Friday, December 23, 2016

ඔබත් නින්දට පෙර දුරකතනය භාවිතා කරන්නෙක්ද?

නිදා ගන්නට ගිහින් බොහෝ වෙලාවක් යනකං ජංගම දුරකතනය භාවිතා කර කර ඉන්න එක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. එහෙම කරලා නිදාගැනිමේ අපහසුතා, ඇස්වල අපහසුතා දැනිලා ඇති.
මේ නරක පුරුද්දේ ආනිසංස ගැනයි මේ කියන්න යන්නේ




වර්තමානයේදි ජංගම දුරකතනය කියලා කියන්නේ ජිවිතයේම කොටසක් වෙලා. අතන මෙතන කොතන ගියාත් ජංගම දුරකතනය අතේ. මැසේජ් බලන්න, කෝල් කරන්න, වෙබ් බ්‍රවුසින්, ඊමේල් මේ සියල්ලටම ඇගිලි තුඩේදුර. ඉතින් නිරායාසයෙන්ම දුරකතනය නිදි පැදුරටත් ඇවිත්.

සොබාදහමෙන් අපිට ලැබෙන ආලෝකය තමයි අපිට නිදාගන්න හා නැගිටින්න කියන පණිවිඩ අපේ මොලයට ලබාදෙන්නේ. මේ පණිවිඩ අනුව යමින්, අපේ මොලයේ තියන කේතු දේහ වලින් ශ්‍රාවය කරන ‘‘මෙලටොනින්‘‘ කියන   හෝමෝන වල උදව්වෙන් අපේ සිරුර තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා.    



ජංගම දුරකතන වල තිරය මගින් අධික ලෙස දෘෂ්‍ය ආලෝකය නිකුත් කරනවා. අපිට මෙය තනි එලියක් ලෙස පෙනුනත්, දෘෂ්‍ය ආලෝකය කියන්නේ වර්ණ 7ක සංයෝජනයක් කියලා මිතුරන් දන්නවානේ. ඉතින් මේ වර්ණ හැම එකක්ම එකම විදිහට අපේ සිරුරට බලපාන්නේ නැ. මෙහි අන්තර්ගත නිල්පැහැයට අදාල සංඛ්‍යාතය සහිත තරංග ඇස මත පතිත වෙනවා. මේ හේතුවෙන් අපේ මොලයට පණිඩය යන්නේ, අපි නිදාගන්න තවමත් සූදානම් නැ කියලා. ඉතින් මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය වීම නවතිනවා.   මේ හේතුව නිසා ඔයාලාගේ නින්ද පරක්කු වෙනවා. සමහර වෙලාවට නිදාගන්න ඕනා උනත් නිදාගන්න බැ. නින්ද ගියත් එය සුවදායක නින්දක් වෙන්නේ නැ. ඔයාලාට මේ අත්දැකිම විදලා ඇති.

නින්ද කියන්නේ අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. සිරුරේ ඇති ජිව විද්‍යාත්මක ඔරලෝසුව මගින් අපිට නිදාගන්න කියද්දි, මේ වගේ බාහිර බලපැම් මගින් නින්ද පමාවෙන එක සිරුරට බලපානවා. නිසි ලෙස නිදි නොලැබිම, 

  • දියවැඩියාව
  • හෘද රෝග
  • අක්ෂි රෝග
  • ආඝාතය
  • ආතතිය
වගේ තත්ත්ව ඇති කරන්න පුලුවන්. 

හොදම දේ තමයි නිදාගන්න කලින් ජංගම දුරකතනය භාවිතා කිරිම අවම කරන එක. නමුත් සමහර දෙනෙක්ට මේක කරන්නම අමාරු වෙන්න පුලුවන්.

ඔයාලා බාවිතා කරන්නේ ස්මාර්ට් දුරකතනයක් නම්, ඔයාලාට ඇප් ස්ටෝර් හරහා ෆිල්ටර්  ඇප්ස් බාගත කරගන්න පුලුවන්. ඒ වගේ ඇප්ස් කිහිපයක නම් පහත දක්වලා තියනවා.





හැමදේටම කලින් අපේ සෞඛ්‍ය ගැනත් හිතමු නේද?







No comments:

Post a Comment