Wednesday, August 1, 2018

කාන්තා උපත් පාලන කොපු (Female condoms)

කොන්ඩම් කියපු ගමන් ඔබ දන්නේ පිරිමින් පලදින උපත් පාලන කොපු නේ. නමුත් කාන්තාවන්ටත් පැලදිය හැකි උපත්පාලන කොපු විශේෂයක් තියෙනවා.
අද මෙඩි බ්ලොග් එක ඒ ගැනයි.







ලිංගික සංසර්ගයකදි අනපේක්ෂිත ගැබ්ගැනිම් වලක්වාගැනිම හා ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් වැළැකිමට කොන්ඩම නැතිනම් උපත්පාලන කොපු උපකාරි වෙනවා. වෙළදපොලේ විවිධ සන්නාම යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් හා හැඩයන්ගෙන් මෙන්ම විවිධ රසයන්ගෙන්ද පිරිමි උපත්පාලන කොපු මිලදිගත හැකියි.නමුදු කාන්තා උපත්පාලන කොපු වල එතරම් විවිධත්වයක් හෝ නිසි සමාජයේ අවධානයක් ලක්ව නැ.

වෛද්‍ය ලාස්

කාන්තාවන්ට පැලදිය හැකි උපත්පාලන ක්‍රමයක් ලෙස 1980 දශකයේදි ඩෙන්මාක ජාතික ලාස් හැසල් වෛද්‍යවරයා විසින් හදුන්වාදෙනවා.  මුල් අවදියේදි එතරම් ජනාකර්ෂණයක් දිනාගැනිමට හැසල්ගේ නිර්මාණය සමත්වුනේ නැත. දශක ගනනාවක සිට පිරිමි කොන්ඩම භාවිතයේ අත්දැකීමත්, මුල් යුගයේ ස්ත්‍රී කොන්ඩම නිර්මාණයේ දුර්වලතාත් මෙයට හේතුවුනා.



දශක තුන පමණ සැරිය පුරාවට ස්ත්‍රී කොන්ඩම  මුල්කාලයේ අත්විදි දුබලතා මගහරවා ගනිමින් සුනම්‍ය ලෙස සකස් කරන්නට පරික්ෂකයන්ට යම්තාක් දුරකට හැකියාව ලැබුනා. ස්ත්‍රී කොන්ඩමයක  වළලු සහිත වැසුනු හා විවෘත අන්ත දෙකක් ඇත. පිරිමි කොන්ඩම මෙන්ම එක්වරක් පමණක් භාවිතා කරයි.

භාවිතා කරන අයුරු

නිවැරදිව භාවිතා කිරිම මගින් කාන්තා කොන්ඩම වල ඵලදායිතාවයද  ඉහල අගයක් ගනි. පිරිමි කොන්ඩම මෙන් නොව අවැසි නම් සංසර්ගයට පැය අට පෙර පැලදිය හැකි වීමද විශේෂත්වයකි. ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් ආරක්ෂාවිමට උපකාරි වේ.

ලේටෙක්ස් අසාත්මිකතාව පවතින කාන්තාවන්ට මෙය භාවිතා කල හැක. එමෙන්ම  සහකරුවා කොන්ඩම පැලදීමට අකැමැත්තක් දක්වන්නේ නම් එවිටද කාන්තාව කොන්ඩමය පැලැදීම මගින් ආරක්ෂාව සලසාගත හැක.

 ස්ත්‍රි කොන්ඩම සබැදි අවාසි කිහිපයක් නම්,

  • විටෙක සංසර්ගය අතරතුර ඉවතට රූටාඒම.
  • සාපෙක්ෂව මිලෙන් වැඩිවිම.
  • සංවේදනය තරමක් අඩු විම.
  • සුවපහසුවේ ගැටලු.
  • වෙලදපොලෙන් සොයාගැනිමේ අපහසුව 
පහසුවෙන්ම වෙලදපොලන් ගන්න පුලුවන්, කාලයක් තිස්සේ දන්න  පිරිමි කොන්ඩම භාවිතා කරානම් ඉවරයි නේ කියලා ඔබට හිතෙයි. 

නමුත් සෑම විටම කාන්තාවන්ටත් විකල්ප තෝරාගැනිමක් 
තිබිය යුතුමයි! 


No comments:

Post a Comment