Sunday, June 11, 2017

ඉක්මනින් Google කරන්න කෙටි ක්‍රම

Google search, අපිට කොහෙත්ම අලුත් දෙයක් නෙවෙයිනේ.  පහසුවෙන් ගූගල් වලින් ඔබට අවැසි නිවැරදිම සර්ච් රිසාල්ට් ලබාගන්න උපදෙස් කිහිපයක් මෙන්න.




  • සරලව කෙටියෙන්

ඔබට ඔබ අවට තියන දෙයක් සොයාගන්න අවශ්‍යද? ඒක සරලව ගූගල් කරන්න.  ඉංග්‍රිසි ව්‍යාකාරණ දාලා ලියන්න ඕනා නැ.

උදා - ලගම තියන ATM එක හොයාගන්න නම්,ATM places nearby වගේ සරලව ටයිප් කරන්න. ලේසියෙන් හොයාගන්න පුලුවන්.


  • උධෘත/ කියමන් සොයනවානම් මෙහෙම කරන්න.
ඔබ කවුරුන් හෝ කියපු, පොතක තිබුනු වාක්‍ය කණ්ඩයක් වගේ දෙයක් ගූගල් කරනවානම්, ඔබ එය පෙරළුැ කොමා (inverted comma) තුල ටයිප් කරලා සර්ච් කරන්න. එවිට ඔබට අවැසි සර්ච් රිසාල්ට් පහසුවෙන්ම ලැබේවි.



  •  ඔබ සර්ච් කරන්නේ බහු අර්ථ පදයක්ද?


. ඔබ ඕනැතරම් බහු අර්ථ පද ගූගල් කරලා තියෙන්න පුලුවන්. එවිට ඔබට අවශ්‍ය මෙන්ම අනවශ්‍ය සර්ච් රිසාල්ට් දර්ශණය වෙනවා දැකලා ඇති. මේක අඩුකරන්න පහසු ක්‍රමයක් තියනවා. ඔබ සර්ච් කරන්න අවැසි පදයට පසුව ‘‘-‘‘ යොදා ඔබට දර්ශණය වීමට අනවශ්‍ය පද  සදහන් කරන්න.
උදා - ඔබට ජගුවර් සත්ත්වයා ගැන දැනගැනිමට අවශ්‍ය යැයි සිතමු. ජගුවර් නමින් කාර් සන්නාමයක්ද පවති. ඔබට වාහන සන්නාමයේ සර්ච් රිසාල්ට් මගහැරිමට අවැසි නම්,             jaguar - car  ලෙස සදහන් කරන්න. මෙය බොහෝ බහුඅර්ථ පදවල අනවශ්‍ය සර්ච් රිසාල්ට් මගහැරිමට යොදාගත හැක.


  • යම් වෙබ් අඩවියක අන්තර්ගත තොරතුරක් සෙවිමට අවශ්‍යද?


ඔබ සොයන තොරතුර යම් වෙබ් අඩවියක සෙවිය අන්තර්ගතව ඇති බව ඔබ දනී. නමුත් එය අදාල වෙබ් අඩවියේ සෙවීම අපහසුයි. ඔබට මෙහිදි අදාල වෙබ් අඩවිය හා තෙතිත/ කොලෝන් බාවිතා කර සර්ච් කල හැකියි. {keywork site:website}

උදා-  ඔබට ලංකාව ගැන විකිපිඩියාවේ සෙවිමට අවශ්‍ය යැයි සිතන්න. ඔබ Sri lanka site: wikipedia.org ලෙස සදහන් කර සර්ච්කරන්න. ජනේලයේ තියන ලිපිත් පහසුවෙන්  හොයාගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.


  • එකවගේ දේවල් සොයාගන්න ඕනාද?


එකම වෙබ් සයිට් එකක් බලලා බෝරින් වගේද? තවත් සමාන වෙබ් අඩවි සොයාගන්න ඕනාද? එහෙනම් related: බාවිතා කරන්න.

උදා -  විකිපිඩියාම බලලා ඇති වෙලාද? ඒ වගේම සමාන තව සයිට් හොයාගන්න ආසද? එහෙනම් related:wikipedia.org කියලා ගහලා බලන්න. ඔබට ලැබෙන සර්ච් රිසාල්ට් තුල විකිපිඩියාව හැර ඊට සමාන බොහෝ අඩවි දැකගත හැකිවේවි. උත්සහ කරලා බලන්න.


