Monday, June 5, 2017

Pregnancy Test | ගර්භණිභාවය පරික්ෂා කිරිම

මීට පෙර බ්ලොග් එකේ උපත් පාලනය ගැන දීර්ඝ ලෙස කතා කරා මිතුරන්ට මතක ඇති. ඉතින් මේ පාර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් තැනැත්තියක් ගර්භණී දැයි දැනගන්නට සිදුකරන පරික්ෂණ (Pregnancy Test) ගැනයි.  බර බර  විද්‍යාත්මක වදන් හැකිතාක් අඩු කරලා සරලව මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.




කාන්තාවකගේ සිරුර තුල සංසේචනයක් සිදුවු අවස්ථාවේ සිටම ඇය ගර්භනි ලෙස සලකනවා. නමුත් සංසේචනය වුනාද නැද්ද කියලා ඒ අවස්ථාවේදිම දැනගන්නට හැකියාවක් නැ. ඉතින් බොහෝ කාන්තාවන්, තමා ගර්භණියක්දැයි  සැක මතු වෙන්නේ ඔසප් චක්‍රයේ හා ශරිරයේ  සිදුවන වෙනස්කම් අනුවයි.


Pregnancy Test  මගින් ගැබ්ගෙන ඇත්දැයි දැනගැනිම හෝ ගැබ්ගැනිම තහවුරු කිරිමට යොදාගත හැකිය. මෙම පරික්ෂණ වලදි සිදුකරනුයේ මුත්‍රාවල හෝ රුධිරයේ මානව කොරියෝනික ගොනැඩොග්‍රෝෆින් නම් හෝමෝනය  (hCG) අඩංගුදැයි පරික්ෂා කිරිමයි. 

සංසේචනයෙන් සතියක් පමණ යන තැන සිරුරේ  hCG හෝමෝනය නිපදවන්නට ගන්නවා. ඉන් දින කිහිපයක් තුල සිරුරේ hCG සාන්ද්‍රණය වැඩි වෙන්නට ගන්නවා. 

ඔබට නිවසේදි හෝ වෛද්‍යවරයකු හමුවෙන් මෙම පරික්ෂාව කරගත හැකියි. මේ අතරින් බොහෝ දෙනකු නිවසේදිම කරන මුත්‍රා පරික්ෂාවට යොමු වෙනවා. එය පෞද්ගලිකවම පහසුවෙන් සිදුකරගත හැකියි. එය අඩු වියදම් වගේම ඉක්මන් පරික්ෂණයක්.



ඔබ නිවසේදිම මුත්‍රා පරික්ෂාව සිදුකරනවා නම් මෙම කරුණු ගැන සැලකිලිමත් වන්න,
  • ඔපස්වීම පමාවී සතියක් ගිය තැන මෙය සිදුකිරිම වඩාත් සුදුසුයි. එයින් ප්‍රතිපලය වඩාත් නිරවද්‍ය වේ.
  • උදෑසනින්ම සිදුකරන්න. (උදැසන මුත්‍රාවල සාන්ද්‍රණය වැඩියි)
  • කට්ටලයේ සදහන් උපදෙස් නිවරදිව පිලිපදින්න.
මෙම පරික්ෂණ කට්ටලය ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ හලකින් මිලදී ගත හැක. ඔබ නිසි උපදෙස් අනුව පරික්ෂණය සිදුකලහොත් ලැබෙන ප්‍රතිපලයේ නිරවද්‍යතාව ඉතාම ඉහල අගයක් ගනි. 

පරික්ෂණයෙන් ධනාත්මක ප්‍රතිපල පෙන්වයි නම් ඔබ ගැබ්ගෙන ඇත. 

නමුදු නිසි අයුරින් පරික්ෂණය නොකලහොත් / කට්ටලය කල්ඉකුත් වි ඇතිනම් / ඔබේ මුත්‍රා ඉතාමත් තනුක නම් සෘනාත්මක ප්‍රතිපල (ගැබ්නොගත් බව) පෙන්විය හැක. කලබල නොවන්න. ඔබට දින කිහිපයකින් නැවත පරික්ෂණය සිදුකල හැක. එමෙන්ම වෛද්‍යවරයකු හමුව වැඩි විස්තර දැනගන්න පුලුවන්.

  • ගර්භණි නොවූ කාන්තාවකගේද මෙම පරික්ෂණය ධනාත්මක (ගර්භණී යැයි) පෙන්වන අවස්ථා ඇත්ද?
 කලාතුරකින් මෙය සිදුවිය හැක. කාන්තාවක් විසින් භාවිතා කල  ඖෂධ වර්ගයක් , රෝගී තත්ත්වයක් හෝ වෙනත් සිමාසහිත හේතුන් නිසා ගර්භණි නොවූ කාන්තාවකගේද මෙම පරික්ෂණය ධනාත්මක ප්‍රතිචාර පෙන්වයි. එවැනි අවස්ථාවලදි වහාම වෛද්‍යවරයකු හමුවන්න. 

මේ වගේ පරික්ෂණ මගින් භර්භණිභාවය පරික්ෂා කරන එක අද ඊයේ ඉදන් වෙන දෙයක් නෙවෙයි. අපි ක්‍රි.පූ ගනන් වල පුරාණ ඊජිප්තුවට යමු. එවකට කාන්තාවක් ගර්භනී දැයි දැනගැනිමට මුත්‍රා යම් ප්‍රමානයක් තිරිගු හා ඉරිගු බීජ වලට එක්කර තිබෙනවා. 

ඉක්මනින් බීජ පැලවුනොත් ඇය ගැබ්බරයි කියලා සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඉක්මනින්ම තිරිගු ඇට පැලවුනොත් ඉපදෙන ලමයා ගැණූ ලමයෙක් ලෙසත්, බාර්ලි පැලවුනොත් එම දරුවා පිරිමි දරුවකු ලෙසත් ඔවුන් අනුමානකර තිබෙනවා. නමුත් මෙම පුරාණ ඊජිප්තු පරික්ෂණය නිරවද්‍ය පරික්ෂණයක් නෙවෙයි.


මෙම ලිපිත් ඔබේ දැනුමටමයි.














2 comments: