Monday, July 10, 2017

ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කඩි....

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්  මේ දිනවල සමාජ ජාල රත්කරනවා. 
මේ වාක්‍යයේ තේරුම මොකක්ද?
පිටසක්වල බසක්ද? මහා පොලවේ බාසාවක්ද?





දේශපාලනඥයෙක් වෙනුවෙන් නම් වචන නාස්තිකරන්න ජනේලය බලාපොරොත්තුවක් නැ. නමුත් මේ කියන්න ගිය වාක්‍ය ගැන කතා නොකර බැ..

‘‘ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කඩි..‘‘ ලෙස කියැවුනත්, පේන දැනෙන විදිහට ඔහු විසින් කියන්න උත්සහ කරන්න ඇත්තේ,
Disce aut Discede
 Disce aut Discede යනු ලතින් භාෂාවේදී හමුවන වැකියක්. මෙය ලතින් උරුවෙන් ශබ්ද වන්නේ ‘‘ඩිෂෙ අවුත් ඩිෂෙඩේ‘‘ ලෙසයි.   ‘‘ඩිස්කේ අවුට් ඩිස්කේඩේ‘‘ ලෙසද කියන අවස්ථා තියනවා. 


අද වන විට ලතින් භාෂාව මළ භාෂාවක්. එනම් කවුරුත් එය දැන් එය දිනපතා එදිනෙදා භාවිතයට යොදාගන්නේ නැ. මියගියත්, ලතින් බස ලොවට දායාද කල වචන/ වාක්‍ය  මැකි ගොස් නැ. විද්‍යාත්මක පද බොහෝමයකට උප්පත්තිය දුන් ලතින් බස, අධ්‍යාපන කටයුතු වලදි වැදගත් තැනක් ගන්නවා. 



Disce aut Discede යන්නෙහි තේරුම නම්‘‘Learn or Leave‘‘ නැතිනම්, ඉගෙන ගනින්  නැතිනම් පලයං යන අරුතයි. විටෙක මෙය  Aut disce aut discede ලෙසද කියැවෙන අතර එහි අර්ථය ‘‘Either learn or leave‘‘ ය.



මෙය වැකිය, ලෝකයේ  අධයාපන ආයතන කිහිපයකම ආදර්ශ පාඨය ලෙස බාවිතා කරනවා. අද දක්වා ක්‍රියාත්මක ලොව දෙවැනි පැරණිතම පාසල වල රොචෙස්ටර් හී රජුගේ  විද්‍යාලයේ (The King's School) ද ආදර්ශ පාඨය මෙයයි.
ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාසලක් වන කොලඹ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේද මෙයයි. 



මිනිස්සුනේ!
වරදිනවානේ!
හදාගන්නවානේ!

නමුත්,
දේශපාලනඥයන්ටත් Disce aut Discede  සැරටම අදාලයි...


සබැදි ලිපි
ප්ලාස්ටික් සැත්කම්
ගසින් උපන් මාශ්මෙලෝ



අලුත් වෙන ලිපි දැනගන්න අපිව Follow කරන්න.
යාලුවන්ටත් දැනගන්න Share කරන්න



2 comments:

  1. ඩිස්කේ අම්මට වඩා දයාසිරිගේ අම්මට කියල කියන දවස වැඩි ඈතක නෑ මට පේන විදිහටනම්.

    හි.ත

    ReplyDelete