Monday, December 19, 2016

හිට්ලර් ගේ තිඹිරිගෙය රජයට පවරාගනි.

ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස ඔස්ට්‍රියානු රජයට පවරාගැනිමට තීරණය කර අැත.




ක්‍රි.ව 1889 අප්‍රේල් 20 වැනි දින ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයේ (වර්තමාන ඔස්ට්‍රියාවේ) බෘනායු-ආම්-ඉන් නගරයේ පිහිටි නිවෙසක හිට්ලර් උපත ලැබිය. එවකට එම නිවස කුලී නිවස්නයක් විය.

තට්ටු 3 කින් සමන්විත මෙම නිවස, නාසි පාලන සමය තුල දේවස්ථානයක් බවට පත්විය. නාසි බලය පිරිහිමත් සමග එය වසා දැමීය. පසුකාලිනව මෙම නිවස තුල දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් හා පූන්‍යායතනයක් පවත්වාගෙන ගියත්, වත්මන් හිමිකාරියගේ බලපැම් මත එයද ඉවත්කෙරිනි.

වත්මන් හිමිකාරිය වන ගර්ලින් පෝමර්, මෙම නිවසේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සදහා ඉඩ ලබා දි නැත. එමෙන්ම නිවස හිස්ව තැබිම වෙනුවෙන් ඔස්ට්‍රියානු රජය පෝමර් හට මාසිකව යුරෝ 3800ක් පමණ ගෙවා ඇති බවද සදහන් වේ.  නාසි හිතවාදින්ගේ මධ්‍යස්ථානයක් විම වැලක්විම, නිවස හිස්ව තැබිමේ අරමුණයි.

කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමෙන්තුවේදි සම්මත වූ නිති ප්‍රකාරව මෙම නිවස ඔස්ට්‍රියානු රජයට පවරාගැනිමට නියමිතයි. සමහර මන්ත්‍රිවරුන්ගේ මතය වි ඇත්තේ මෙම නිවස කඩාබිද දැමිය යුතු බවයි. එතිහාසික වටිනාකම සලකා නිවෙස සංරක්ෂණය කල යුත බව ඉතිහාසඥයින්ගේ මතය වි ඇත.



නිවස ඉදිරිපිට ගල් පුවරුවක මෙසේ සටහනක් ද යොදා ඇත.

‘For Peace,
 Freedom and Democracy.
 Never Again Fascism.
 Millions of Dead Remind Us.’

No comments:

Post a Comment