Monday, July 17, 2017

අලුත් ශරීරංග, සිරුරේම පැළකරන අමුතුම වෙදකම

හදිසි අනතුරකින් හෝ රෝගයක් නිසා  කණ අහිමි වුනොත් ලොකු පාඩුවක් නේ??
ලොකු පාඩුවක් වගේම අවලස්සනක්..
නමුත් අලුත්ම කණ් ඇගෙන්ම හදාගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවාද?
මේ එවැනි විස්මිත වෙදකමක් ගැනයි....





හදිසි අනතුරකින් හෝ පිළිකා වැනි රෝගී තත්ත්වයන් නිසා කණ ඉවත් කල විට, නැවත වෙනත් ශරිරාංගයක් මත අලුත් කණක් වවලා සකස්කරපු අවස්ථා කිහිපයක්ම වෛද්‍ය ඉතිහාසයේදි අපට හමුවෙනවා. මින් වඩා ප්‍රකට වූ අවස්ථා  ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.

ශෙරි

ඇමරිකානු ජාතික ශෙරි වොල්ටර් ( Sherrie Walter ) හට චර්ම පිළිකාවක් වැළදීම හේතුවෙන් ඇගේ වම් කණ (බාහිර ශ්‍රවණ නාලයද ඇතුලුව) ඉවත්කරන්නට සිදුවුනා.  වම් කණ අහිමි වුනත් අැයට තවත් බලාපොරොත්තුවක් ලබාදීමට ජෝන් හෝප්කින්ස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කලා. ඒ අනුව ශෙරි, වෛද්‍ය විද්‍යාවේ විස්මිත සැත්කමක මුල් පුරුකත් බවට පත්වෙනවා.

පැට්‍රික්

ඩොක්ටර් පැට්‍රික් බර්න් ගේ මෙහෙයවීමෙන් වෛද්‍ය කණ්ඩායමක් විසින් ශෙරි ගේ පර්ශුවලින් කාටිලේජ කොටසක්  වෙන්කරගෙන, එය ඇගේ වම් යටි බාහුවේ තැම්පත්කර නව කණක් ලෙස වර්ධනය වීමට සැලස්වූවා. මෙය ඉතාම සංකීර්ණ මෙන්ම කාලය වැයවන ක්‍රියාවලියක්.



ශෙරිගේ නවාංගය වර්ධනය කිරිමේ අවස්ථා



කාලයත් සමග ටිකෙන් ටික බාහිර කණක ස්වරුපය මෙයට ලැබුනා. නවාංගයට අවශ්‍ය පමණට වර්ධනය වීමට මාස 4ක් පමණ ගතව තිබෙනවා. පසුව අතෙන් වෙන්කරගත් නව කණ, හිසට බද්ධ කර ගැලපෙන ලෙස සකසා තිබෙනවා.

ශෙරි කොච්චර සතුටු වෙන්න ඇත්ද?

‍මේ ඇමරිකාවේ වෙච්ච දෙයක් නේ. දැන් යමූ චීනයට -->

චීනයේ ජී නම් තැනැත්තෙක් හදිසි අනතුරකට භාජනය වීම හේතුවෙන්  හිසේ දකුණු පැත්තට දැඩි හානි වෙලා තියෙනවා. සැත්කම් ගණනාවකින් පසුව මුහුණ සකසා ගන්න හැකිවෙලා තිබුනත්, දකුණු කණ අහිමි වෙලා. 




ජී ට අලුත් කණක් හදලා දෙන්න මුල් වෙලා තියෙන්නේ වෛද්‍ය Guo Shuzhong මහතායි. කීර්තිමත් ප්ලාස්ටික් සැත්කම් විශේෂඥයකු වන ඔහු  චීනයේ පලමු මුහුණු බද්ධ කල වෛද්‍යවරයාද වේ. පෙර අවස්ථාව මෙන්ම මෙවරත් නව කණ සදාගන්නත් භාවිතා කරලා තියෙන්නේ පර්ශු වල තියෙන කාටිලේජයක්ම තමයි. එය දකුණු අතේ තැම්පත් කර නව අංගය වර්ධනය කොටගෙන තිබෙනවා.

පුදුමයි නේද?

අලුත් විස්තර දැනගන්න අපිව Follow කරන්න අමතක කරන්න එපා ඔන්න.

1 comment:

  1. බොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!

    ReplyDelete