Tuesday, August 21, 2018

ගවයන් වමාරා කන්නේ ඇයි?

ඔබ ගවයෙකු නිරික්ෂණය කලහොත් නිතරම සපමින් සිටිනු දැක ඇත.
ගවයන් ආහාර වමාරා කන බවද ඔබ අසා ඇති.
අද ලිපිය දිග හැරෙන්නේ මේ කාරණාව සම්බන්දවයි.








ගවයා, රෝමාන්ත්‍රික (ruminant) සත්ත්වයෙකි. ගවයාගේ ආමාශය කොටස් 4කින් සමන්විත වේ.

පිලිවෙලින්,
1)රූමනය  (rumen)
2)රෙටිකියුලම් (reticulum)
3)ඔමේසුම් (Omasum)
4)ඇබොමේසුම් (abomasum)





ආමාශයේ මුල් කොටස වන රූමනය (rumen) අනෙත් කොටස් වලට සාපෙක්ෂව විශාල ධාරිතාවක් ඇති කොටසකි. අධික ක්ෂුද්‍රජිවි ගහනයක් හා ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරිත්වයක් ඇත. 

ගවයින් ශාකභක්ෂකයන් ය.  ශාක සෛල බිත්ති සැදි ඇත්තේ සෙලියුලොස් නම් පොලිසැකරයිඩ වලිනි. මෙවැනි මහාඅණු ජීර්ණය පහසු නොවේ. ඒ සදහා සැකසුණු විශේෂ ජීර්ණ ක්‍රම ශාකභක්ෂකයින් සතුව ඇත.

ගවයන් විසින් ආහාර ගැනිමේදි  ඉතා ඉක්මනින් ගිලිම සිදුකරයි. එයින් ගවයන්ට කෙටි කාලයකදි වැඩි ආහාර ප්‍රමාණයක් ගත හැකි වුවද,  මුඛය තුල ආහාර රැදෙන්නේ කෙටි කාලයකි. මෙහිදි මුඛයේදි ඛේටය සමග මිශ්‍රවන්නේද මද වශයෙනි. විකිම නිසා සිදුවන යාන්ත්‍රික ජිර්ණයද  අඩුය.



ආහාර ගිලිමෙන් පසු එය ආමාශයේ මුල් කොටස වන රූමනයට ගමන් කරයි. වමාරා කෑම සදහා ගිලින ලද ආහාර තාවකාලිකව ගබඩා කිරිමක් ද මෙහිදි සිදුකරයි. එහි අඩංගු ද්‍රවමය මාධ්‍ය, විවිධ ජීරක යුෂ හා පේශි චලන නිසා ගිලින ලද ආහාර, මෘදු ගුලි බවට පත්කිරිම සිදුකරයි. ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරිත්වයක් මත ආහාර පැසිමේ ක්‍රියාවලියක් ද  සිදුවේ. ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරිත්වට සුදුසු උෂ්නත්වය,pH අගය හා නිර්වායු තත්ත්ව සහිත පරිසරයක් එහි  ඇත. ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරිත්වයෙන් තොරව රෝමාන්ත්‍රිකයන්ට පෝෂ්‍ය ප්‍රයෝජ්‍ය කරගනිම අපහසු වනු ඇත.

ආහාර කුඩා කොටස් වලට කඩා ගැනීම මගින් රූමනය තුල සිදුවන ජීර්නය තවත් පහසු කරයි. එබැවින්ආහාර ගුලි රූමනයේ සිට නැවත මුඛය කරා පැමිණිම සිදුවේ. මෙහිදි දත් හා කොපුල් පේශි ආධාරයෙන් සැලකිය යුතු වේලාවක් විකිම නිසා යාන්ත්‍රික ජීර්ණයට ලක්වේ. ආහාර කුඩා කොටස් වලට කැඩිම සිදුවේ.
විකිමේ ක්‍රියාවලිය  හොදින් සිදුවිමට සැකසුණු දන්ත සැකැස්මක්ද ඇත.

මෙසේ මුඛයේදි  නැවත විකිමට ලක්කරන ලද ආහාර නැවත ගිලිමක් සිදුකරයි. ඒවා ආහාර මාර්ගයේ ඉදිරි කොටස් වලදි තවදුරටත් ජීර්ණයට ලක්වේ. 

ගවයන් මෙය නිතරම සිදුකිරිම නිසා, දවසින් වැඩි වේලාවක් සපමින් සිටින්නේ යැයි පෙනෙන්නේ මේ ක්‍රියාවලියයි. මෙලෙස නිතරම ආහාර වමාරා කමින් සිටිම සෞඛ්‍යමත් ගවයකුගේ ලක්ෂණයකි.

- රොෂීන් ප්‍රනාන්දු

1 comment:

  1. Lucky Club Casino Site
    Lucky Club Casino is a popular online casino and game website. It offers great bonuses and promotions. It is also very popular in the UK and luckyclub the Netherlands Visit Lucky Club Casino: Play Here!⭐Rating: 3.5 · ‎Review by LuckyClub.live

    ReplyDelete