Monday, December 5, 2016

ප්‍රධාන නගරවල ඩීසල් රථ ධාවනය තහනම්...

එලැබෙන වසර කිහිපය තුලදී, ලොව ප්‍රධාන නගර සතරක ඩීසල් රථවාහන ධාවනය තහනම් කිරිමට තීරණය කර ඇත.





මෙම තීරණයට එලැබ ඇති නගර වන්නේ,
  1. පැරිසිය (ප්‍රංශය)
  2. මෙක්සිකෝ සිටි (මෙක්සිකෝව)
  3. මැඩ්රිඩ් (ස්පාඥ්ඥය)
  4. ඇතැන්ස් ( ග්‍රිසිය)
මෙම තීරණයට එලැබ ඇත්තේ පසුගියදා මෙක්සිකෝ සිටි හිදි පැවැති  නගර ප්‍රධානින්ගේ රැස්වීමකදිය.

විකල්ප ප්‍රවාහණ ක්‍රම දියුණු කිරිම, පාපැදි ජනප්‍රිය කරවිම හා වායු දූෂණය අවම කිරිම සදහා මෙම තීරණයට එලැබි බව ඔවුන් පවසා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට, සැම වසරකදිම වායු දූෂණය හේතුකොට ගෙන මිලියන 3 කට ආසන්න මරණ සංඛ්‍යාවක් ලොව පුරා සිදුවන බවයි.

ඩීසල් එන්ජින් මගින් මූලික ගැටලු දෙකක් මතුවන බව පරික්ෂණ මගින් සොයාගෙන ඇත. ඒවා මගින් අන්වික්ෂිය පදාර්ථ (PM) නිපදවිම සිදුවන අතර, නයිට්‍රජන් හි ඔක්සයිඩ නිකුත් විමද සිදුවේ.

මෙම කුඩා අංශු ශරිර ගත විම මගින් ස්වසනය හා රුධිර සංසරණය ආශ්‍රිත ගැටලු ඇතිවේ. එමෙන්ම නයිට්‍රජන් හි ඔක්සයිඩ විමෝචනය මගින්, පහල වායුගෝල තුල ඕසෝන් වායුව ඇතිවි,ස්වසන අපහසුතා ඇතිවේ. එමෙන්ම ප්‍රකාශ දූමිකා තත්ත්ව ඇතිකිරිමට ඉවහල් වේ. ලංකාවේ විරල උවද, ලොව ප්‍රධාන නගර වල ප්‍රකාශ රසායනික දූමිකා තත්ත්ව නිතර ඇතිවේ.

ඉහත සදහන් කල ප්‍රධාන නගර වලට අමතරව, අනෙකුත් ප්‍රධාන නගර වල නගරාධිපතිවරුන්ද ඩිසල් වාහන තහනම් කිරිම පිලිබදව සලකා බලමින් සිටියි.

2025 වසර වනවිට ලන්ඩන් නුවර ඩිසල් වාහන තහනම ක්‍රියාත්මක කරන බව, ලන්ඩන් නගරාධිපති එස්.ඛාන් මහතා ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment