Tuesday, August 7, 2018

ගම් ටේප් වලින් ගුවන්යානා ඇලවීම (ඡායාරුවක කතාවක්)

සමාජජාල හරහා වේගයෙන් හුවමාරු වු පහත ඡායාරුව බලන්න.
ගුවන්යානා කාර්මිකයෙකු මගී ගුවන්යානාවක එන්ජින් වැස්මේ ගම් ටේප්  අලවන අයුරු.
 මෙවැනි දසුනකින් යානාවේ මගීන් තුල නිරායාසයෙන්ම තිගැස්මක් ඇතිවිවෙනවා.
ඇයි ගුවන්යානාවකට මෙසේ ටේප් යොදන්නේ?
මේ කරන්නේ හරි වැඩක්ද?



 
මෙම කාර්මිකයා සිදුකරන්නේ ‘‘අවසරලත් හා අනුමත‘‘ නඩත්තු කාර්යයක්.  බැලූබැල්මෙන්ම සලෝටේප්/ඩක්ටේප් එකක් වගේ පෙනුනත් ඇත්තෙන්ම මෙය ‘‘ස්පීඩ් ටේප්‘‘ (Speed tape) නම් විශේෂිත මැලියම් පටි වර්ගයක්.  



පියාසැරියේදි ගුවන්යානාව මුහුන දෙන පීඩනය වෙනසට හා අධික වේගයට මෙන්ම උෂ්නත්ව පරාසයට  ඔරොත්තු දෙන ඇලුමිනියම් ලෝහයෙන් සාදාගත් මෙම විශේෂිත ටේප් වර්ගය මිලෙන් ඩොලර් සියගනනක් වෙනවා. 





එමෙන්ම අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ස්පීඩ් ටේප් ගුවන්යානාවක් සදහා යොදන්නේ තාවකාලික පිලියම ලෙස බවයි. 




කාර්මිකයකුට සිතු මනාපය පරිදි ස්පීඩ් ටේප් යෙදිය නොහැකි අතර,  ස්පීඩ් ටේප් තාවකාලික පිලියමක් ලෙස යෙදීම සදහා සැපිරිය යුතු කොන්දේසි , අවස්ථා හා ගුවන්යානාවක යෙදිය හැකි ස්ථාන ගැන අත්පොතේ සදහන් කර ඇත. ඊට අනූකුලවම කාර්මියන් කටයුතු කල යුතුය. ඉන්පසු වහාම ස්ථීර පිලියම යෙදිය යුතුය.

ඔබ ගමන් කරන ගුවන්යානාවක මෙවැනි දසුනක් දුටුවහොත් දැන් සිත් කලබල වෙන එකක් නැ!

ගුවන්යානා ක්ෂේත්‍රයේදි ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය හිමිමේ.
කිසියම් ගුවන්යානාවක් නියමිත පිරිවිතර සපුරා නොමැතිනම් ගුවනට නැංවිමට අවසර නොලැබේ.

- රොෂීන් ප්‍රනාන්දු






No comments:

Post a Comment