Tuesday, July 25, 2017

කිරිකැටි සිරුර ගසකට දන්දෙන මිනිස්සු!!!


ලොව විවිධ රටවල් වල විවිධ ජනවර්ග වලින් විවිධාකාර අවමංගල්‍ය චාරිත්‍ර හමුවෙනවා.
මේ කියන්න යන්නෙත් එවැනි අරුම චාරිත්‍ර අනුගමනය කරන ජනවර්ගයක් ගැනයි.







ඉන්දුනිසියාවේ දකුණු සුලාවේසි හී මනරම් කදු පන්තියකින් වට වූ ටන ටොරහා ප්‍රදේශයේ බාහිර ලෝකයෙන් දුරස්ථ ස්වදේශික ජනතාවක් වූ ටොරහා ගෝත්‍රිකයන්ට නිවස්නය සපයයි. අප ජිවත් වන ලෝකයට මරණය යනු මතක් කිරිමට පවා අකමැති දුක්ඛිත අකල්‍ය කාරණායක් වුවද ටොරහාවරුන්ගේ ජීවිතයේ වැදගත්ම සතුටුදායක අවස්ථාවකි. අවමංගල්‍ය ඉතා ඉහලින් සමරන්නේය. 

අප රට වලද අවමගුල් උත්සව ඉහලින් පවත්වනවා යැයි ඔබ දැන් පවසනු ඇත. නමුදු ටොරහා වාසින් ගේ චාරිත්‍ර හා අභිචාර විධින් පුදුමු එලවන සුලුය. චමත්කාරය.  බාහිර ලෝකයට අරුමයකි. නානාවිධ අරුත් රැගත් සංකීර්ණතම අවමංගල්‍ය චාරිත්‍ර ඇත්තේ මෙහි බව විටෙක පසක් වනු ඇත.



ගෝත්‍රයේ යම් ළදරුවෙකු මුඛයේ දත් පැමිණිමට පෙර අවධියේදි මියගිය හොත් ඔවුන් අනුගමනය කරන්නේ වෙනස්ම චාරිත්‍රයකි. දැවැන්ත ගසක, එහි පැවැත්මට හානියක් නොවන ලෙස හෑරු බෙනයක් තුල, අලංකාර වස්ත්‍රයන් ඇගලූ ළදරු මළසිරුර තැම්පත් කරනු ලබයි. බෙනයේ විවරය පාම් අතුවලින් මුද්‍රාතබයි. 

ගස මගින් සිරුර අන්තර්ග්‍රහණය කර, වැඩිම සදහා ශක්තිය ලබාගන්නා බවත්, සුළග සමගින් ආත්මය නිදහස් වන බවත් ඔවුන්ගේ විශ්වාසයයි. මෙසේ සිරුරු අඩංගු බෙන දුසිම් ගණනින් ඇති දැවැන්ත ගසස් ද දැකගත හැක.

ඒ ළදරුවන් සබැදි චාරිත්‍රයකි. වැඩිහිටියන් වෙනුවෙන් අනුගමනය කරන තවත් චාරිත්‍ර බොහෝමයක් ඇත.

වැඩිහිටි මරණයක් වූ සැනින් ඔවුන් අවසන් කටයුතු සදහා ඉක්මන් වන්නේ නැත. දින ගණනාවක් විටෙක මාස ගණනාවක් දේහය තබාගනිමිනි. මෙයට හේතුව වි අැත්තේ අවසන් කටයුතු සදහා වන අධික වියදම සොයාගැනිමට කාලයක් ලබාගැනිමයි. සිරුර තබාගන්නා කාලය අතරතුර විවිධ සත්කාර හා පූජාවිධි ඉටුකරයි.

අවමංගල්‍යයට වැයවන අධික වියදම, තම ජීවිත කාලය තුලදීම රැස්කරගැනිමට උත්සහ කිරිම බොහෝ විට දක්නට ලැබේ. නමුත් අවසන් කටයුතු කල පමනින් සියල්ල අවසන් වෙන්නේ නැ.







සෑම වසර තුනකටම වරක් එලැබෙන දිනයකදි, භූමිදානය කරන ලද සිරුරු නැවත ගොඩගෙන පිරිසිදුකර, නව වස්ත්‍රාභරණයන්ගෙන් සරසා ප්‍රදර්ශණය කරනු ලැබේ. සිරුරු පමණක් නොව, සිරුරු තැම්පත් කර තිබූ පෙට්ටි ද පිලිසකර කිරිම සිදුකරනු ලබයි.



එමෙන්ම කදු බෑවුම් වල සැකසු ගුහා තුල සිරුරු තැම්පත් කිරිම, දේහයන් කදු හෙල් වල එල්ලිමද විටෙක දැකිය හැක. මෙම පුදුම එලවන සුලු අවමංගල්‍ය චාරිත්‍ර  හේතුවෙන් සංචාරක ආකර්ෂණයක්ද දිනාගැනිමට සමත්ව ඇත.

බාහිර ලෝකයට මෙය විශ්මය හා නූගත්කම එකට කැටිවූ අදහසක් ජනිත වුවත්, ටොරහා වැසියන් ස්වභාවධර්මයට හා එකිනෙකාට දක්වන ආදරය මෙයින් පිළිබිඹු වන බව මාගේ අදහසයි

සබැදි ලිපි


4 comments:

  1. ඇත්තටම වැදගත්

    ReplyDelete
  2. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete