Tuesday, December 20, 2016

මාරක අනතුරු වලින් දිවි බේරන Rolling Barrier

දිනපතා සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ ජීවිත අහිමිවනවා මෙන්ම සිය ගනනක් දෙනාගේ ජිවිත අදුරු වෙනවා. 
මෙයට යම්තාක් දුරකට හෝ පිලියම් සෙවිමේ අරමුණින් කොරියානු සමාගමක් විසින් නව නිපැයුමක් හදුන්වා දි තිබෙනවා


ඒ තමයි
Rolling barrier




ඔයාලා දැකලා ඇති විවිධ අවස්ථාවල රථවාහාන මාර්ගයෙන් පිට පැනලා විවිධ තැන්වන ගැටිලා සිදුවන මාරක අනතුරු. එම අනතුරේ බයානකකම අඩුකරන්න Rolling barrier උපකාරි කරගන්න පුලුවන්.



Rolling barrier යෙදිම  මගින් රිය අනතුරකදි රියදුරාට හා මගින්ට මාරක තුවාල ඇතිවිම වලක්වනවා. Rolling barrier මගින් ගැටුමකදි ඇතිවන කම්පනය  අවශෝෂණය කරමින්, නැවත ගම්‍යතාව රථය වෙත හුවමාරු විම අවම කරනවා.  



නිතරම රිය අනතුරු සිදුවන ස්ථාන වලට මෙම Rolling barrier පහසුවෙන්ම යෙදිම සිදුකල හැකියි. මෙම Rolling barrier වල ගැටෙන රථවාහන සම්පුර්ණයෙම් නවතා ගැනිමට හැකියාව පවතිනවා.  එමෙන්ම රියදුරන්ට පහසුවෙන් හදුනාගත හැකි වන ලෙස දීප්තිමත් වර්ණ ගැන්විමක්ද සිදුකර තිබෙනවා. 

පරික්ෂකයන් පවසන අන්දමට පැයට කිලෝමිටර් 80 - 100 ක වේගයෙන් පැමිණෙන රථවාහන වුද  Rolling barrier මගින් නැවැත්විමේ හැකියාව පවතිනවා. 

පහල රුපරාමු වලින් Rolling barrier පරික්ෂණ බලාගන්න පුලුවන්.





අපි බලාපොරොත්තු වෙමු අපේ රටේ රිය අනතුරු අවම කිරිමට, ඉක්මනින්ම මෙවැනි උපාය මාර්ග භාවිතා කරාවි කියලා.




No comments:

Post a Comment