Friday, December 23, 2016

අභ්‍යවකාශ යානා වල ඇදුම මහන ටේලර් - ලින් ෆාම්

නමින් ලින් ෆාම් උවත්, සමහරුන් හදුන්වන්නේ  ‘‘spacecraft dressmaker‘‘ නමිනුයි. නාසා ආයතනයට ඇය නැතුවම බැරි චරිතයක්. ඇගේ අතින් තමයි, අභ්‍යවකාශ යානා රැකෙන ආවරණ තැනෙන්නේ.






කැලිෆෝනියාවේ  පිහිටා ඇති නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන පරික්ෂනායතනයේ ලින් ෆාම් සේවය කරයි. ඇගේ සේවා කාලය දැනට වසර 16කි. ඇගේ අතින් මසන ලද තාප ආවරණ මගින් අභ්‍යවකාශ යානා වල උෂ්නත්වය පාලනය සිදුකරයි. 

මෙම තාපපරිවාරක ආවරණ මගින් අභ්‍යවකාශ යානාවට අවැසි උෂ්නත්වය නිසි ලෙස සකසමින් මෙහෙයුම සාර්ථක කරගැනිමට උපකාර කරනවා.

අභ්‍යවකාශයානා එකලස් කිරිමේ සැම අදියරකටම ලින් ෆාම් දායක වෙනවා. 



ලින් ෆාම්  වියට්නාම ජාතික කාන්තාවක්. වියට්නාමයේදි සිදුවු දේශපාලනික වද හිංසා නිසා ඇගේ පවුල,1978 වසරේදි වියට්නාමය අතහැර ඇමරිකාවට සංක්‍රමනය වී තිබෙනවා. 

ඇදුම් මැසිමට ඇති හැකියාව නිසා, ඇයට ලොස් ඇන්ජලිස් නුවර ටේලර් සාප්පුවක සුලු වැටුපකට රැකියාවක් ලැබි තිබුනා. මෙම රැකියාව අතරතුර රාත්‍රි පාසලකට ඇතුලත්ව ඉලෙට්‍රොනික් පිලිබදව හදරා තිබෙනවා.

ඒ අනුවයි ඇයට නාසා ආයතනයට ඒමට මග පැදෙන්නේ.

තාප ආවරණ සැදිමට අවැසි අමුද්‍රව්‍ය


ඇය නාසා ආයතනයට ඇතුලත්ව ඇත්තේ  කම්බි ඈදුම් ශිල්පිනියක ලෙසයි. පසුව ඇය සමග සේවය කල මිතුරකු මාර්ගයෙන් මෙම තාප පොරවන නිපදවිම සදහා සම්බන්දව තිබෙනවා. ඊට පෙර ඇය කිසිදාක මෙම තාප ආවරණ මසා නැ. උපතින් ලද මැසිමේ හැකියාව, ඇයට මෙම අවස්ථාව සපයා දුන් බව ඇය පවසනවා.




No comments:

Post a Comment