Thursday, July 6, 2017

ගුවන් සෙල්ලම් ශූරී ඇමීලියාගේ අභිරහස - Amelia Earhart

තොටිල්ල පදවන, ලොව නිසිමග ගෙනයන දෑතට ගුවන් යානාව හරි මාර්ගයේ ගෙනියන්න මහ අමාරුවක් නැ. කාන්තාව අඩු කුලේ දාලා සැලකූ යුගයක බිහිවූ තවත් විශිෂ්ඨ කාන්තා වීරවරියක් ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.







ඇමීලියා ඒහාර්ට් / Amelia Earhart 

කාන්තා ගුවන්නැවියක් වූ එමීලියා වාර්තා පොත් අතර තම නාමය රන්අකුරින් සදහන් කිරිමට සමත්වූවාය. සාමාන්‍ය ගුවන්නියමුවරියකගෙන් ඔබ්බට ගිය ඇය, කාන්තාවන් අතර ගුවන්නියමු වෘත්තිය ජනප්‍රිය කිරිමෙහි ලා පුරෝගාමි මෙහෙයක් කල තැනැත්තියක් බව සදහන් කිරිම සත්ත යුක්තය.



අත්ලාන්තික් සාගරය, තනි ගුවන්යානාවක් මගින් තරණය කල පලමු කාන්තාව  වූ අතර හවායි සිට ඇමරිකානු ප්‍රධාන භූමිය වෙත තනිව පියාසර කල පලමු පුද්ගලයාද ඇයයි. දෛව්‍ය සරදමකට මෙන් 1937 ලෝක සංචාරය අතරතුර ෆැසිපික් සාගරයේ නොදන්නා ඉමකදි අතුරුදහන් නොවන්නට, ඇය පිහිටුවන වාර්තා මෙතකැයි කියා නිමකල නොහැකි වනු ඇත.

ඇමීලියාගේ සිරුර, ගුවන්යානාව, ගුවන්යානා කොටස් හෝ අනතුර පිලිබද සාධනිය සාක්ෂියක් මෙතෙක් නිලවශයෙන් සොයාගැනිමට නොහැකි වූ අතර විසිවැනි සියවසේ නොවිසදුනු ප්‍රධාන අභිරහස් අතරට එමීලියා ගේ අනතුරද නිතැතින්ම එක්වන්නේය.



ඇමිලියා මේරි එ්හාර්ට්( විටෙක අර්හාට් ලෙසද) / Amelia Mary Earhart, 1897 ජූලි 24 වැනි දින ඇමරිකාවේ කෙන්සාස් හීදි ජන්මලාභය ලබන්නීය. ඇය කුඩා කල සිටම නාහෙට නාහන දැරියකි.

පලමු ලෝක යුද්ධය අතරතුර රතු කුරුස සංවිධානය හා එක්ව හෙදියක් ලෙස කැනඩාවේ ටොරන්ටෝ හී සේවය කර කරන කාලය තුල, කදවුරට නිරන්තරව පැමිණෙන ගුවන්යානා දැක, මේ සුවිසාල යකඩ යන්තරය පැදවීමේ නොනිමි ආසාව ජනිත වන්නීය.

ලෝක යුද්ධ අවසන නැවත මවුරටට පැමිණෙන ඇය කොලොම්බියා විශ්ව විද්‍යාලයට අැතුලත් වන්නීය. ඇගේ පලමු ගුවන් ගමන 1920 දී පමණ කැලිෆෝනියාවේදි පලමු ලෝක යුද්ධ ගුවන්නියමුවකුගේ උපකාරයෙන් සිදුකරන අතර, ඇමිලියා හා ගගනයානා සබැදියාව තවත් තර වීමට මෙය උපකාර විය.

තිර අධිෂ්ඨානය හේතුවෙන්, ඉතා ඉක්මනින් ගුවන්යානා පැදවීමට ඇමිලියා සාමාර්ථයෙකු වූ අතර 1921 දෙසැම්බර වනවිට විභාග ද සමත්වී ගුවන්යානා පැදවීමේ බලපත්‍රය ලබාගැනිමට ඇයට හැකිවූවාය.

පැසිෆික් සාගරයේදි අතුරුදහන් වනතෙක් වූ කෙටි කාලය තුල විශාල වාර්තා සංඛ්‍යාවක් පිහිටූවිමට එමිලියා සමත්වුවාය.


  • තනිව උස අඩි 14000 සීමාමේ පියාසර කල පලමු කාන්තාව (1922 දී)
  • අත්ලාන්තික් සාගරය මතින් තනිව තරණය කල පලමු කාන්තාව (1932 දී) හා එය සිදුකල දෙවැනි පුද්ගලයා (පලමුවැන්නා චාල්ස් ලින්ඩන්බර්ග් ය. ටයිම්ස් වසරේ පුද්ගලයා‍ ලෙස ආරම්බක සම්මානය දිනාගත්තේද ලින්ඩන්බර්ග් ය.)
  • ඇමරිකාව හරහා නොනවතින ගුවන්ගමනක යෙදුනු පලමු කාන්තාව ද පත්විය.
  • හවායි දූපතේ සිට ඇමරිකානු ප්‍රධාන භූමිය වෙත තනිව පියාසර කල පලමු පුද්ගලයාද ඇයයි.

මේ අතරතුර කාන්තාවන් අතර ගුවන් නියමු ක්ෂේත්‍රය ප්‍රචාරණය කිරිමෙහි ලා ප්‍රමුඛ කාර්යයක් ඇය විසින් ඉටුකරන ලදි.

දෛව්‍ය ඇයට ඔච්චම් කරන්නේ මේ අතරතුරදීය.

1937 ජූනි මසදි ඇය තම ලෝක සවාරිය ආරම්භ කලාය. කැලිෆෝනියොවේ ඔක්ලන්ඩ් හීදි ගුවනට නැගුනු ඇගේ බලාපොරොත්තුව වූයේ ලෝ වටා පියාසර කල පලමු නියමුවා බවට පත්වීමයි. ගමනට Lockheed 10E Electra වර්ගයේ එන්ජින් දෙකේ ගුවන්යානාවක් භාවිතා කල අතර, ඇය සමග ෆ්‍රෙඩ් නූනන් ද එක්විය. මියාමි, දකුනු ඇමරිකාව, අත්ලාන්තික් හරහා අප්‍රිකාවටත් එයින් ඉන්දියාව හා ගිනිකොන දිග ආසියාවට සේන්දූ වීමටත් අදහස් කලාය.

සැලසුම් කල පරිදි ඉහත ආකාරයට නිව් ගිනියාවට සේන්දු වන ඔවුන්, නැවත හෝලැන්ඩ් දූපත් වෙත ගමන්කිරිමේ අරමුණින් පිටත් වන ලදි. මෙය ඇමිලියා අවසන් වරට දුටු අවස්ථාවයි.

පියාසරියේදි ගුවන්විදුලි සබදතා බිදවැටෙන අතර, නොසිතු ලෙස යාත්‍රාව අතුරුදහන් වේ.

ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලීන් රුස්වෙල්ට් ගේ අණින් ඇමිලියා  සොයා දැවැන්ත මෙහෙයුමක් ඇරඹුවද, කිසිදු සාක්ෂියක් සොයාගැනිමට නොහැකි විය. පසුව ඇමිලියා හා ෆ්‍රෙඩ් අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවට එක්විය.

ඇමීලියාට සිදුවූයේ කුමක්ද?

අනේක විද මතිමතාන්තර ගෙවුනු දශක 8 පුරාවටම පැණනැගිනි. ඇමිලියාට හෝලැන්ඩ් දුපත නිසිපරිදි සොයගැනිමට නොහැකිව, එය සොයමින් පියාසර කරන විට ඉන්දන ඉවර වී දූපත ආසන්න මුහුදට කඩාවැටුනු බව එක් මතයකි.

මේ අනුව දූපත අවට මුහුදේ අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන්ද හෝඩුවා සොයාගිය නමුදු එම උත්සහයන්ද සාර්ථක වූයේ නැත.

මේ අතර වෙනස්ම මතයක් The International Group for Historic Aircraft Recovery හෙවත් TIGHAR සංවිධානය විසින් ඉදිරිපත් කල ඇත.

ඇමිලියා හා නූනන්, දැනට කිරිබති රාජ්‍යයට අයිති එවකට ගාඩ්නර් දූපත ලෙස හැදින්වූ එවකට ජනාශූන්‍ය දූපතකට ගොඩබැස්සවූ බව ඔවුන්ගේ මතයයි. ටයිගර් මතයට අනුව, එමිලියා අතරමංව මියයන්නේ එහිදීය.

ඇමිලියා සොයා පියාසර කල ගුවන්යානා මෙම දූපත මතින්ද ගමන් කර ඇති අතර, ගුවන්යානාවක් බැස්සවූ බවට සාධක ඇතත්, ගුවන්යානාවක් සොයාගැනිමට සමත්ව නැත. දැනට නිකුමරොරෝ ලෙස හදුන්වන මෙම දූපතෙහි සිදුකල ගවේෂණ අතරතුර යම් යම් සාධක හමුව ඇතත් ඒවා ඇමිලියා ගේමද යන්න ගැටලු සහගතය.

ඇමීලියා හා සබැදි විවාදාත්මක ඡායාරුවක්.
අනතුරින් පසු කලෙක ගත් මෙහි ඇමිලියා සිටින බව පැවැසේ


ඇමිලියා, ඇමරිකාව විසින් ජපනයේ ඔත්තු බැලිමට පිටත්කල ඒජන්තවරියක් බවටද මතයක් පවති. මෙම ගමනේදි ඇමිලියා ජපානයේ අත්අඩංගුවට පත්ව, මරාදැමීම හෝ පිටුවල් කිරිම සිදුකර ඇතැයි පැවසේ.

මේවා මතයන් පමණි.
සිදුවූ සත්‍ය තවමත් සැගව ඇත. නැතිනම් සගවා ඇත.
සත්‍ය සැගවිය නොහැක.
යම් දිනක එලිවනු ඇත.

නමුත් ඇමිලියා ඒහාර්ට් ගේ නාමය සැමදා ඉතිහාස පොත් වල රන්අකුරින් සටහන් වීම වලකනු බැරිය


සබැදි ලිපි


තවත් මෙවැනි පෙර ලිපි කියවන්න ‘‘සැගවුණු ඉතිහාස කතා‘‘ ලේබලයට පිවිසෙන්න.
අපිට FOLLOW කරන්න අමතක නොකරන්න.



















3 comments:

  1. Replies
    1. ඇමිලියා ගැන තවත් තැනක මේ වගේම විස්තරයක් තිබ්බා මට මතකයි. ආ... මේ තියෙන්නේ..... කසීර ලියන සහන කසීර ලියලා තිබ්බා..

      මේ තියෙන්නේ ලින්ක් එක.

      Delete
    2. කසියා මේ ගැන ලිව්වා කියලා දැනන් හිටියේ නැ නොවැ.
      ස්තුතියි ලිඛිතා

      Delete