වූ මිෂෙල් බෙසෝ (Michele Besso) වෙත එවූ ලිපිවලින් හෙලිදරව් වෙනවා.

බෙසෝ සමගින්


අයින්ස්ටයින් හා  බෙසෝ ස්විස් හී සූරිච් වලදි මුල්වරට හමුවෙනවා. ඔවුන් දෙදෙනාගේ මිතුදම කාලයත් සමග තරවන අතර, දෙදෙනාම බර්න් හී ස්විස් ෆෙඩරල්  පේටන්ට් කාර්යාලයේ සේවය කලා. අයින්ස්ටයින් හා බෙසෝ අතර මිතුදම කොතරම්ද යත් නව මතවාදයක් ගැන අදහස් මතුවන විට එය බෙසෝ දැන්වීමට අයින්සටයින් ඉක්මන් වුනා. ඔවුන් දෙදෙනා අතර විද්‍යාත්මක කරුණු පමණක් නොව පෞද්ගලික කාරනා සම්බන්දවද ලිපි  හුවමාරු වුනා.

අයින්ස්ටයින් ගේ පලමු බිරිද වූ මෙලිනා මැරිච් (Milena Marić) සමග විවාහ වූයේ 1903 වසරේදිය. එම සබදතාව එතරම් හොදින් පැවැත්වූනේ නැ. ගැටලු ඇතිවූ අවස්ථාවලදි ඒවා විසදීමට බෙසෝ ද මැදිහත් වුනා. 
එම මැදිහත්වීම් පිලිබදව අයින්ස්ටයින්ගේ පැසසුමට බෙසෝ ලක්වූ අතර, අවසනයේ පලමු විවාහය දික්කසාදයකින් කෙලවර වුනා.

පලමු බිරිද සමග

අයින්ස්ටයින්ගේ දෙවැනි බිරිද වූයේ එල්සා ලොවෙන්තෝල් (Elsa Löwenthal) නම් ඥාති සොයුරිය වූ අතර 1936 වසරේදි ඇය දිවිගමනින් සමුගත්තා.

එල්සා සමග

නිතර නිතර හුවමාරු වන ලිපි ගමන් අයින්සයින් විසින් මහා විද්‍යාඥයන් සතු මානව ගුණ ගැන සදහන් කොට තිබෙනවා. බුද්ධි මට්ටම වැඩි මිනිසුන්ගේ සමාජ සබදතා දුර්වල වන අවස්ථා දකින්න පුලුවන්. 



1936 දී එල්සා ගේ මියයෑම අයින්ස්ටයින් වෙත දැඩි පීඩාවක් එල්ලකරා. මේ හේතුවෙන් ලිපි හුවමාරුද තාවකාලිකව නතර වුනා. එල්සා ගේ මියයෑමෙන් මද කලකට පසුව දෙවැනි ලෝක සංග්‍රාමය ඇතිවූ අතර ඔහුව වැඩ කන්දරාවකට සිරවුනා. 1938 වසරේ බෙසෝ වෙත ලියූ ලිපියක අයින්ස්ටයින් සදහන් කර ඇත්තේ, මේ වැඩ නැතිනම් ජීවත් වීමටද අවශ්‍යතාවක් නැති බවයි. එම ප්‍රකාශයෙන්ම අයින්ස්ටයින් පසුවු මානසික පීඩාව හදුනාගත හැකියි.

මාගරිටා

මේ අතර අයින්ස්ටයින්  ආලයක පැටලුනා. මාගරිටා කොනෙන්කොවා නම් වූ ඇය, රුසියානු ඔත්තුකාරියක ලෙස චෝදනාවට ලක්වූ තැනැත්තියක්. මෙම සම්බන්දය ලොවට අනාවරණය වුනේ 1998 වසරේදි වෙන්දේසියකට ඉදිරිපත් වූ 1945-1946 අතර කාලයේ ඔවුන් දෙදෙනා අතර හුමවාරු වූ ලිපි නවයක් මගිනි.

ඇය විවාහක කාන්තාවක්.  ලූකාස් නම් රහස් නමින් හැදින්වූ ඇයව, පරමාණු බෝම්බයේ පියා ලෙස හැදින්වූ රොබට් ඔපන්හයිමන් මහතා සම්බන්දව ඔත්තු බැලිමට යොදවා තිබුනා.

රොබට් ඔපන්හයිමර්

රොබට් ගේ  මැන්හැටන් ව්‍යාපෘතියට අයින්ස්ටයින් සෘජු දායක වුනේ නැ. ඒ දෙදෙනාගේ හමුවිම සම්බන්දව අපැහැදිලිවුනත්, ඇය ඔත්තුකාරියක් වියහැකි බව අයින්ස්ටයින් දැන සිටි බවට සාදක තිබෙනවා. නමුත් ඒවා එලිදරව් කරන්නට අයින්ස්ටයින් ඉක්මන් වූයේ නැ.



අයින්ස්ටයින් හා මාගරිතා ගේ මුල් හමුව 1935 වසරේදි සිදුවු බවට සාදක ඇතත්, එල්සා ගේ මරණයට(1936) පෙර ඔවුන් දෙදෙනා අතර සබදතාවක් පැවැතියාද යන්න අපහැදිලියි. 


අවසන් වරට අයින්ස්ටයින්ගේ ජිවිතය පිලිබදව ඔහු විසින් ලියා තබන්නේ 1955 වසරේද, තම මරණයට සතියකට පමණ පෙර බෙසෝ ගේ පුත්‍රයා වෙත යවන ලිපියකිනි. ඒ වන විට බෙසෝ දිවිගමන අවසන් කර තිබිනි.

අයින්ස්ටයින් - බෙසෝ අතර හුවමාරු වුයේ මෙවැනි ලිපිදැයි දැන් ඔබට කුකුසක් මතුවනු ඇත. 1903 - 1955 කාලය අතරතුර අඹ යාලුවන් දෙදෙනා අතර හුවමාරු වු ලිපි තුල, ජිවිත කතා වලට අමතරව, ලොවම  නව මානයකට ගෙනගිය සාමාන්‍ය හා  විශේෂ සාපෙක්ෂතා වාදය,  කොන්ටම් විද්‍යාව හා තවත් බොහෝ විද්‍යාත්මක කාරණා ගැනද සාකච්ඡා කොට තිබිනි. 


4 comments:

  1. ස්තුතියි
    කෙටි කමෙන්ටුව උවත් අපට ලොකු ජවයක්

    ReplyDelete
  2. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවනේ....!!!
    ලෝ ප්‍රකට බුද්ධිමතෙක් උනත් අයින්ස්ටින් මහත්තය උනත් පෘතක්ජන මනුස්සයෙක් නෙව,තනිකම කාටත් පොදු දෙයක්

    හි.ත

    ReplyDelete
    Replies
    1. නැත්තම් නැත්තම් හිතෝ....

      Delete