Monday, December 19, 2016

ඊලග නැවතුම අත්ලාන්තික් සාගරයයි...

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් උමං දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් අන්ලාන්තික් සාගරයේ ගිල්වා දමා තිබෙනවා.
ඇයි මෙහෙම කරන්නේ?
මෙයින් සාගරයට අත්වන ඉරණම කෙබදුද?





ඇමරිකාවේ ඩෙලවෙයාර් සිට දකුණු කැලිෆෝනියාව දක්වා වන මුහුදු තීරයේ දුම්රිය මැදිරි 2500 ආසන්න ප්‍රමාණයක් ගිල්වා දමා තිබෙනවා. 

මල නොකන වානේ වලින් සැදු, ටොන් 18 පමණ බරැති මෙම දුම්රිය මැදිරි මුහුදේ ගිල්වා දැමිම බැලු බැල්මටම පරිසර දූෂණයක් ලෙස පෙනුනත් ඇත්තෙන්ම මෙහි අරමුණ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.






වසර ගනනාවක් තිස්සේ නිව්යොර්ක් නුවර වැසියන්ට ප්‍රවාහනය ලබාදුන් දුම්රිය මැදිරි ඊලග වසර ගනනාව තුල මුහුදු ජිවින්ට අගනා වාසස්ථාන සැපයිමට නියමිතයි.






සාගර උෂ්ණත්වය ඉහල යැම, සාගර දුෂණය  වැනි කරුණු හේතුකරගෙන සාගර කොරල් සම්පත විනාශ වෙමින් පවතිනවා. මෙම කොරල් සම්පත සාගර ජිවින් විශාල ප්‍රමාණයකට වාසස්ථාන සපයනවා. කොරල් සම්පත විනාශ විමත් සමගම එම ජිවින්ගේ වාසස්ථාන අහිමිවිමත් සමග මුහුදු ජිවින්ගේ පැවැත්මට දැඩි බාදා එල්ල වි තිබෙනවා.

කොරල් විනාශය නැවැත්විමට පිලියම් සෙවීම මෙන්ම, මුහුදු ජිවින්ට නව වාසස්ථාන සැපයිම මෙම ව්‍යපෘතියේ අරමුණයි.

කාලයත් සමගම මෙසේ සාගර පතුලේ තැම්පත් කල දුම්රිය මැදිරි පරිසර පද්ධතියක් බවට පත්ව, මුහුදු ජිවින්ගේ වර්ධනය උපකාර වෙනවා.


No comments:

Post a Comment