  • තනි වචනෙන්, තනි වාක්‍ය කණ්ඩයකින් සොයාගැනිමට අමාරුද?


ඔබ සොයන බොහෝ කරුණු කාරනා ගූගල් තුල තනි වචනයක් ටයිප් කරලා සොයාගන්න අමාරු වෙන්න පුලුවන්. එහෙම වෙලාවක OR බාවිතා කරලා වචන වාක්‍ය එකතු කරලා සර්ච් කරන්න.



  • විනිමය අනුපාත දැනගන්න අවශ්‍යද?


විනිමය අනුපාතික දැනගන්න බැංකු වෙබ් අඩවි පීරන්න ඕනා නැ. ලේසියෙන්ම ගූගල් බාවිතා කරන්න පුලුවන්. මෙය මාත් ගොඩක් කැමැති ගූගල්  යෙදුමක්.

උදා -  ඔබට රුපියල් හා ඩොලර් අතර අනුපාත දැනගන්න අවශ්‍යද? එහෙනම් USD to LKR  කියලා සර්ච් කරන්න.  මේ ආකාරයට ඔබට ඔබ කැමැති  මුදල් ඒකක අතර විනිමය අනුපාත දැනගන්න පුුලුවන්.


  • ඒකක පරිවර්තකයක් ලෙසත් ගූගල්....


කලින් කිව්වේ විනිමය අනුපාත දැනගන්න ගුගල්  බාවිතා කරන හැටි. මේ කියන්න යන්නේ එදිනෙදා අපිට අවැසි වන ඒකක කන්වර්ට් කරගන්න ගූගල් බාවිතා කරනහැටි ගැනයි.

උදා -  සැතපුම් 6ක් මීටර් කියද කියලා දැනගන්න විශේෂ පරිවර්තක ඕනැ වෙන්නේ නැ. 6 miles to meters ලෙස සර්ච් කරන්න. මේ විදිහට ඒකක පහසුවෙන්ම පරිවර්තනය කරගන්න පුලුවන්.


  • PDF එකක් හොයාගන්න ඕනාද?


එදිනෙදා වැඩ කටයුතු වලදි ඔබට pdf හොයාගන්න අවශ්‍ය වෙනවා.  නමුත් ඔබ අවශ්‍ය මාතෘකාව යටතේ ඇති pdf හොයගන්න ගියොත්, අනවශ්‍ය සර්ච් රිසාල්ට් ගොඩක් දකින්න පුලුවන්. ඒකට හොද විසදුමක් තමයි, :pdf 

උදා - ඔබට මිනිස් සම ගැන pdf එක්ක ඕනා කියලා හිතමු. එහෙනම් මෙහෙම කරන්න. human skin:pdf... මෙසේ ඔබට පහසුවෙන් ඔබට අවශ්‍ය pdf හොයාගන්න පුලුවන්.


  • නිර්වචන අවශ්‍යද?


ඔබට යම් පදයක නිර්වචනයක් අවශ්‍ය යැයි සිතමු. එහෙනම් Define: භාවිතා කරන්න.

උදා-  ඔබට කාලය යන්නෙහි නිර්වචනය අවශ්‍ය යැයි සිතමු. එහෙනම් Define:time ලෙස ටයිප් කරන්න.

මේ මම සදහන් කරලා තියෙන්නේ ගූගල් තුල කෙටි ක්‍රම පොඩ්ඩක් විතරයි.  ඔයාලාත් දන්න තවත් දේවල් කමෙන්ට් ලෙස සදහන් කරන්න. එය සැමටම උපකාරි වේවි.


සබැදි ලිපි

වැඩ කිඩ ඇති වෙබ් අඩවි
ඩාර්ක් වෙබ්




















2 comments:

  1. Currently using almost all the tricks...

    Define වගේම 'what is...' කියා පටන්ගැන්මෙන් ඕනෙම දෙයක නිර්වචන, ශබ්දකෝෂ තේරුම් ආදිය එකවරම දැනගන්න පුළුවන්

    Thanks for sharing...

    ReplyDelete