Saturday, June 3, 2017

එඩිසන් ගේ අවසන් හුස්ම

විදුලි බුබුල ඇතුලු නව නිපැයුම් විශාල සංඛ්‍යාවක් ලොවට දායද කල ‘‘මෙන්ලෝ උයනේ මායාකරු‘‘ තෝමස් අල්වා එඩිසන් ගේ අවසන් හුස්ම පොද ගබඩා කර තිබෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි.



ඇමරිකාවේ මිචිගන් හී පිහිටි Henry Ford Museum of American Innovation කෞතුගාරයේ ලොව වැදගත් සිහිවටන බොහෝමයක් තැම්පත් කර ඇති කෞතුකාගාරයකි. ඇමරිකාවේ මහත් අන්දෝලනාත්මක අවස්ථා වල සිහිවන මෙහි ඇති අතර වසරකට මිලියන ගනනක් පිරිස මෙය නැරබිමට පැමිණෙනවා.

මෙහි ඇති කෞතුක වස්තුන් අතර එක් කුඩා පරික්ෂණ නලයක් සංචාරකයන්ගේ නිනැතින්ම යොමු වෙනවා. එහි ඇත්තේ,

තෝමස් අල්වා එඩිසන් ගේ අවසන් හුස්ම 



මෙම කුඩා පරික්ෂණ නලය අගල් 6ක පමන දිගකින් යුක්තයි. පැරොපින් වලින් මුද්‍රා තබා පොරොප්පයකින්ද වසා ඇත. නිෂ්පාදිත දිනය ලෙස ක්‍රි.ව 1931 සදහන් කර ඇත. ඒ තෝමස් එඩිසන් මියගිය වසරයි.



කොහොමද අවසන් හුස්ම පොද එකතු කලේ? කොහොමද මේ නලය කෞතුකාගාරයට ආවේ? එන්න අපි හොයලා බලමු.

හෙන්රි ෆෝඩ්, ලොව පාරවල් වෙනස් කරපු පුද්ගලයෙක්. ඔහු තමන්ගේ නිර්මාණ මගින් ගමනාගමනය වෙනස් කලා. ෆෝර්ඩ් සන්නාමය බිහිකලා. නමුත් හැම බලවතෙක්ටම දුක් විදපු කාලයක් තියෙනවා. හෙන්රි  ෆෝඩ් කලක් තෝමස් අල්වා එඩිසන් ගේ සමාගමක සේවයේ නියුතුව සිටියා.

එඩිසන් හා ෆෝඩ්


ෆෝඩ් ගේ දක්ෂතා දුටු තෝමස්, ඔහුට උපකාර කලා. කාලයත් සමග ෆෝඩ්- එඩිසන් මිතුදම ශක්තිමක් වුනා. මේ දෙදෙනා මාවත් දෙකක යමින් ලොවට නව නව නිපැයුම් දායාද කලා. දැවැන්ත ඇමරිකාවක් බිහිකිරිමට නිහඩ දායකත්වය ලබා දුන්නා.

ක්‍රි.ව 1931 වසර.. එඩිසන්ට එතරම් සුබදායක වුනේ නැ. වසරේ අගභාගය වන විට එඩිසන් බොහෝ දුර්වල වුනා. එඩිසන් තම ජිවිතයේ අවසන් දින කිහිපය ගෙවන විට,  එඩිසන් ගේ පුතා වු චාල්ස් එඩිසන් විසින් එඩිසන්ගේ අවසන් හුස්ම ගබඩා කිරිමේ අරමුනින් කාමරය තුල පරික්ෂණ නල කිහිපයක් තැබුවා. මෙසේ පරික්ෂණ නල තබන්නට කිව්වේ ෆෝඩ් බවත් කටකතා කියවෙනවා. 

එඩිසන් මිය ගිය වහාම, චාල්ස් විසින් මෙම පරික්ෂණ නල පැරෆින් වලින් මුද්‍රා තබා තිබෙනවා. පසුව එයින් එක් පරික්ෂණ නලයක් පියාගේ මිත්‍ර ෆෝඩ් වෙත යවා තිබෙනවා. එම පරික්ෂණ නලය තමයි කෞතුකාගාරයේ තැම්පත් කර තිබෙන්නේ.

පුදුමයි නේද? 
නමුත් එඩිසන් ගේ අවසන් හුස්ම පොද ගබඩා කිරිම සදහා චාල්ස් යෙදු උපක්‍රමය කොතරම් සාර්ථකද යන්න ප්‍රායෝගිකවම ගැටලුවක් මතු වෙනවා. 

 නමුදු කෞතුක වස්තුවක් ලෙස මෙයට ඉහල වටිනාකමක් හිමි වෙනවා.


තවත් මෙවැනි සැගවුනු කතා කියවන්න ‘‘සැගවුණු ඉතිහාස කතා‘‘ ලේබලයට පිවිසෙන්න.
අලුත් වන කතා කියවන්න අපිව FOLLOW කරන්න.


1 comment: