Tuesday, August 7, 2018

සිලිකා ජෙල් (silica gel)

විවිධ අසුරණ තුල අඩංගු වන සුදු පැහැති සිලිකා ජෙල් බෝල ඔබට අලුත් දෙයක් නෙවෙයි.
නමුත් සිලිකා ජෙල් වල කාර්යය ගැන දැනුවත්ද?





සිලිකා ජෙල් යනු සිලිකන් ඩයොක්සයිඩ් (SiO2) ආකාරයක්. එහි සැකැස්ම අනුව   කුඩා ජිද්‍ර විශාල ගණනක් පවතිනවා. මේ නිසා සිලිකා ජෙල් වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරනවා. එය සමග වාතයේ ජල අංශු අධීශෝෂණය යටතේ බැදිමට ඇති හැකියාව නිසා, සිලිකා ජෙල් වලට ජල වාශ්ප  රදවාගෙන සිටිමට හැක.


 
ඇසුරුම් තුල අධික ජලවාශ්ප ප්‍රමාණයක් අඩංගුව ඒවා ඝනිභවය වී බිඳිති බවට පත්වුවහොත් ;
  • විද්‍යූත් උපකරණ වලනම් ඒවායේ පරිපථ  වලට හානි විය හැක.  
  • ලෙදර් පාවහන් වල නම්, පුස් ඇතිවිය හැක.
  • ආහාර හෝ ඹෟෂධ ඇසුරුම් වලනම් එම ද්‍රව්‍ය නරක්විය හැක.

සාමාන්‍යයෙන් සිලිකා වලට එහි ස්කන්ධය මෙන් 40% ජලය අධිශෝෂණය කළ හැක. සිලිකා ජෙල් වලින් ජලවාශ්ප උරාගැනිම නිසා  ඉහත හානි අත්විදිමට ලැබෙන්නේ නැත.

සිලිකා ජෙල් පැකට්ටු වල ආහාරයට නොගන්න යැයි සදහන් ව ඇති අවවාදාත්මක වැකිය ඔබ දැක ඇති. 



සිලිකා  විශ රහිත, සුවද රහිත, ගිනිනොගන්නා ද්‍රව්‍යයක් වුවද ඒවා සැකසිමේදි බාහිරින් ආලේප කරන කෝබොල්ට් ක්ලෝරයිඩ් වැනි විවිධ රසායනික ද්‍රව්‍ය විශසහිතය. පරිභෝජනය  කලහොත් විවිධ සංකූලතා මතුවිය හැක. එබැවින් දරුවන්ගෙන් ඈත්කර තබන්නට අමතක නොකරන්න!

- රොෂීන් ප්‍රනාන්දු




No comments:

Post a Comment