Sunday, July 2, 2017

මුහුදු සැතපුම් හා නොට්

ගොඩබිමේදි නම් සැතපුම්, කිලෝමීටර් භාවිතා වෙනවා. නමුත් ජලයේදි මුහුදු සැතපුම් භාවිතා වෙන්නේ. අනික වේගය මනින්නේ නොට් (Knot) වලින්. 




නාවික ගමන් අතීතතයට නුහුරු දෙයක් නෙවෙයි. ඉතා ඈත අතීතයේ ඉදන් මිනිස්සු ජලය තරණය කලා. නව භූමීන් සොයාගියා. අද තරම් දියුණු මිනුම් උපකරණ නොතිබුණු යුගයක යාත්‍රාවන් ගේ වේගය සොයන්න සරල ක්‍රම බාවිතා කලා.

මුල් කාලයේදි, ලී වැනි ජලයේ පාවෙන ද්‍රව්‍ය විසිකරමින් ඒවා තම යාත්‍රාව පසුකිරිමට යන වේලාව ගණනය කරමින් යාත්‍රාවේ වේගය ගණනය කලා. වේලාව ගණනය කරන්නට සූර්ය තැටි හා වැලි ඔරලෝසු භාවිතා කර තිබෙනවා.



මධ්‍යතන යුගයේදි ලොව වෙළාගත් දේශ ගවේෂණ උන්මාදය හේතුකොට ගෙන නව නව අත්හදැබැලීම් සිදුවුනා. ඒ අනුව 16 වැනි සියවසේදි පමණ chip log / ship log භාවිතයෙන් වේගය මැනීම ආරම්භ කලා.



මෙහිදි, රැහැනක් සම්බන්දිත ලී පුවරුවක් ජලයට දැමිම සිදුවුනා. මෙම රැහැනේ සමාන දුරවල් වල ගැට යොදා තිබුනා. යාත්‍රාව ඉදිරියට ගමන්කරන විට, රැහැනද නිදහසේ දිගහැරිමේ හැකියාව තිබුනා.  යම් කාලයක් තුල යාත්‍රාවෙන් ඉවත්වන රැහැනේ ගැට ප්‍රමාණය ගණනය කර, යාත්‍රාවේ වේගය නිර්ණය කිරිමට හැකිවුනා.

රැහැනේ යොදන ගැට අනුසාරයෙන් පසුකාලිනව නොට් (Knot) ඒකකයට නම් ලැබුනා.

වර්තමානයේ සම්මතයන්ට අනුව, නොට් (Knot) එකක් යනු පැයට නාවික සැතපුම් ය. එනම් නොට් 20ක් යනු පැයට නාවික සැතපුම් 20 ක වේගයකි.

නාවික සැතපුම හා ගොඩබිම් සැතපුම් වෙනස් අගයන් ගන්නා ඒකක වේ. නාවික සැතපුමකට අඩි 6,076 හෝ මීටර් 1852 කට සමාන ප්‍රමානයකි.





5 comments:

  1. මුහුදෙත් ගැට එමට තියනවා වගේ.....!!!

    හි.ත

    ReplyDelete
  2. බොහොම ස්තූතියි... අපට Free Items ටිකක් ගෙදරට ගෙන්න ගන්න පුථවන් ඒවා ගැන ලිපියක් ලියන්න පුතවන් ද?

    ReplyDelete
    Replies
    1. හොදයි මිතුර. සොයා බලා ලියන්න උත්සහ කරන්නම්.

      Delete
  3. ස්තුතියි මේ වගේ දෙයක් තේරුම් කරලා දුන්නට.

    තව මේ වගේ අලුත් දේවල් තියෙනවා නම් තව ලිපි ලියන්න

    ReplyDelete