Monday, December 5, 2016

​සියුමැලි දෑතට ගිණි අවි ලැබුනාම......

දෙවැනි ලෝක යුද්ධය කියන්නේ අති බිහිසුනු යුද්ධයක්. 
ඒ වගේ තැනක කාන්තාවකට සටන් වදින්න පුලුවන් ද? 
දෙවනි ලෝක යුද සමයේ සිටි දක්ෂ ස්නයිපර්කාරියක් ගැනයි මේ ලිපිය.






වර්තමානයේ යුක්රේනයට අයත් ගම් ප්‍රදේශයකදි ‘‘ලියුද්මිලා පව්ලිචෙන්කෝ‘‘ උපත ලැබුවේ පලමු ලෝක යුද සමයේදිය. වයස දාහතරක් වන විට, පවුල සමග ඇය කිව් වෙත වාසස්ථානය මාරු කරන ලදි. එහිදි ඇය වෙඩික්කරුවන්ගේ සමාජයකට එක්ව, වෙඩිතැබිම පුහුනු වනවා. එමෙන්ම ඇය කිව් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබදව ගෞරව උපාධිධාරිනියක්.



 වර්ෂ 1941 දි ජර්මනිය විසින්  සෝවියට් රුසියාව ආක්‍රමණය කිරිමත් සමග,ලියුද්මිලා හට තම රට වෙනුවෙන් සටන් වැදිමට අවැසි වුනා. හෙදියක් වීමට තිබු අවස්ථාව පසෙක දමා ඇය සෝවියට් හමුදාවට එක්වන්නේ, එවකට ස්වෙච්චාවෙන් ඉදිරිපත්වූ පලමු කණ්ඩායමේ සාමාජිකාවක් වෙමින්. 



ඇය SVT-40 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින්, තම සතුරු දඩයම ආරම්භ කරනවා.  යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ  මාස 2 ක් පමණ රහසේ රැදි සිටිමින්, සතුරන් 187 දෙනකු මරා දැමිමට ඇය සමත් වෙනවා. සෙවෙස්ටපෝල් සටනේදි ඇය දැක්වූ දායකත්වය කැපිපෙනෙනවා.

ඇය විසින් සතුරු ස්නයිපර් කරුවන් 36 දෙනෙකුද සමගින්, මුලු සතුරන් 309 දෙනෙකු මරා දමා තිබුනා. 

ඇමරිකානු සංචාරය අතරතුර 

ඇගේ දක්ෂතා නිසා, නිරායාසයෙන්ම යුධ සංකේතයක් බවට පත්වූවා. ඇගේ ජනප්‍රියතාව නිසාම ඇමරිකාවේ හා කැනඩාවේ සංචාරයක් සදහාද අවසර ලැබුනා. ඇමරිකානු ජනාධිපති ධවල මන්දිරයේදි මුනගැසුනු පලමු සෝවියට් පුරවැසියා වන්නේද ඇයයි. 

යුද්ධය අාරම්භ වන විට 2000 කට ආසන්න කාන්තා ස්නයිපර්වරියන් රතු හමුදාව සතුව සිටියත්, ඒ අතරින් දිවි බේරාගැනිමට සමත් වෙන්නේ 500 ආසන්න පිරිසක් පමණයි. සෝවියට් හමුදාවේ සිටි දක්ෂතම ස්නයිපර් වරිය වන්නේද ලියුද්මිලා යි.  

ඇය ගැන ලියූ ග්‍රන්ථයක්


ඇය ජනයා අතර ප්‍රකටව සිටියේ "Lady Death" යන පබැදි නාමයේනුයි.



යුද්ධයේදි දැක්වූ දක්ෂතාව හේතුවෙන් Hero of the Soviet Union පදක්කමෙන් පිදුම් ලබනවා.

-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment