Monday, July 24, 2017

ගණිත ගේමක් වූ ඉන්දියානු ජනාධිපතිවරණය

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස රාම්නාත් කෝවින්ද් මහතා පත්වූවා. ඔහු ඉන්දියාවේ  14 වැනි ජනාධිපතිවරයායි.
ඉන්දියාවේ ජනාධිපති පත්වෙන්නේ වෙනස්ම ගණන් සාස්තරයකටයි.
ඒ කොහොමද කියලා බලමු.



ඉන්දියානු ජනාධිපතිවරයා පත්වෙන්නේ, අපිට පුරුදු ලෙස සෘජුවම ජනතා ඡන්දයකින් නොවේ. අවසරලත් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ මඩුල්ලක (electoral college) පැවැත්වෙන ඡන්ද විමසීමකින් ඉන්දියානු ජනාධිපතිවරයා තේරී පත්වේ.

ඉන්දියානු ජනාධිපතිධූර අපේක්ෂකයකු වීමට සුදුසුකම්,
  • ඉන්දියානු පුරවැසියෙකු විය යුතුයි
  • වයස අවුරුදු 35 ඉක්වා තිබිය යුතුයි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට සුදුසුකම් සපුරා තිබිය යුතුයි

ජනාධිපතිවරයා තෝරණ විශේෂ මණ්ඩලයට අයත්වන පිරිස,
  • ඉන්දිය පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරුන් ( ලෝක් සභා හා රාජ්‍ය සභා) 
  • ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් හී සභිකයින්/ විහාන් සභා හී සභිකයින් / MLAs
මෙහිදි සදහන් කලයුතු කාරණාවක් නම්, නම්කොට පත්කල (ජාතික ලැයිස්තු වැනි) මන්ත්‍රිවරුන්ට ජනපති තෝරන ඡන්දයට සහභාගිවීමට අවස්ථාව නැත.



සාමාන්‍යයෙන් එක් ඡන්ද හිමියෙක් ප්‍රකාශ කරන ඡන්දයක වටිනාකම එකක් ලෙස නේ සලකන්නේ. නමුත් මෙම ඡන්ද විමසීමෙදී එසේ සිදුවන්නේ නැ. විශේෂ මණ්ඩලයේ ඉන්න එක් එක් ඡන්ද හිමියන්ගේ ඡන්ද වල වටිනාකම වෙනස් වෙනවා. ඒකයි කිව්වේ මේක ගණන් වලින් ගහන ගේමක් කියලා.

ඔන්න ගණන් පන්තිය පටාාන් ගන්නවා!!

එක්  MLA කෙනෙක්ගේ ඡන්දයක වටිනාකම තීරණය වෙන්නේ අදාල පුද්ගලයා පත්වූ ප්‍රාන්තය/ප්‍රදේශයේ ජනගහනය හා අදාල ප්‍රන්තය නියෝජනය කරන   MLA සභිකයින් ගණන අනුවයි.

එක් ඡන්දයක වටිනාකම =  අදාල ප්‍රාන්තයේ හෝ ෆෙඩරල් ප්‍රදේශයේ ජනගහනය (1971 දී) / 1000 X එහි  MLA ගණන

උදා -
 උත්තර ප්‍රදේශයේ එක් MLA ඡන්දයක වටිනාකම = 83,849,905 / 100 X 403 --> 208

මේ ආකාරයට ඒ ඒ ප්‍රාන්ත හෝ ප්‍රදේශ වල MLA ලාට වෙන වෙනම ඡන්ද වටිනාකමක් ලැබෙනවා. වැඩිම වටිනාකම ලැබෙන්නේ උත්තර ප්‍රදේශ් වලට (208ක්). අඩුම  වටිනාකම සිකීම් (7). 

මෙහිදි ඔයාලා දකින්න ඇති, ගණනය කිරිම් වලට භාවිතා කරන්නේ වර්තමාන ජනගහණය නොව, 1971 වසරේ ජනගහණ වාර්තා බව. ඉන්දිය ආණ්ඩුක්‍රම සංශෝධනයක් මගින් පනවා ඇති පරිදි 2026 දක්වා භාවිතා කරන්නේ 1971 ජනසංගණන වාර්තාවයි.

මුලු MLA ගණන 4,120 වන අතර, ඔවුන් ගේ ඡන්ද වටිනාකම් වල එකතුව 549,495 පමන වෙනවා.

දැන් බලමු, පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකුගේ ඡන්දයක වටිනාකම කොපමණද කියලා?

එක් මන්ත්‍රිවරයකුගේ ඡන්දයක වටිනාකම=  මුලු MLAs ඡන්ද වටිනාකම /  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන (ඡන්දබලය සහිත)
ඒ අනුව මන්ත්‍රිවරයකුගේ වටිනාකම=  549,495 / 776 --> 708 ක් පමණ වනවා.

පාර්ලිමෙන්තු මන්ත්‍රීන්ගේ  සමස්ථ ඡන්ද ප්‍රමාණය  = 708 x 776 = 549,408


ඒ අනුව මුලු ඡන්ද ප්‍රමාණය =  මුලු MLA ඡන්ද ප්‍රමාණය  + මුලු පාර්ලිමෙන්තු මන්ත්‍රි ඡන්ද ප්‍රමාණය =  1,098,903 පමණ වේ.

ඔන්න ඔහොමයි අගයන් බෙදෙන්නේ.

සමානුපාතික  ඡන්ද විමසීමකට සමාන මෙම ඡන්දය පැවැත්වෙන්නේ රහස් ඡන්ද විමසීමක් ලෙසයි . ඡන්ද හිමියන්ට තමන් ගේ කැමැත්ත පරිදි අපේක්ෂකයන් වෙත මනාප ප්‍රකාශ කල හැකියි.
මුලු ඡන්ද ප්‍රමාණයෙන් 50% ඉක්මවන ඡන්ද ලබාගත් අපේක්ෂකයා නව ජනපති වීමට සුදුසුකම් ලබනවා. 

ඡන්ද විමසීමේ මුල් වටයේ කිසිදු අපේක්ෂකයකු 50% සීමාව පසුකිරිමට අසමත් වුවහොත්, අඩුම මනාප ලැබු අපේක්ෂකයා ඉවත්කර නැවැත මනාප ගණනය කිරිම සිදුකරනවා. මේ ආකාරයෙන් 50% සිමාව ඉක්මවන අපෙක්ෂකයා සොයාගනු ලබනවා.

ඔන්න ඔහොමයි ඉන්දියානු ජනාධිපතිවරයා පත්වෙන්නේ.

කොහොමද වැඩේ?
ලේසි නැ නේද?

සබැදි ලිපි


1 comment:

  1. පණ නැති ජනාධිපති කෙනෙක් වෙනුවෙන් ඔච්චර දඟලන්නේ, රටේ මිනිස්සුන්ට වැඩක් කලා කියලා පෙන්වන්න වෙන්න ඇති.

    ReplyDelete