Thursday, December 22, 2016

වාතය නැතිව සබ්මැරින එන්ජින් මුහුද යට දුවන හැටි

පෙට්‍රෝලියම් වලින් වැඩ කරන අභ්‍යන්තර දහන එන්ජින් වැඩ කරන්න වාතය අවශ්‍යයි. නැතිනම් ඔක්සිජන් අවශ්‍යයි. නමුත් මුහුද යට ඔක්සිජන් නැනේ. ඉතින් කොහොමද ඩීසල් සබ්මැරින එන්ජින් වැඩ කරන්නේ?




මුහුද මතුපිටින් යද්දි නම් සම්බැරින වලට අවුලක් නැතුව වාතය ලබාගන්න පුලුවන්. නමුත් මුහුද මතුපිටින් යන්න නම් ඉතින් සබ්මැරින ඕනා නැනේ. සබ්මැරිනයක් වුනාම ඉතින් මුහුද යට කිමිදෙන්නම ඕනා. නමුත් තියන ප්‍රශ්නය තමයි, කොහොමද එන්ජින් වැඩ කරන්න අවශ්‍ය වාතය හොයාගන්නේ කියන එක.

සරලයි.බැටරි භාවිතා කරානම් හරිනේ.

සබ්මැරින් කියන්නේ දෙමුහුන් රථ වලට හොද උදාහරණයක්. මුහුද මතුපිටින් යන වෙලාවලදි ඩිසල් බලයෙන් එන්ජින් ක්‍රියාකරවලා බැටරි ආරෝපනය කරගන්නවා. ඊටපස්සේ මුහුදේ කිමිදෙනවා. නැවත බැටරි වල ආරෝපනය අඩු වෙද්දි, මුහුද මතුපිටට එනවා.

නමුත් මේ වැඩේ පොඩි ගටලුවක් තියනවා. මොකද කියනවානම්, යුද්ධ තියන වෙලාවකදි මෙහෙම මුහුද මතුපිටින් ගමන් කරන එක අනතුරුදායකයි. පහසුවෙන් සතුරු ඉලක්කයක් වෙන්න පුලුවන්. මේ තත්ත්වය මදක් හෝ අවම කරගන්න submarine snorkel කියන උපකරනය භාවිතා කරනවා. එය භාවිතා කරලා පුලුවන්, මුහුද මතුපිටටම එන්නේ නැතුව බටයක් වැනි උපකරණයක් භාවිතා කරලා වාතය ලබාගන්න. නමුත් පහු පහු වෙද්දි submarine snorkel භාවිතා කලත්, සතුරු ප්‍රහාර වලට ලක්වෙන්න ඩිසල් සබ්මැරින වලට සිදුවුනා.



මෙම වාත ගැටලුවට පිලියම තමයි න්‍යෂ්ඨික සබ්මැරිනය. න්‍යෂ්ඨීක සම්බැරින ක්‍රියාකරවන්න වාතය අවශ්‍ය නැ. එහි බලය උත්පාදනය කරන්නේ න්‍යෂ්ඨීක ප්‍රතික්‍රියා මගින්. ඒ හේතුවෙන් සති ගනනාවක් වුවත් මුහුදේ කිමිදි ඉන්න පුලුවන්.

නමුත් න්‍යෂ්ඨීක සබ්මැරින මිලෙන් අධිකයි. න්‍යෂ්ඨික සබ්මැරින ගන්න යන වියදමින් ඩිසල් සබ්මැරින 4ක් විතර ගන්න පුලුවන්ලු. නමුත් යුධමය අවස්ථාවලදි න්‍යෂ්ඨික සබ්මැරින වාසි දායකයි.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය



  

No comments:

Post a Comment