Friday, June 16, 2017

ප්‍රතිජීවක ප්‍රතිරෝධි සූපර්බග්(Superbug) ව්‍යසනය

බැක්ටිරියා අපිට අලුත් දෙයක් නෙවෙයි. බැක්ටිරියා ඇතිකරන රෝගත් අලුත් දේවල් නෙවෙයි. ලෙඩක් හැදුනොත් ප්‍රතිජිවක/ඇන්ටිබයෝටික් බොනවා. එතකොට හරිනේ. නමුත් අනාගතයේදි අද බාවිතා කරන ප්‍රතිජිවක වැඩක් නැති වේවිද?




මේ ගැටලුව රටකට ප්‍රදේශයකට හෝ සිද්ධියකට සිමා නොවි ලෝක මට්ටමෙන් සැලකිය යුතු තත්ත්වයක්. ලෝක ජනගහනයටම බලපාන ගැටලුවක්.

ලොව තැනින් තැන අවස්ථා කිහිපයකදි සුපර්බග් තත්ත්ව වාර්තා වුනා. ඉදිරියෙදි මේක තවදුරටත් මෙම උවදුර වර්ධනය වෙන්න ඉඩ තියනවා.

මොකක්ද මේ සුපර්බර්(Superbug)?

අපි ලග තියන, අපි බාවිතා කරන ඇන්ටිබයෝටික්/ ප්‍රතිජිවක වලට  ප්‍රතිරෝධි බැක්ටිරියා බිහිවිම තමයි මේකේදි වෙන්නේ. බැක්ටිරියා වල ඇතිවන විකෘති තත්ත්ව හා හැඩගැසිම් නිසා මෙවැනි ප්‍රතිරෝධි ක්ෂුද්‍රයන් බිහිවෙන්න පුලුවන්.බැක්ටිරියාවන් ඉතා ඉක්මනින් බෙදෙනවා. ඒ නිසා විකෘති ඇතිවිමේ සම්බාවිතාව වැඩියි.

‘‘‘ඕනැම බැක්ටිරියාවෙක්, දැනට බෙහෙත් තියන එකක් හරි, සුපර් බග් වෙන්න පුලුවන්.‘‘

දැනට අපිට තියන ප්‍රතිජිවක තව අවුරුදු ගානකින් වැඩක් නැති වෙනවා. ලෝක මට්ටමින්ම ගත්තොත් මෙවැනි ප්‍රතිරෝධි ව්‍යාධිජනකයින් ඇතිවිම ඉතාමත් බයානකයි. 

බැක්ටිරියා ප්‍රතිජිවක කෙරෙහි ඇති සංවේදිතාව පරික්ෂා කිරිම. 

උදාහරණයක් ගමු. ඊකෝලි ට විරුද්දව පෙනිසිලින් බොනවා. පෙනිසිලින් නිසා ඊකෝලි විනාශ වෙනවා. නමුත් එක ඊකෝලියෙක් ඉතුරු වෙනවා. මේ ඊකෝලියා ප්‍රතිරෝධියෙක්.


අපි දැන් දශක ගනනාවක ඉදලා ප්‍රතිජිවක බාවිතා කරනවා. ඒ නිසා බැක්ටිරියා වර්ග ප්‍රතිජිවක එක්ක ඉදලාම ප්‍රතිරෝධයක් හදාගෙන ඉන්නේ.

දැනට හදුනාගෙන තියන ප්‍රතිරෝධින් බොහොමයක්, එක ප්‍රතිජිවකයකට පමණක් නොව ප්‍රතිජිවක බොහෝමයකට ප්‍රතිරෝධි අයයි. එය තත්ත්වය තවත් දරුණු කරනවා.

මේ සදහා බලපාන තවත් අතපසුවිම් හා වැරැදි කිහිපයක් මෙසේ දක්වන්න පුලුවන්.
ලොව පුරාම ප්‍රතිජිවක නිර්දේශ කිරිමේදි අනවශ්‍ය ලෙස වැඩිපුර නිර්දේශ කිරිම දක්වන්න පුලුවන්. රසායනාගාර පරික්ෂණ මගින් හරියට ව්‍යාධිජනකයා හදුනාගන්නේ නැතිව ප්‍රතිජිවක ලියන අවස්ථා අනේකයි. රසායනාගාර වලදි පරික්ෂණ කරන්න වෙලාව යනවා. කාලය ගියාට මේවා කරන්නම ඕනා දේවල්.



මිනිස්සු තමන්ට අනවශ්‍ය ප්‍රතිජිවක භාවිතා කරනවා. අනික රෝගින්ට ප්‍රතිජිවක දුන්නාට ඉවර වෙනකං සමහරු බොන්නේ නැ. රෝග ලක්ෂණ අඩු වුන ගමන් නවත්තනවා. අනික එක් කෙනෙකුට දුන්න ප්‍රතිජිවක ගෙදර අය මාරු කරගෙන බොනවා. මෙවා වැරදි වැඩ..

සමහර ඖෂධ වල කොලිටිය ගැන ගැටලුත් තියනවා.

දියුණු රටවල් වල විශේයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ, මිනිස්සුන් තරම්ම සත්තුන්ටත් ප්‍රතිජිවක සදහා වියදම් කරනවා. අන්තිමේදි සත්ත්වයන් රෝගි කරන ආසාධිතයන් පවා විකෘති ඇතිවෙලා ප්‍රතිරෝධි වෙනවා. වෙනවා නෙවෙයි වෙලාඉන්නේ.ඉතින් මේ ප්‍රතිරෝධියා වසංගතයක් ඇති කරපුහාම කතා කරන්න දෙයක් නැනේ.....

මෙවැනි සෙල්ලම් නිසා බැක්ටිරියාවට ප්‍රතිරෝධීභාවයක් නොලැබුනොත් තමයි පුදුමේ!!!

මිනිස් ඇගේ තියන සෛල වලට වඩා ක්ෂුද්‍රජිවින් ඉන්නවා කියලා ඔයාලා දන්නවාද? මෙයින් බොහෝමයක් දෙනා අහිංසකයි. සමහරුන් දරුණුයි. සමහරුන් අවස්තාවාදයි. අවස්ථාවාදින්, අපේ සිරුර දුර්වල වෙනකං ඉදලා පහර දෙන ජාතියේ අය.

ලෝකයේ අතිවිශාල බැක්ටිරියා ප්‍රමාණයක් වාසය කරනවා. මින් ඉතාම ස්වල්පයක් විතරයි අපි දන්නේ. 

හුබස් බියක් ඇතිකරනවා නෙවෙයි. මේකයි ඇත්ත!!!

මේක එහෙම්පිටින්ම ත්‍රස්තවාදයක්.... ක්ෂුද්‍රජිවින්ගේ ත්‍රස්තවාදයක්....

සබැදි ලිපි


තවත් සබැදි ලිපි සදහා ‘‘වෛද්‍ය විද්‍යාව‘‘ හා ‘‘සැගවුණු ඉතිහාස කතා‘‘ ලේබල වෙත පිවිසෙන්න



2 comments:

  1. හොඳ ලිපියක්! මේ සුපර්බග් ව්‍යසනය සඳහා හඳුනාගෙන තියෙන counteracts මොනවාද?

    ReplyDelete
  2. ස්තුතියි මිතුර

    අලුත් ප්‍රතිජිවක වර්ග හදුන්වාදීම.
    තියන ප්‍රතිජිවක වර්ග නවීකරණය කිරිම.
    රෝගකාරක ඉක්මනින් හදුනාගැනිම සදහා රසායනාගාර තත්ත්ව ඉහල නැංවීම.
    පශුකර්මාන්තයේදී අධිකව ලබාදෙන ප්‍රතිජිවික සිමාකිරිම හා නියාමනයකින් යුතුව ලබාදිම.
    මේ සදහා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිතිරිති පනවා ඇත.

    ඔබ සැම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න.
    වෛද්‍ය උපදෙස් පිලිපදින්න.





    ReplyDelete