Friday, June 23, 2017

රුධිරය දහඩිය සමග පිටවීම

දහඩිය දැමීම සාමාන්‍යයි.
නමුත් දහඩිය සමග රුධිරය පිටවීම නැතිනම් ලේ දහඩිය දැමිම ගැන ඔබ දන්නවාද?



දහඩිය සමග රුධිරය පිටවිම,  Hematohidrosis (Hematidrosis,blood sweat) ලෙස හදුන්වනවා. මෙය ඉතාම කලාතුරකින් වාර්තා වන රෝගී තත්ත්වයක්. බයිබලයේ හා ලෝක සාහිත්‍යයේ අවස්ථා කිහිපයකම මේ පිලිබදව සදහන්ව ඇතත්, ඉතාම කලාතුරකින් වාර්තා වන නිසා ගොඩක් දෙනෙක් මේ පිලිබදව දන්නේ නැ.



Hematidrosis ඇතිවන්නේ ඇයි?

යම් පුද්ගලයෙකු අධික භීතියෙන් (මරණ බිය වැනි.) හෝ තදබල ආතතියෙන් පසුවන විට මෙය සිදුවිය හැක. 

අධික බියක් හෝ ආතතියක් දැනුනු විට ශරිරය  එම අවස්ථාවෙන් බේරිමට හෝ පහර දීමට සුදානම් වේ. විවිධ හෝමෝන ඒ සදහා සිරුර හැඩගැස්වීම සිදුකරයි. උදාහරණයක් ලෙස, සතුරෙකු පහර දීමට පැමිණීමේදි එම ස්ථානයෙන් පලායෑම හෝ පහර දීමට ඔබේ ශරිරය හැඩගැසේ.

මෙවැනි අවස්ථාවලදි, ඔබගේ සමේ ඇති ස්වේද ග්‍රන්ථි වටා සැකසි ඇති රුධිර කේෂ නාලිකා පිපිරි, දහඩිය සමග රුධිරයද පිටතට පැමිණිම සිදුවිය හැක. මුහුණෙන්, නළලෙන් කැපි පෙනෙන ලෙස දහඩිය හා රුධිරය පිටවීම දැකගත හැක.



Hematidrosis දුබල තත්ත්වයක් බැවින් මේ පිලිබදව එතරම්ම පරික්ෂණ සිදුකර නැති බවද මතක් කල යුතුයි.

Hematidrosis මාරකද?

නැත. මෙයින් ජිවිත අවධානමක් නැත.  රුධිර පරික්ෂාවකින් හෝ පට්ටිකා පරික්ෂාවකින් රෝගය හදුනාගත හැක.

ප්‍රතිකාර ලෙස ඖෂධ වලට අමතරව මානෝ වෛද්‍ය චිකිත්සාවකට ලක්කරනු ලැබේ.



මෙවැනි තවත් ලිපි කියැවිමට ‘‘වෛද්‍ය විද්‍යාව‘‘ ලේබලයට පිවිසෙන්න.
අලුත් ලිපි දැනගන්න Follow කරන්න.





4 comments:

  1. ඇත්තටම පිටවෙන්නේ රුධිරයද? ඒවගේ වර්ණයක් තිබෙන දහදියද?

    ReplyDelete
    Replies
    1. රුධිරය හා දහඩිය මිශ්‍රවී..

      Delete
  2. මුහුන උඩ කූඹි යනවා වගේ දැනීමට හේතුව මොකක්ද.
    ඒක වෙනත් රෝගයක ලක්ෂණයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මිතුර. මෙය රෝගයක ලක්ෂණයක්. මුහුනේ, හිසේ, බෙල්ලේ, අත්වල මෙවැනි දැනිම් ඇතිවෙනවා ඇති. මෙය ඇතිවිමට හේතු කිහිපයක්ම තියනවා. නමුත් නිවැරදිව හේතුව සොයාගැනිමට රෝගියාව පරික්ෂාකල යුතු වෙනවා. වෛද්‍යවරයකු හමුවන්න.

      Delete