Wednesday, June 21, 2017

හෙම්බිරිස්සාවට, රස දැනිම අඩුවෙන්නේ ඇයි?

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාම, රස දැනිමේ අඩුවක් ඔයාලාටත් දැනිලා ඇති.
මෙහෙම වෙන්නේ ඇයි?





දිව, අපිට රස හදුනාගන්න උපකාරි වෙනවා. කටේ ඇති ඛේඨය සමග කෑම දියවෙලා,  දිවේ ඇති රස ප්‍රතිග්‍රාහක උත්තේජනයෙන් ලබාගන්නා සංඥා එයට උපකාරි වෙනවා. 

නමුත් දිවට හැම රසක්ම හදුනාගන්න බැ.තිත්ත,ඇඹූල්,ලුණු,පැණි වගේ රසවල් තමයි හදුනාගන්න පුලුවන්.

අපිට රස හදුනාගන්න නාසයත් උපකාරි වෙනවා. ඒ  නාසයේ ඇති ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක ඇසුරිනි.ඔයාලා කැමක් දකින්නේ නැතුව,කන්නෙත් නැතුව, සුවද දැනිලා කටට කෙල උනපු අවස්ථා ඇතිනේ.


ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රිම් කලා ඇති. වැනිලා අයිස්ක්‍රිම් කලා ඇති. නමුත් මේ රසවල් දිවට හදුනාගන්න බැ. නිකං මේවැයි සිනි, ලුනු රස හදුනාගත්තාට හරියටම රස හදුනාගන්න ඔයාලාගේ නහයේ තියන ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක උපකාරි වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාසයේ ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක වැහුනාම, සුවද දැනිම නැවතිලා, කන කැමේ රස අඩුවෙනවා.

සරල පරික්ෂණයක් -  නහය වහගෙන ආහාරයක් කාලා බලන්න. එහි නියම රස ආවාද කියලා.

4 comments:

  1. මේ ගැන මට මතක විදියට ඉස්කෝලේ විද්‍යාත්මක හේතු පහදන්න වගේ පාඩම් වලදී කියලා දුන්නා මතකයි. ඒ උනාට ලිපියට ස්තුතියි

    හි හි හි...

    නහය වහගෙන පොඩි කාලේ කෑවා රාබු උයලා නම්! ඒ උනත් ඒ කාලේ කෑම තේරීමක් කලේ නැහැ. ආ.. නහය වහගෙන බිව්වා නෙස්ටමෝල්ට් නම්... ඕවෑක්ක ඒ සුවඳ, මොකද ඒක ලැබෙන්නේ උණ හැදිලා හතරගාතෙන් වැටුනම.


    ReplyDelete
  2. බොහොම ස්තූතියි ලිපියට

    ReplyDelete