Tuesday, September 12, 2017

බිට් කොයින් (Bitcoin) ගැන ඔබ දැනුවත් ද?

වර්තමානය වන විට අන්තර්ජාලය හරහා සිදුකරණ මූල්‍ය ගණුදෙනු වල කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම්කරනවා. ඔන්ලයින් පේමන්ට් එකක් කරපු නැති කෙනෙක් හොයාගන්න අමාරුයි.
මේ අල්ලපනල්ලේ ඇහෙන දෙයක්, බිට්කොයින්(Bitcoin) කියන්නේ.
සරලව බිට්කොයින් ගැන කතා කරන්න හිතුවා.




ගියා,ගත්තා, සල්ලි ගෙව්වා!
අත්පිට මුදලින් හෝ බැංකුකාඩ්පතකින් අදාල වටිනාකම ගෙවනවා
මේකනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ

මේ අතර අපි අන්තර්ජාල හුවමාරු ක්‍රම යටතේ මුදල් ගෙවිම් සිදුකරනවා. මෙහි අතමැරදියා ලෙස පිලිගත් මූල්‍ය ආයතනයක් කටයුතු කරනවා. ඔවුන් ආරක්ෂාව හා නිසිපරිදි ගෙවිම සිදුකිරිම ගැන වගකිමක් දරනවා. අන්තර්ජාලය තරම් සුවර් නැති තැනක් ලොවෙත් නැ. ඉතින් වැරදිම් අතපසුවිම් හා සොරකම්කිරිම් වෙන්න පුලුවන්.

සරලවම කිව්වොත්  බිට්කොටින් (Bitcoin) යනු විද්‍යූත් මුදල් ඒකකයක්.  ජාලගත විද්‍යුත් ගෙවිම් පද්ධතියක් තුල අතරමැදියකු රහිතව යවන්නා හා ලබන්නා අතර සෘජුව සංසරණය වේ.  මෙය නිල මුදල් ඒකකයක් නොවන බව මතක් කල යුතුයි. බැංකුවක් හෝ රජයක් මෙය පාලනය කරන්නේ නැ. තාත්වික කාසි හෝ නෝට්ටු නොමැත. 

බිට්කොයින් සංකල්පය 1998 කාලයේදි මුලින්ම සාකච්ඡාවට බදුන් වුවත්, මූලිකාංග හදුන්වාදෙන්නේ 2009 දී ජපාන ජාතිකයකු (යැයි සැලකෙන) සතෝෂි නකමොතෝ විසිනි. මොහු පිලිබදව තොරතුරු එතරම් අනාවරනය වි නැති අතර,  කෙටිකාලයකින් ව්‍යාපෘතියෙන් ඉවත් විය.

බිට්කොයින් ජාලය කිසිවෙකුට අයිති දෙයක් නොවන අතර, මෙය පාලනය සිදුකරනු ලබන්නේ ජාලයට සම්බන්ධිත ලොව වටා සිටින සුවහසක් වූ ගිනුම්කරුවන් විසිනි. ගිනුම්කරුවන්ට වුවද මෙම ජාලය මහත් සේ පෙනෙන්නේ නැත. හුදෙක්ම පෙනුමෙන් එය පරිගණක මුදුකාංගයක් හෝ ජංගම දුරකතනයේ බිට්කොයින් පසුම්බි ඇප් එකක්  සේ හැගේ. 


පද්ධතියේ ක්‍රියාකාරිත්වය සරලව කතා කරමු.
බිට්කොටින් ජාලය කියන්නේ හුවමාරු වාර්තා සහිත පොදු ලෙජර් එකක් කිව්වොත් හරි. ජාලය තුල සිදුවන ඕනැම හුවමාරුවක් මේ ලෙජර් එකේ තියනවා. ඕනැම ගිණුම්කරුවකුට මේක බලන්න පුලුවන්. එයින් විනිවිදභාවය ගැන ගැටලුවක් නැ.


නමුත් ඔයාලට හිතෙයි දැන් අනිත් අය ඔයාගේ වස්තුව ගැන දන්නවා කියලා. ඔයාට අයිති ඇඩ්‍රස් එක්ක තියනවා. ඒ ඇඩ්‍රස් එක තමයි ලෙජරයේ ප්‍රදර්ශණය වන්නේ. බැංකුවක ගිණුමක් විවෘත කරනකොට අහන තරම් විස්තර බිට්කොයින් එකෙන් අහන්නේ නැ. ගිණුකරුවකු සම්බන්දව ඉතාම සුලු තොරතුරු ප්‍රමාණයක් පමණයි ජාලයේ තියෙන්නේ. නමුත් සියලුම ගණුදෙනු සම්බන්දව වාර්තා නම් පැහැදිලිව තියනවා. විද්‍යූත් තහවුරුකිරිමක් සමග ගණුදෙනු සිදුවන බැවින් උසස් ආරක්ෂාවක්ද තියෙනවා. අතරමැදියන් නැ. එමෙන්ම සිදුකල ගණුදෙනුවක් නැවත හරවන්නත් බැ.




බිට් කොයින් හම්බකරන්නේ කොහොමද?
එකවුන්ට් එකක් හදාගත්තාට වැඩක් ඇතැයි බිට්කොයින් නැතුව. බිට්කොයින් ලබාගන්න ආකාර කිහිපයක් තියනවා. අන්තර්ජාලයේ ඇති බිට්කොයින් හුවමාරු පද්ධතින් වලින් මිලදි ගන්න පුලුවන්. තවත් ගිනුම්කරුවකු මගින් ලබාගන්න පුලුවන්. විවිධ අන්තර්ජාලය මුදුකාංග සමග ක්‍රියාකරකම්වලින් බිට්කොයින් උපයාගන්නත් හැකියාව තිබෙනවා. 

බිට්කොයින් ගනුදෙනු සංකිර්ණද?

අපෝ නැ. බැංකු කාඩ්පත් භාවිතයෙන් ඔන්ලයින් පේමන්ට් කරනවාටත් වඩා ලේසියි. පරිගණකයේ හෝ ජංගමයේ තියෙන මෘදුකාංගයක් මගින් පහසුවෙන් සිදුකරන්න පුලුවන්. ලබන්නාගේ විද්‍යූත් ලිපිනය හා අගය සටහන් කරලා තහවුරු කරන්නයි තියෙන්නේ. 





ලොව පුරා විවිධ රටවල ව්‍යාපාරික ස්ථාන හා විවිධ අන්තර්ජාල වෙලදපොල බිට්කොයින් පිලිගන්නවා. අද වන විට ඩොලර් බිලියන ගනනක වටිනාකමකින් යුතු බිට්කොයින්ස් ජාලය තුල හුවමාරු වනවා.





සිමාරහිතව ලොව ඕනැම තැනකට ඕනැම වෙලාවක බිට්කොයින්ස් හුවමාරු කරන්න පුලුවන්. බැංකු නිවාඩු අදලාම නැ. ගිණුම්කරුට තම බිට්කොන්ස් පාලනය කරන්න පූර්ණ බලය තියනවා. ගණුදෙනුව ආරක්ෂාකාරි, අප්‍රතිවර්ති හා හුවමාරුකරුවගේ තොරතුරු ඉතා අවම මට්ටම පැවතෙමින් හුවමාරුව සිදුවෙනවා. මින් රහස්‍යභාව හා විස්වාසය ගොඩනැගෙනවා. ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවන්න බයක් දැනෙන එතරම් හුරුපුරුදු නැති වෙළදපොල වටපිටාවක් තුල කටයුතු කරන්න බිට්කොටින් උපකාරි වෙනවා.

එමෙන්ම මේ පද්ධතියම ගොඩනැගිලා තියෙන්නේ විනිවිදභාවය මතයි.

නමුත් අන්තර්ජාලය බාවිතා කරන බොහෝ දෙනෙක් පවා බිට්කොයින් ගැන නොදැනුවත්. එයාලා හරියට ස්පර්ශකරලා නැ. එමෙන්ම බිට්කොයින් තවමත් පවතින්නේ විකසනය වෙමින්. හරියටම කිව්වොත් බිට්කොයින් තාම මුහුපුරාගිය චරිතයක් නෙවෙයි.

බිට්කොයින් කියන්නේ නිතිවිරෝධි දෙයක් නෙවෙයි. ලොව බොහෝ රටවල් හා ප්‍රමුඛ සංවිධාන (යුරෝපා සංගමය, G7, ) බිට්කොයින් නිතිවිරෝධි නොවන බව පිලිගන්නවා. සෞදි අරාබිය, ඉක්වදෝරය වැනි සුලු රටවල් සංඛ්‍යාවක් මේ තාක්ෂණයට එදිරිව සිමා පනවා තිබෙනවා.

අතින් අල්ලන්න බැරි වුනත් බිට්කොයින් කියන්නෙත් මුදල් ඒකකයක්. සල්ලි දෙයියාගේ මල්ලි කියාගන්න සමාජයක, හොද දේට මෙන්ම නරක දේටත් මුදල් භාවිතා කරනවා. ඉතින් අතින් ඇල්ලුවත් නැතත් සල්ලි ගැවුන තැනක, වංචා සිත් ඇත්තොන්ට වංචාවක් කරන්න පුලුවන්. එයින් කියවෙන්නේ නැ බිට්කොයින් කියන්නේ වංචාය හා දූෂණය සිදුකරන්න තැනු දෙයක් බව.

අපේ රට තවමත් බිට්කොයින් මුදල් සංස්කෘතිය හුරු නැ.
බිට්කොයින් කියන්නේ ලෝක මුදල්ඒකක විය හැකි බවට පුරෝකතන බොහෝමයි.
අපේ ලොකු උදවියත් එකතු වෙලා ගැලපෙන නිතිරිති සකස්කරන්න කාලය ඇවිත්...


3 comments: