Tuesday, December 20, 2016

නාසි ජර්මනියෙන් පලා ආ ඈන් රණසිංහ දිවිගමනට සමුදෙයි

කීර්තිමත් සාහිත්‍යධර ඈන් රණසිංහ මැතිනිය අවුරුදුු91ක් ආයු වළදා අප අතරින් වියෝ වූවාය.







1925 වසරේදි ජර්මනියේ එසේන් හි යුදෙව් පවුලක අැනෙලීස් කාට්ස් ලෙස ඇය උපත ලැබීය. සතුටින් කල් ගෙවු කාට්ස් පවුලට කණකොකා හඩන්නේ, ජර්මානු ආඥාදායක හිට්ලර්  විසින් යුදෙව් මර්දනකාරි වැඩසටහනක් ඇරබීමත් සමගයි. නාසිවාදින්ගේ ගොදුරක් බවට කාට්ස් පවුලද පත්විය.

මරණයෙන් බේරිම සදහා එවකට 13 හැවිරිදි වියේ පසුවු ඇනෙලිස් , එංගලන්තයේ වාසය කල ඇගේ නැන්දණියක කරා යොමුකරන ලදි. නමුදු හිට්ලර්ගේ මර්දනකාරි වැඩසටහනෙන් බේරිමට කාට්ස් පවුලේ අනෙකුත් සාමාජිකයින්ට අවස්ථාව නොලැබිනි. ඇගේ දෙමාපියන් චෙල්ම්නෝ වදකාගාරයේදි විෂවායු මගින්  මරණයට පත් කර ඇත.

පසුව ශ්‍රිලංකාවේ ප්‍රසව හා නාරිවේදය පිලිබද ප්‍රවිණයකු වූ මහාචාර්ය ඩි.ඒ.රණසිංහ මහතා සමග විවාහා දිවියට එලැබෙන අනෙලිස් එතැන් පටන් ප්‍රකට වන්නේ ‘‘ඈන් රණසිංහ‘‘ යන නාමයෙනි. ලංකාව කරා සංක්‍රමණය වන ඇය,1956 දි පමණ ලක් පුරවැසිභාවයද ලබාගත්තාය.



And the Sun That Sucks The Earth to Dry කාව්‍ය කෘතියෙන් ලේඛණ කලාව ඇරඹු ඇය,From Holocaust To Paradise Lost, on the fifth day .. වැනි කෘතින් රචනා කලේය. ඇමිනෙස්ට් ඉන්ටනැෂනල් ආයතනයේද කලක් ඇය සේවය කලාය. සුලු ජාතින්ට සිදුවන අඩත්තේට්ටම්, ඇයගේ ප්‍රධාන වස්තු විෂයක් විය.

ලංකාව තුල මෙන්ම අන්තාර්ජාතිකවද සම්මාන ඇසකින් ඇය  පිදුම් ලබා තිබිනි.


No comments:

Post a Comment